මාරාන්තික අපල කල් තියාම කියන ඉන්දීය භිර්ගු නන්දන නාඩි සම්ප්‍රදාය

මාර්තු 1, 2024

ඉභිනනාසු සිද්ධාන්තයන්ට අනුව මෙතෙක් කරුණු සාකච්ඡා කර ඉදිරිපත් කරනු ලැබුවේ මීණාදී දක්ෂිණායන උප්පත්ති ජන්ම ග්‍රහ සටහනක් ඇසුරෙන් මනුෂ්‍යයාගේ දිවි ගමනේ ධනවේගාත්මක ක්‍රියාවන් කීපයක් හඳුනාගැනීමේ ක්‍රමවේද පිළිබඳවයි. නමුත් උපතේ සිට විපත දක්වා යම් යම් කටුක ගැටලුකාරි ස්වභාවයන්ටද මිනිසා නිතරම මුහුණ දෙනු ලබන්නේය. ඒ නිසා ඒවා කල්තියා හඳුනා ගත හොත් ඊට පෙර සූදානම් වීම සිදු කරගත හැකි වෙනවා.

සම්ප්‍රදායික ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අතිශය ගැඹුරු ගාම්භීර ශාස්ත්‍රයක් වන්නේය. මනුෂ්‍යයකුට තම ජීවිත කාලය පුරාවටම වුවත් මෙය හදාරා අවසන් කර ගත නොහැක. නමුත් ශාස්ත්‍රයේ පවතින වටිනාකම වන්නේ තම තම නැණ පමණින් අවබෝධ කර ගනු ලබන්නාවූ ප්‍රමාණයෙන් අතිශය ප්‍රබල ධනවේගාත්මක ප්‍රතිඵල අත්කර ගත හැකි වීමය. ශාස්ත්‍රඥයින් විසින් භාවිත කරනු ලබන දශා ක්‍රම අතුරින් පහත සඳහන් දශාවන් ගැන නම ඇසූ පමණින්ම ශාස්ත්‍රයේ පවතින තෙරක් නොපෙනෙන ගැඹුර පෙනෙනු ඇත.

විංශෝත්තරී දශා, ෂෝඩශෝත්තරී දශා ද්වාදශෝත්තරී දශා – අෂ්ටෝත්තරී දශා, පංචෝත්තරී දශා, ශතාබ්දික දශා, චතුරගීති දශා, විසපත්තිකා දශා, ෂෂ්ටි හායනී දශා, ෂඩ් විංශති දශා, නවමාංශ දශා, රාශ්‍යාංශක දශා, කාල දශා, කාලචක්‍ර දශා, චක්‍ර දශා, චර පර්ය්‍යා දශා නව මාංශ ස්ථර දශා, උත්තර චතුවිධ ප්‍රාණ දශා බ්‍රහ්ම ග්‍රහාශිත ෂෂ්ට්‍යාංත්‍යාබ්දිත දශා, කේන්ද්‍රාදී දශා, කාරක කේන්ද්‍ර දශා, කාරක ග්‍රහ දශා, මාණ්ඩුක දශා, ශූල දශා, යෝගාර්ධ දශා, දෘශ් දශා, ත්‍රිකෝණ දශා, නක්ෂත්‍ර රාශි දශා, සාරා දශා, වර්ණ දශා, වාරණ දශා, පංච ස්වර දශා, යෝගිනී දශා, පිණ්ඩ දශා, අංශ දශා, නෛසර්ගික දශා, අෂ්ටක වර්ග දශා, සංඛ්‍යා දශා, පාචක දශා, ආදිය පැවතුනත් ශ්‍රී ලාංකික උගත් බහුශ්‍රැත ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් බොහෝ දෙනකු එකී දශා ක්‍රම කීපයක් හෝ පරිශීලනය කරමින් භාවිතයේ යෙදවීම වත්මන් ලාංකිකයින් විසින් අත්දැකිය හැකි වීම මහත් භාග්‍යයක්ද වන්නේය.

කෙසේ වෙතත් එකී ශාස්ත්‍රඥයින් විසින් එකී කුමන හෝ එක් දශා ක්‍රමයක් භාවිත කළත් ඊට මහත් වෙහෙසක්, කාලයත්, ශ්‍රමයත්, යොදමින් දැරිය යුතු බව පෙනේ. ඡ්‍යොතිෂ ලෝලීන් ඉන්දීය භිර්ගු නන්දන ක්‍රමය හෝ හදාරමින් ඡ්‍යොතිෂයට පිවිස එවන් වූ ශ්‍රේෂ්ඨ ක්‍රමවේද අධ්‍යයනය කිරීමට පිවිසුනහොත් අපගේ මෙම ලිපි පෙළ මඟින් ගත් උත්සාහය සාර්ථක වෙනවාද ඇත.

ඉතින් මේ දක්වා ඉභිනනාසු මඟින් වේගාත්මක ස්වභාවය පෙන්වා දුන්නත් මෙම අටවන ලිපියෙන් මාරාන්තික අපල උදාවන කාලයන් කල්තියා පහසුවෙන් හඳුනා ගත හැකි ක්‍රම රාශියක් අතුරෙන් අතලොස්සක් පමණක් හඳුන්වා දෙමින් මාරකයන්ගෙන් ගැලවීමට උපක්‍රම යොදන ආකාරයද පෙන්වා දෙනු ඇත.

උප්පත්ති දින ජන්ම ග්‍රහ සටහනක ජීව බල ග්‍රහ ශක්තිය හිමි වන්නේ ගුරු ග්‍රහයාට බව 2024.02.23 වන දින පළමු හත්වන කොටසින් පෙන්වා දී ඇත. ඒ වගේම 2024.02.09 වැනිදා පළමු පස්වන කොටසේ අංක 18 දරන රූප සටහන මඟින් ග්‍රහයන්ගේ ගෝචරය සටහන් කර ගන්නා අයුරු දක්වා ඇත. උපතින් පසුව යම් යම් කාලයන්වලදී මුහුණ දෙන භයානක මාරක විපත්ති පවා මෙම ක්‍රමය අනුගමනය කරමින් ඉහත දැක්වූ දශා ක්‍රම ඔස්සේ මහත් පරිශ්‍රමයක් දරා යන්නා සේ නොගොස් ඉභිනනාසු මඟින් සැනෙකින් ප්‍රකාශ කළ හැකිය. ඒ සඳහා ඔබගේ පහසුව සඳහා එක පිහිටීමක් පමණක් උදාහරණ ලෙස ගෙන ඉභිනනාසු විචාරකයකු වීම සඳහා මග පාදා ගැනීමට ඉඟියක් ලබා දෙනු ඇත. අංක 34 දරන රූපසටහන අධ්‍යයනය කරන්න. ඡ්‍යොතිෂ පලාපල විචාර ඉභිනනාසු ද්විත්ව මීනාදී ග්‍රහ සටහන් කුණ්ඩලියක් එහි දක්වා ඇත.

අංක 34 දරන රූප සටහනට අනුව

ගෝචරයෙන් ශනි – ගුරු රාහු වැනි ග්‍රහයින් කෙනෙකුගේ උත්පත්ති ග්‍රහ සටහනෙහි, කුජ, ශනි, ගුරු, රාහු , කේතු යන ග්‍රහයෙකු මතට පැමිණීමක් හෝ දෘෂ්ටි ලබා දී ගැනීමක් හොී සිදුවුණි. නම් ජන්මියාට නීති කරදර, නඩුහබ , රැකියා බාධක අවහිර වාගේම ජීවිතයෙන් සමු ගැනීම ආදිය දක්වාම විපත්ති ගෙන දෙනවා ඇත. ඉභිනනාසු මතින් එකී අනාවැකි කීම හැකියාවක් මෙන්ම ඉන් ගැලවීම පිණිස යොදාගත හැකි පිළියම් ද දැක්වෙයි.

අංක 34 දරන රූපසටහන බලන්න. එහි උපත 1924.02.21 වෙනි දින වන්නේය. මෙය සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාවේගේය. මොහු 1980 සිට 1987 දක්වා අගමැතිවරයා ලෙසද 1987 සිට 2017.11.21 දක්වා සිම්බාබ්වේ රාජ්‍යයට නායකත්වය දුන්නේය.

නමුත් ඉභිනනාසු න්‍යායාත්මක සිද්ධාන්තයන්ට අනුව ඔහුගේ උත්පත්ති ග්‍රහ සටහනෙහි පහත සඳහන් ගෝචර ශක්තීන් 2017.11.21 වෙනි දිනට සර්ව සම්පූර්ණ වී ගියේය. එහි ප්‍රතිඵලය වූයේ රට පුරා ජනතා විරෝධී නැගිටීමක් ක්‍රියාත්මක වී මොහුව බලයෙන් පහකර එමර්සන් මනන්ගාවා නමැති සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා විසින් රටේ ජනපති ධූරය අල්ලා ගනු ලැබුවේය. ඊට අනාවැකි කිව හැකි භිර්ගු සිද්ධාන්ත පහත සඳහන් පරිදි වන්නේය.

1) රැකියා කාරක සෙනසුරු උත්පත්ති ග්‍රහ චක්‍ර වලල්ලේ තුලාවේ තැන්පත්ව උපත සිදුවූයේ 1924.02.21 දිනයේදීය. 2017.11.21 එම දිනය වන විට ගුරු ග්‍රහයා එකී උත්පත්ති ශනි මතින් ගමන් කරමින් රැකියා පීඩාව ආරම්භ කොට තිබිණි.

2) ඊට අනුබල දෙමින් රැකියා කාරක ගෝචර ශනිගේ දෘෂ්ඨිය උත්පත්ති කේතුට එල්ල වී තිබිණ.

3) එමෙන්ම උත්පත්ති කේතුට ගුරුගේ දෘෂ්ඨියද එල්ල වී තිබිණ.

4) තවද උත්පත්ති රාහුගේ දෘෂ්ඨිය එල්ල වන ධනු වෙහි ගෝචර ශනි ග්‍රහයා තැන්පත්ව සිටියේය.

5) ඒ වාගේම උත්පත්ති කුජට ගෝචර රාහුගේ දෘෂ්ටිය එල්ල වී තිබිණ.

ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත සනාථ කරමින් රොබට් මුගාවේගේ ජනාධිපතිවරයාට තනතුරෙන් සමු ගන්නට සිදු වෙයි.

අංක 35 දරන රූප සටහනින් දක්වා ඇත්තේ 1899.01.08 දින උපත ලැබූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ජන්ම දින ග්‍රහ සටහනයි. එහි ද්විත්ව රේඛාවන්ගෙන් ඇතුළත උත්පත්ති දින ග්‍රහ කුණ්ඩලිය දැක්වේ. ද්විත්ව රේඛාවන්ගෙන් බාහිරව සාහසිකයකුගේ වෙඩි පහරින් දිවි තොරවූ 1959.09.26 වෙනි දින ගෝචර ග්‍රහ සටහන් කුණ්ඩලිය දැක්වෙයි. මේ අනුව ඉභිනනාසු සූත්‍රම්වලට අදාළව එවැනි අනතුරකට මුහුණ දිය හැකි දත්ත විද්‍යාමාන වන අයුරු නිරීක්ෂණය කරන්න.

1) ගෝචර උත්පත්ති රාහු මතින් ගෝචර ශනි ග්‍රහයා ගමන් කරමින් කේතුගේ දෘෂ්ටි සම්බන්ධය ලැබුවේය.

2)උත්පත්ති සඳු මතින් ගෝචර ගුරු ග්‍රහයා ගමන් කිරීම අරඹා තිබීම යි.

3) උත්පත්ති ශනි ග්‍රහයා මතින් ගෝචර ගුරුගේ ගමන් කිරීම ක්‍රියාත්මක වී තිබිණ. එහි පිහිටීම ප්‍රබල මාරක විපත්ති රැකියා කටයුතු මෙන්ම ජීවන ගමන සම්බන්ධයෙන් මතු කරන බව ඉභිනනාසු පවසයි.

4) එකී උත්පත්ති ශනිට ගෝචර රවිගේ දෘෂ්ටිය එල්ල වීම නිසාද උත්පත්ති රාහු – රවිට කුජගේ දෘෂ්ටිය එල්ල වීම නිසාද මාරකය වළක්වාලීමට පෙර සූදානම් පිළිවෙතක් හෝ සිදු කිරීමට අවස්ථාව ලබා නොදී ඇත.

අංක 36 දරන රූපසටහන

1916.04.17 වෙනි දින උපත ලැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජන්ම දින ග්‍රහ සටහන අංක 36 දරන රූප සටහනෙහි අහ්‍යන්තරයෙහි දක්වා ඇත. එහි මිථුනයේ ශනිද කටකයේ කුජද, මේෂයේ රවිද තැන්පත් විය. එතුමිය 1977.06.21 වෙනිදා දේශපාලනික වශයෙන් අන්ත පරජයකට මුහුණ දුන්නාය. එකී පරාජය කියාපාන අයුරු ඉභිනනාසු පෙන්වා දෙයි.

1) සේනාධිනායක උත්පත්ති කුජයා මතින් සෙනසුරු ගමන් කරයි. මෙවැනි කාලයකදී ජන්මියාගේ තනතුරු තානාන්තරද නැතිකර දමයි. සමහර විට ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදු වෙයි. පිහිටීම පෙන්වන රාශිය බලා පිළිවෙත් මාලාවක් දියත් කිරීමෙන් ජීවිතයවත් රැකගත හැකි වනු ඇත.

2) උත්පත්ති රැකියා කාරක සෙනසුරු මතින් ගෝචර ගුරු සම්ප්‍රාප්තිය සිදුවූ කාලයක් වෙයි. ඒකාන්ත වශයෙන්ම රැකියා පීඩාව ගෙන දෙන්නේය.

3) රාජ්‍ය කාරක රවි ග්‍රහයා මතින් ගෝචර රාහු ක්‍රියාත්මක විය.

සියලු ග්‍රහ පීඩාකාරි තත්වය කියාදුන් පරිදි රැකියාව තනතුරු තානාන්තර සියල්ල අහිමි කරගෙන පසුතැවිල්ල පමණක් ඉතිරි කර දුන්නේය.

මෙතෙක් සිදු කරන ලද ඉභිනනාසු විග්‍රහයන් යටතේ දැන් ඔබට ඡ්‍යොතිෂ විචාරයක් ගෙන එමින් මාරක අපල විපත්ති පවතින ජීවින් හඳුනාගත හැකිය.

අංක 37 දරන රූපසටහන

අංක 37 දරන ග්‍රහ ගෝචර කුණ්ඩලිය නිරීක්ෂණය කරන්න. විවිධ ජන්ම පත්‍ර රැගෙන භිරුගු පලාපල පවසන්නට උත්සාහ කරන්න.

2023.01.17 වෙනිදා සෙනසුරු ග්‍රහයා කුම්භයට ප්‍රවිෂ්ඨ විය . 2025.03.29 දක්වා ශනි ග්‍රහයා එහි සැරිසරයි. ඔබ අතට පත්වූ කේන්ද්‍ර අතර ඔහු උපත ලැබූ කුජ ග්‍රහයා කුම්භයේ ලැගුම් ගෙන සිටියා දැයි බලන්න. එසේනම් මෙම කාල පරාසයේදී නීති කරදර, රැකියා අභිමිවීම, ආදිය පමණක් නොව මෙලොවින් සමුගැනීමට වුවද පුළුවන. කුම්භයට අදාළ පිළිවෙත් සපුරා ආරක්ෂා විය හැකිය.

ගුරු ග්‍රහයා 2023.04.22 සිට 2024.05.01 දක්වා මේෂයේ සැරිසරයි. එවිට ඔහුට සංවේදී ස්ථාන වන්නාවූ සිංහය, තුලාව, ධනුව යන ස්ථානයක උත්පත්ති දින ග්‍රහ සටහනෙහි ශනි, කුජ, රාහු යන පාපීන් සිටී නම් රැකියා තනතුරු බාධකද, නීති කරදර, හිරේ විලංගුවේ නැතිනම් අඩු කරමින් නිවාස අඩස්සි ගත වීම්ද දේපළ, ධනය, විනාශවීම්ද, කීර්තිනාම හානිද ගෙන දෙයි. අදාළ සංවේදී රාශි බලා පිළිවෙත් සහ ආරක්ෂාවන් සිදු කර ජීවිතයවත් රැක ගත යුතුයි. (මතු සම්බන්ධයි)

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.