සතියේ පඤ්චාංගය

අප්‍රේල් 5, 2024

ශකවර්ෂ 1945ක් වූ මීන රවි 23 භාග මැදින් අව එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 29 භාග බක් පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – මීන

කුජ – කුම්භ

බුධ – මේෂ ( 09 දා රාත්‍රි 09.36 මීන)

ගුරු – මේෂ

ශුක්‍ර – මීන

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි – රේවතී

කුජ – සියාවස ( 10 දා උදේ 11.16 පුවපුටුප)

බුධ – අස්විද ( 09 දා රාත්‍රි 09.36 රේවතී)

ගුරු – බෙරණ

ශුක්‍ර – උත්‍රපුටුප

ශනි – සියාවස (අපේ‍්‍රල් 06 දා දහවල් 02.23 පුවපුටුප)

රාහු – රේවතී

කේතු – හත

යුරේනස් – කැති

නැප්චූන් – උත්‍රපුටුප

පෝය

අපේ‍්‍රල් 08 සඳුදා අලුයම 03.23න් අමාවක ලබා එදිනට රාත්‍රි 11.53න් ගෙවේ. 08 සඳුදා සිල්.

චන්ද්‍ර චාරය

05 දා උදේ 07.13 කුම්භ

07 දා උදේ 07.40 මීන

09 දා උදේ 07.34 මේෂ

11 දා උදේ 08.44 වෘෂභ

දිනූ තත්ත්වය

අපේ‍්‍රල් 05 සිකුරාදා

මීන රවි 23 භාග මැදින් අව එකොළොස්වක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.07 ඉර බැසීම 06.20 දෙනට නැකත සවස 06.05න් ගෙවී සියාවස නැකත ලබයි. මැදින් අව එකොළොස්වක තිථිය දහවල් 01.27න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය උදේ 09.54න් ගෙවී ශුභ යෝගය ලබයි. බවකරණය අලුයම 02.55න් ගෙවී බාලව කරණය ලබා එයද දහවල් 01.27න් ගෙවී කෞලවකරණය ලබා එදින රාත්‍රි 11.56න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – පතුල

අමෘත කලාව – ලිංග, යෝනි

මරු – ගිනිකොන

යෝගිනි – ගිනිකොන

සුබ දිසාව – දකුණ

අපේ‍්‍රල් 06 සෙනසුරාදා

මීන රවි 24 භාග මැදින් අව දොළොස්වක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.06 ඉර බැසීම 06.20 සියාවස නැකත සවස 03.39න් ගෙවී පුවපුටුප නැකත ලබයි. මැදින් අව දොළොස්වක තිථිය උදේ 10.19න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. ශුභ යෝගය උදේ 06.15න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. තෛතිලකරණය උදේ 10.19න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 08.38න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව – කෙණ්ඩ

අමෘත කලාව – දණහිස

මරු – නැඟෙනහිර

යෝගිනී – නිරිත

සුබ දිසාව – දකුණ

අපේ‍්‍රල් 07 ඉරිදා

මීන රවි 25 භාග මැදින් අව තෙළෙස්වක ගෙවී තුදුස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 06.06 ඉර බැසීම 06.19 පුවපුටුප නැකත දහවල් 12.59න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. මැදින් අව තෙලෙස්වක තිථිය උදේ 06.55න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය අලුයම 02.20න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබා එදින රාත්‍රි 10.18න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. වණිජ කරණය උදේ 06.55 න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 05.09න් ගෙවී ශකුණකරණය උදාව පවතී.

විෂ කලාව– දණහිස, ලිංග/ යෝනි

අමෘත කලාව – කෙණ්ඩ /ගෙල

මරු – උතුර

යෝගිනී – දකුණ /බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

අපේ‍්‍රල් 08 සඳුදා

මීන රවි 26 භාග මැදින් අමාවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.06 ඉර බැසීම 06.19 උත්‍රපුටුප නැකත උදේ 10.15 ගෙවී රේවතී නැකත ලබයි. මැදින් අව තුදුස්වක තිථිය අලුයම 03.23න් ගෙවී අමාවක තිථිය ලබා එදින රාත්‍රි 11.53න් ගෙවී බක්පුර පෑලවිය තිථිය උදා වෙයි. මහේන්ද්‍ර යෝගය සවස 06.16න් ගෙවී වෛධෘති යෝගය ලබා පවතී. ශකුණකරණය අලුයම 03.23න් ගෙවී චතුෂ්පාදකරණය ලබා එය දහවල් 01.38න් ගෙවී නාගකරණය උදා වී එදින රාත්‍රි 11.53න් ගෙවී කිංස්තුංගකරණය උදාව පවතී.

විෂ කලාව – පෙකණිය

අමෘත කලාව – මාපටැඟිලි

මරු – වයඹ යෝගිනී – ඊසාන

සුබ දිසාව – උතුර

අපේ‍්‍රල් 09 අඟහරුවාදා

මීන රවි 27 භාග මැදින් බක් පුර පෑලවිය තිථිය ලත් කුජ දින, ඉර උදාව 06.05 ඉර බැසීම 06.19 රේවතී නැකත උදේ 07.34න් ගෙවී අස්විද නැකත ලබයි. බක් පුර පෑලවිය තිථිය රාත්‍රි 08.36න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. වෛධෘති යෝගය දහවල් 02.22න් ගෙවී විශ්කම්භ යෝගය ලබා පවතී. කිංස්තුංගකරණය දහවල් 10.12න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 08.36න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව – ළැම

අමෘත කලාව – මාපටැඟිලි

මරු – බටහිර

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – උතුර

අපේ‍්‍රල් 10 බදාදා

මීන රවි 28 භාග බක් පුර තියවක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.19 අස්විද නැකත අලුයම 05.08න් ගෙවී බෙරණ නැකත ලබයි. බක් පුර දියවක තිථිය සවස 05.39න් ගෙවී පුර තියවක තිථිය ලබයි. විශ්කම්භ යෝගය උදේ 10.41න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. බාලවකරණය උදේ 07.01න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 05.39න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – තනය

මරු – නිරිත යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

අපේ‍්‍රල් 11 බ්‍රහස්පතින්දා

මීන රවි 29 භාග බක් පුර තියවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.19 බෙරණ නැකත අලුයම 03.08න් ගෙවී කැති නැකත ලබයි. බක් පුර තියවක තිථිය සවස 03.10න් ගෙවී පුර ජලවක තිථිය ලබා පවතී. පී‍්‍රති යෝගය උදේ 07.21න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 04.16න් ගෙවී ගරජකරණය ලබා එය සවස 03.10න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – කෙණ්ඩ

මරු – දකුණ

යෝගිනි – ගිනිකොන

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.