සියලු අනතුරු වළක්වා ලන අන්තරාය නිවාරණ පිරිත

මාර්තු 22, 2024

සුබසෙත පින්වත් පාඨක ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන මේ පහත සදහන් උතුම් ‘අන්තරාය’ නිවාරණ පිරිත අදටත් බුරුම රටේ වැසියන් ඉතාමත් ගෞරවයෙන් නිති පතා භාවිත කර ආරක්ෂාව ලබාගන්නා අති උතුම් ආනුභාව සම්පන්න පිරිතකි.

කල්පකෝටිගණනකින් ලොව පහළ වන බුදු කෙනෙක් තුළ අසීමිත සසර පුරන ලද පාරමී බලයෙන් පහළ වන ආශ්චර්‍යමත් අත්භූත බල සතරට විපතක්-වැළැක්වීමක් හෝ අනතුරක් සිදුකිරීමට මේ තුන්ලෝකයේම කිසිවෙකුට නොහැකිය.

එය සත්‍යක්‍රියා කර සෙත් පැතීම සහ තමන්ට සෙත් ලබාගැනීම මේ උතුම් අන්තරාය නිවාරණ පිරිතේ ආනුභාවයයි අදවන විට අප රට තුළ අනතුරු බහුලව පවතී වාහන අනතුරු, වෙඩිතැබීම්, සොරසතුරු අනතුරු, ජීවිත විනාශ, උදේ නිවෙසින් පිටව සවස ආපසු නිවෙසට එනතුරු ජීවිතයේ කුමන අනතුරක් සිදුවේදැයි සිතීම පවා බිහිසුනුය.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ගෞරවයෙන් උදේ සවස මේ පිරිත භාවිත කර විපත් වළකා ගන්න. මෙය මුද්‍රණය කර වාහනවල අලවාගෙන ගමනක් පිටත්වන මොහොතේ සිහි කර යාම මහත් ආශිර්වාදයක් වන අතර මුද්‍රණය කර බෙදාදීමම උතුම් පින්කමකි.

අන්තරාය නිවාරණ පිරිත

1. බුද්ධානං ජිවිතස්ස න සක්කා කේනචි අන්තරායෝ කාතුං

2. බුද්ධානං ජබ්බණ්ණා රංසීනං න සක්කා කේනචි අන්තරායෝ කාතුං

3. බුද්ධානං ද්වත්තිංස මහා පුරිසලක්ණණානං න සක්කා කෙනචි අන්තරායෝ කාතුං

4. බුද්ධානං අභිහට චතුන්නං පච්චයානං න සක්කා කේනචි

අන්තරායො කාතුං ඉමේසං වතුනනං අච්ඡරියානං න සක්කා කෙනචි අන්තරායෝ කාතුං

5. එතේන සච්ච වජ්ජේන අන්තරායා අසේස තෝ

මාරාදයෝ විනස්සන්තු ජයසිද්ධි භවන්තු මෙ (තෙ)

තමන් හට කියන විට මෙ යන්නද, අන් අයට කියන විට තෙ යන්නද යොදා කියවන්න.

අන්තරාය නිවාරණ පිරිත සිංහල අනුවාදය

1. බුදුවරයන් වහන්සේලාගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය

2. බුදුවරයන් වහන්සේලාගේ සවණක් ඝන රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය.

3. බුදුවරයන් වහන්සේලාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය.

4. බුදුවරයන් වහන්සේලා වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය.

මේ කියන ලද සතර අද්භූත ධර්මයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය.

මේ සත්‍ය ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින් දුරුවේවා.!

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.