විවාහය ගැන කියන කාම ත්‍රිෙකා්ණය

මැයි 19, 2023

ඡ්‍යොතිෂයේ කාම ත්‍රිකෝණය කිව්වාම ඔබට කිසියම් සිතුවිල්ලක් පහළ වුණා නේද?. ඔබ හිතුවා තරමක් නිවැරැදියි. ඒත් සම්පූර්ණයෙන්ම නොවේ. කාමය මනුෂ්‍ය වර්ගයාට සතා සිවුපාවාට නැතුවම බැරි එකක්. සතා සිවුපාවා නම් ඌට සරිලන අය ඉවෙන් තෝරා ගන්නවා. මනුෂ්‍යයාට ඒ දැනීම නැහැ. එම නිසා බොහෝ අසරණ වනවා. සමහර මිනිසුන් කාමය සංසිඳවා ගන්න මුදල් සහ බලය පාවිච්චි කර දෙපාර්ශ්වයම කරදරයට පත්වනවා.

සිප්සතර හමාර කර නිසි වයසට ආවාම තමන්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීම සාමාන්‍ය දෙයක්. එය ස්වකීය වර්ගයා බෝ කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කරන දෙයක්. සත්ත්වයාට ඒ චේතනාව නැහැ. අවස්ථානුකූලව තාවකාලික කාමාශාව සංසිඳවා ගැනීමට පමණයි සතාට අවශ්‍ය. මනුෂ්‍යයාට එහෙම බැහැ. මරණයට පත්වන තෙක් එක් අයෙක් සමඟ පමණක් තම වර්ගයා බෝ කරමින් ජීවත් වීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. එසේ නම් සතුට, සමාදානය, දියුණුව වැනි දේවල් බලාපොරොත්තු විය යුතුමයි.

අද දින සහකාරිය සහකරු හෙට දිනයේ මව හා පියා වශයෙන් වගකීම කළ යුතු වනවා. එය ස්වකීය ජීවිතය වනවා. මෙවැනි සුබ කරුණු ලබාගැනීමට නම් සුදුසු විවාහයක් කරගත යුතුම වනවා. විවාහයක් හිමිද? දිගු කලක් පවතීවිද? විවාහයෙන් පසු වාසනාවන්ත දරුවො ලැබේවිද? කොහොමද මේවා දැන ගන්නේ.

ඔබ පසුතැවිලි විය යුතු නැහැ. මේ ඔක්කොම ඔබේ නිවැරැදි ග්‍රහචාරය සඳහන් කර තිබෙන කේන්දරයේ තිබෙනවා. එහෙම නිවැරැදි කේන්දරයක් තිබිලත් විවාහය වැරදුණේ ඇයි. ඡ්‍යොතිර්වේදියාට වැරදුණා වත් ද? නොදන්නාකම වත් ද? මෙවැනි කරුණු රාශියක් ගැන අද දැන ගනිමු. සුදුසු වයසට එළැඹුණාම විවාහය ගැන පරීක්ෂා කරවා ගන්ට ඡ්‍යොතිර්වේදියා ළඟට යනවා. සාමාන්‍යයෙන් විවාහය ගැන බලන්නෙ 7 වැනි රාශිය විවාහක ස්ථානය පරීක්ෂා කරලා. ඒක ඇතිද? විවාහය වඩා පී‍්‍රතිමත්වන්ට මුදල් ඕනෑ. එහෙනම් 2වැනි රාශියත් බැලුවා. ඔබ දැනගෙන හිටියද 2 හා 7 රාශි වෙන වෙනම ගත්තොත් යහපත හා සුබ වගේම, 2 හා 7 එකතු වුණොත් මරණය කියලා. මේවා දැන ගන්න ඕනෑ. දක්ෂ ඡ්‍යොතිර්වේදියාට ඇස් තුනක් තිබෙනවා. ඊශ්වරයා තුන්වැනි ඇසින් බලලා යමක් අළු කරනවා හෝ විනාශ කරනවලු.

ඡ්‍යොතිර්වේදියා තුන්වැනි ඇසින් බලලා අලුත් දෙයක් කියනවා. නැත්නම් හොයා ගන්නවා. විවාහය, කාමය කියන කොටම චන්ද්‍රයා නැත්නම් සඳු අමතක කරන්නට බැහැ. අපට සාමාන්‍ය අසනීපයක් හැදුණාම පවුලේ වෛද්‍යවරයාව හමුවුණාට ඉන් අසනීපය සුව නොවුණොත් විශේෂඥවරයාව හමුවන්නට වනවා. විවාහය ප්‍රමාද නම් කවදද හරියන්නේ කොහොම එකක් ද කොයි දිසාවෙන්ද කරුණු රාශියක් බලාගන්ට ඕනෑ. එහෙනම් කාම ත්‍රිකෝණය පරීක්ෂා කරගන්න.

ඕනෑම කේන්දරයක එළියට නොඑන කරුණු මේ ත්‍රිකෝණයෙන් එළියට එනවා. ඒ විවාහය ගැනයි. ඕනෑම කේන්දරයක තුන්වැනි රාශිය, 7 වැනි රාශිය, 11 වැනි රාශිය එනම් 3, 7, 11 එකතු කරන්න. එතකොට යම්කිසි ත්‍රිකෝණයක් හැදේවි. ඔන්න ඔය ත්‍රිකෝණයට තමයි කාම ත්‍රිකෝණය කියන්නේ. ඕනෑම විවාහයක බලවත්තු තමයි. චන්ද්‍රයා, සිකුරා, අඟහරුවා, චන්ද්‍රයා සතුට දෙනවා. සිකුරා කාමය දෙනවා, අඟහරුවා ඉක්මන් කරනවා.

අනිත් පැත්තත් ඔච්චරයි. දැන් ඔබට ටිකක් අවබෝධ වුණා නේද? ආධුනික ඡ්‍යොතිර්වේදීන් දැන් මේවා වැරැදි විදියට පාවිච්චි කරල හොඳට තිබුණ විවාහ කඩල දමන්න එපා. දක්ෂ ඡ්‍යොතිර්වේදියා සානුකම්පිතව ධනාත්මකව හිතන්න ඕනෑ. නරක ග්‍රහ චාරයක් පිහිටලා නම් ඒකට සුදුසු පිළියම් කරන්නත් ඕනෑ.

මුදල් අරගෙන හෝ නිවැරැදිව ඒක කර දුන්නොත් මහඟු පිනක්. අපේ ඉදිරිය ගැන විශ්වාසය කරනව මිස අපට එය පෙනෙන්නේ නැහැ. රාශිවලින් 3, 7, 11 එකට පරීක්ෂා කළාම විවාහය ගැනම විතරක් හරියට කියන්න පුළුවන්. හැබැයි එකට ගන්න ඕනෑ. වෙන වෙනම බැහැ හොඳේ. මට හිතෙන්නෙ ජන්මියකුගේ කේන්දරයේ එක එක අයුරින් ග්‍රහයෝ ඒ ඒ තැන්වල පිහිටන්නෙ ඔහු හෝ ඇය කරන ලද කුසල හෝ අකුසල මහිමය උඩයි කියලා. එමනිසා අපි හැකි හැම විටම කුසල කර්ම කරන්න ඕනෑ. ලොකුම කුසලය තමයි අකුසලයෙන් ඈත් වෙන එක. සම්පූර්ණ විවාහයකට කාම ත්‍රිකෝණය පරීක්ෂාකළාමත් ඇති කියලා හිතන්න එපා. අපි දන්නවනේ ඡ්‍යොතිෂයේ පලාපල කියනකොට හරියට මැණික් ගලක වටිනාකම කරකව කරකවා බලනව වගේ ඡ්‍යොතිෂයේ හැම කරුණක්ම එහාට මෙහාට දාලා බලන්න ඕනෑ. විවාහක ස්ථානය ගැන. ඒකෙ අයිතිකාරයාගේ හැටි. කාම ත්‍රිකෝණය හා ඒවායේ භාවාධිපතින්ගේ තත්ත්වය ඔන්න ඔය වගේ කරුණු කාරණා විස්තරාත්මකව බලන්න ඕනෑ. විවාහය කළාට මදි හොඳ දරු සම්පතක් උරුමද පිරිමි දරුවොද වැඩි ගැහැනු දරුවොද? ඔය වගේ කරුණු රැසක් බලන්න ඕනෑ. එනිසයි මම කිව්වේ කේන්දරයක සම්පූර්ණ පලාපලයක් ඔය පින්තූර පෙට්ටියේ කියනව වගේ විනාඩි 2න් 3න් කියන්න බැහැ කියලා.

පරිගණකයෙන් කේන්දරය හදන්නෙ ඔබ ඡ්‍යොතිර්වේදියාට දෙන වේලාව මතයි. ඒ වේලාව ටිකකින් හරි වැරදුණොත් ඉතින් ග්‍රහ පිහිටීමත් වැරැදියි. ඒක සාමාන්‍ය අයකුට වුණත් වැටහෙන බව දන්නවනේ. ළමයෙක් උපදින කොට මෙලොව එළිය දුටු වෙලාව නිවැරැදි වන්නම ඕනෑ. ඉපදිලා මෙලොව එළිය නොදුටුවා නම් ඒ වෙලාව වැරදියි. ඒ ගැනත් ඔබ ටිකක් විපරම් කරල ඉන්න ඕනෑ. මොකද දරුව ඔබේ නිසා. සමහර අය උත්සාහ කරනව වෙලාව දීලා බබාව කෘත්‍රිම ක්‍රමයෙන් ගන්න. ඒක හරියන්නෙ නැහැ. ඔය අය ඒ මෝඩ වැඩේ කරන්න එපා. අපි උපදින්නෙත් මැරෙන්නෙත් අපි පතාගෙන ආ විදියටමයි. හොඳ වෙලාවක් බලලා ඒ වෙලාවට බබා ගන්න කියල ඔය පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන්ට කියන්න එපා. ඒ අයට ගන්නත් බැහැ. ගත්තත් විකෘති දරු උපත් ලැබේවි. කුසලයට වඩා අකුසලය බරපතළයි. කොසොල් රජ්ජුරුවො කොච්චර බුදු පාද පත්ම පිරිමැද්දත් ටිකකට හරි නරක ලෝකයේ ඉපදුණේ එනිසා.

විවාහය පරීක්ෂා කරනකොට එහි කිසියම් අඩුවක් නැත්නම් ඝෘණාත්මක පැත්තක් දුටුවොත් ඒ ගැනම හිතන්න එපා. ඒක කැපෙන්න යහපත් දෘෂ්ටි තිබෙනවද බලන්න. එහෙම තිබුණොත් අර අඩුව මැකේවි. අනික මුලදි ජන්ම පත්‍රය හදන කොට කේන්දරය ශුද්ධ කර ගන්න. එතකොටයි නියම ග්‍රහචාරය ලැබෙන්නෙ.

කේන්දරයක් හරියට ශුද්ධ කර ගත්තාම හතර කේන්දරය පාළු ජන්මපත්‍ර අහුවෙන්නෙ 4%යි. තව කරුණක් තමයි නැකැත් පොරොන්දම ජන්ම, විපත්, වඳ නැකතකට සීහුම් වුණා කියලා. ඒවා පරීක්ෂා නොකර ඉන්න එපා. බොහෝ දුරට මේ කාම ත්‍රිකෝණයෙන් ඒවා මඟහැර යනවා. විවාහයකට මේ කාම ත්‍රිකෝණය හරි බලවත් බව අද දැන ගන්න. කේන්දරයක ත්‍රිකෝණ 4යි. ඉන් ප්‍රධානම එක කාම ත්‍රිකෝණයයි.

විවාහය ගැන කාම ත්‍රිකෝණය සම්බන්ධ යමක් කියනකොට මේ ටිකත් මතකයේ තබාගන්න. ඔබේ පාර්ශ්වකරුගේ නැකැත ගුරුට අයිති නම් සහ එය පළමු පාදයේ නම් හෝ නැකැත ශනිට අයිතිව පාදය දෙවැන්න වූයේ නම් හෝ නැකැත සිකුරුට අයිතිව තුන්වැනි පාදයේ වූයේ නම් සහ නැකැත රවිට අයිතිව පළමු පාදයේ වූයේ නම් දරු සම්පත් අඩුයි. මේවා නටාංශක යෝග නම්වේ.

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර, ජ්‍යෝතීර්වේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.