සැනසිල්ලේ ඉන්න වාස්තු දෝෂ නැති නිවෙසක් සැලසුම් කරමු

නොවැම්බර් 3, 2023

ඍෂි භාෂිතයක්ව පැරණි පුරාතන වාස්තු ශාස්ත්‍රය විසින් ගොඩනඟා ඇති වාස්තු නිර්දේශයන් අදත් භාවිතයේ පවතී. ඒවාට හේතු දැක්වීම ඍෂි ආචාර්ය භවතුන් වැර වෑයම් කළ බවක් නොපෙනේ. ඒ අතරත් විවිධ සම්ප්‍රදායයන් ගොඩනැඟී තිබුණද පොදු භාවිතයක් ලෙස පුරාතන සමාජයේ ස්ථාවරව පළකෙරිණි.

 

වාස්තු විද්‍යාවේ පියා මෙන් සලකන විශ්වකර්මයන් සේම මෙයද සුවිශේෂ වන්නේද මේ අනුවය. කෙසේ හෝ අපේ රටේ භාරතයේ භාවිත නොවන වාස්තු සිද්ධාන්ත රැසක් භාවිතයට පැමිණ තිබීමද ඒ අතර සුවිශේෂත්වයකි.

පුරාතන වාස්තු ශාස්ත්‍රයේදී උතුර, නැඟෙනහිර, දකුණ හා බස්නාහිර වශයෙන් ප්‍රධාන දිශා හතරක් හා ඊශාන, ගිනිකොන, නිරිත හා වයඹ වශයෙන් අනු දිශා හතරක් භාවිතයට ගනු ලැබේ. මෙකී අනු දිශාවන් හතර සමඟ චතුර් මහා භූත සම්බන්ධ කර තිබේ. ඒ අනුව ඊශාන දිශාවට වැගිරෙන ගුණය සහිත ආපෝ භූතයත්, උණුසුම ශීත දනවන තේජෝ ගුණය ගිනිකොනටත්, තද බව දැක්වීම හෙවත් පඨවි ගුණය නිරිතටත් චලනය වන, හමා යන ගුණය හෙවත් වායෝ භූතය වයඹටත් අදාළ කොට දක්වා තිබේ.

මේ අනුව ළිං කැපීම වැනි ආපෝ ගුණයට අදාළ දේ ඊශානයට ගැළපීමත්, උණුසුම් ගුණය දනවන ළිප හෝ එය ඇතුළත් මුළුතැන්ගෙය ගිනිකොනටත් තද බව හඟවන දේ නිරිතටත්, අමුත්තන්ගේ කාමර හෝ වැසිකිළි ආදි ඉවත් කළ යුතු දේ වයඹටත් පිහිටුවීමෙන් නිවෙසේ ගෘහ අංග දිශාගත කිරීම සිදු වන බව පෙනේ. ඒ අනුව පුරාතන වාස්තු ශාස්ත්‍රය මෙසේ ගෘහාංග දිශාගත කිරීමට ප්‍රධාන කොට ගෙන ඇති බව පෙනේ.

එහිදී ගෘහ අංග හෙවත් නිවෙසේ කොටස් ඒ ඒ දිශාවනට ගෙන පිහිටුවීමට තවත් ඉඟි සපයන “වාස්තු පුරුෂයා” නම් රූපයෙන්ද දක්නට ලැබේ. මෙය ඊශානයට ද වැද සිටින පාද නිරිතේ පිහිටුවාගත් ආකාරයේ දැවැන්ත රූපයක් ලෙස භාවිතයට පැමිණ තිබේ. මේ රූපයෙන් මධ්‍යයේ පිහිටි බ්‍රහ්ම බිංදුව නම් ප්‍රක්‍ෂයත් එය ආසන්නයේ වන එවැනිම වැදගත්කමක් දක්වා ඇති “මර්මස්ථාන” නම් තැන් ගණනාවක්ද පුරාතනයේ භාවිතයේ පැවතිණි.

කාලයත් සමඟ නව දැනුම් පද්ධතියක් ලෙස බටහිර විද්‍යාවේ බිහිවීම වාස්තු ශාස්ත්‍රයද විද්‍යාවක් ලෙස නව ආකාර ගත් බව පෙනේ. ඒ අනුව 1911/12 සමයේදී වික්ටර් හස් නම් බටහිර විද්‍යාඥයා විසින් අන්තරීක්ෂ ශක්තිය නම් නව සංකල්පයක් ගොඩනඟන ලදි. එය තවදුරටත් බටහිර භෞතික විද්‍යාව සමඟ වැඩෙමින් වර්තමානයේ නව විෂයයක් මට්ටමට නූතන වාස්තු විද්‍යාව ගොඩනැඟී තිබේ.

අවකාශයේ පැතිරී ඇති ශක්ති වලාවක් ඇතුළත පෘථිවියේ භ්‍රමණ – පරිභ්‍රමණ ක්‍රියාවලි විය. ඊශානයෙන් සාර්ථක වශයෙන් නිවෙසට අන්තරීක්ෂ (ඛ්ධඵථඪජ) ශක්තිය ගලා ඒම තර්කානුකූලව හා පර්යේෂණාත්මකව තහවුරු කොට පෙන්වා දිය හැකියි. එසේ ගලා එන ශක්ති ධාරාවට බාධා නොවන පරිදි නිවෙසේ අංග පිහිටුවීම මෙහිදී සිදුවේ. ඒ අනුව ඊශානයට මුළුතැන්ගෙය , වැසිකිළි ප්‍රධාන නිදන කාමරය, ගරාජය හෝ පඩිපෙළ යන කිසිවක් නොයෙදිය යුතු වේ. එසේම අන්තරීක්ෂ ශක්තිය මැනැවින් ලැබෙන හා නිවෙස පුරා පැතිර යැවිය හැකි සාලය වැනි විවෘත ස්ථාන ඊශානය සඳහා යෙදීම උචිත වේ. ඊශානයේ බලපෑමෙන් සියයට 76ක් පමණ උතුරින් හා නැඟෙනහිරින් බලපවත්වන බැවින් (සංරචක ගණනය අනුව) ඒවාද සාලය සඳහා මැනැවින් ගැළපේ.

සාම්ප්‍රදායිකව ගිනි දැල්වීමට උචිත දිශාව ගිනිකොන ලෙස නම් කෙරේ. එසේම නූතන වාස්තු විද්‍යාව අනුව ඊශානයෙන් සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය ක්‍රියාකරනුයේ ඊශාන – මධ්‍යම– නිරිත යන ක්‍රියා රේඛාව ඔස්සේ බැවින් ඊට ඈතින්ම පිහිටි දිශාවක් බැවින් ගිනිකොනේ යෙදීමෙන් නිවෙසට ලැබෙන ශක්තියට බාධා වීමක් සිදු නොවේ. ඒ අනුවම විකල්පයක් ලෙස ළිප යෙදිය හැකි අනෙක දිශාව වන්නේ වයඹ දිශාවයි. කවර වාස්තු පිළිවෙත් මාලාවක එකී වයඹට ළිප අයහපත් ලෙස දැක්වූවද පිළිගත හැකි තාර්කික පදනමක් ඒ සඳහා ඉදිරිපත් කළ නොහැකි බව සැලකිය යුතු වේ.

වැසිකිළිවළ හා වැසිකිළි කුටිය පිහිටුවීමේදී ද උචිතම දිශාව වන්නේ සාම්ප්‍රදායිකව ඉවතට යන දිශාව වන වයඹ දිශාවයි. පෙර ලෙසට වැසිකිළි සඳහා ගිනිකොණ ද යොදා ගත හැකි මුත් ඒවායේ ජලය රැඳෙන පරිදි සකස් නොවිය යුතු වේ. වැසිකිළි කුටියේ ජලය මැනවින් බැස යන පරිදි බෑවුම් කළ යුතු අතර වැසිකිළි වළ පොළොවේ ජල මට්ටම (එචබඥප ඊචඡතඥ) දක්වා හෑරීම නොකළ යුතු වේ.

ඊශානයට නොදෙවැනි වැදගත්කමකින් යුතු නිරිත දිශාව සඳහා මුළුතැන්ගෙය හෝ වැසිකිළිය නොයෙදීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී ළිප නිසා වැඩිම ශක්තිය රඳවා ගන්නා නිරිතේ ඇති ශක්තිය ඉවත්ව යෑමත්, අසූචි නිසා වැඩි ශක්ති තීව්‍රතාවක් සහිත ස්ථානය නිරිත බැවින් අශුභ ශක්තීන් වඩ වඩාත් බලවත්ව නිවෙසම රෝගී කරනු නිසැකයි. වයඹට හා ගිනිකොනට ආසන්න වුවත් වැසිකිළි වළ හා කුටිය දකුණෙන් හෝ බස්නාහිරේ යෙදීමේ වරදක් නොවන්නේ ඊශාන – නිරිත රේඛාවෙන් ගලා එන තීව්‍ර ශක්ති ධාරාව පෙර කී අපද්‍රව්‍යවලින් උපදනා අශුභ ශක්තිය නිවෙසින් බැහැරට ගෙන යන බැවිනි.

වයඹ සඳහා උචිතම ගෘහ අංගය වන්නේ අමුත්තන්ගේ නිදන කාමරයයි. එවිට ආගන්තුකයන් නිවෙසට බරක් බවට පත් නොවේ. එසේම විවාහය ප්‍රමාද වී ඇති කාන්තාවන්ගේ නිදන කාමරයක් ලෙස හෝ විදස්ගත වීමේ අපේක්ෂාවෙන් පෙළෙන පිරිමි ගැහැනු දෙපිරිසටද වයඹ නිදන කාමර උචිත වේ. ඔවුන් වැඩිකල් එහි නොරැඳෙන නිසාය.

එසේම ප්‍රධාන නිදන කාමරය නිරිතේ පිහිටුවීම ඉතා උචිත වන මුත් එසේ නොහැකි තත්ත්ව යටතේ දකුණේ හෝ බස්නාහිරේ ගෘහ මූලිකයන්ගේ නිදන කාමරය යොදා ගැනීම යහපත් ය. (මෙහිදී ගෘහ මූලිකයන් යනු නිවැසි වැඩිමල්ම පුද්ගලයන් නොව නිවෙසේ සමස්ත කටයුතුවල වගකීම දරා සිටින්නන් වේ.)

මෙහිදී වාස්තු සිද්ධාන්තයන් ලෙස විවිධ සංඛ්‍යා යෙදීම විශේෂ සැලකිල්ලකින් කළ යුත්තක් නොවේ. නිදසුනක් ලෙස දොරවල් ඔත්තේ හා ජනේල ඉරට්ටේ යන නිර්දේශය වුව එතරම් සැළකිල්ලකින් කළ යුත්තක් නොවේ. පඩිපෙළේ, පඩි ගණන, කුරුපා ගණන, කුරිඤ්චි ගණන ආදිය පිළිබඳවද එතරම් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු නොවේ.

ඉඩමේත්, එහි ඇති ඉදිකිරිම්වලත් බෑවුම සෑම විටම ඊශාන, උතුර, නැඟෙනහිර යන දිශාවනට පිහිටීම අන්තරීක්ෂ ශක්තිය මැනැවින් භූගතවීම කෙරෙහි බලපාන බැවින් අනිවාර්ය අංගයක් ලෙස අවධානය යොමු කළ යුතු කරුණකි.

මෙයට අමතරව නිවෙසේ බරැති හා උසැති භාණ්ඩ උතුරු, නැඟෙනහිර හෝ ඊශාන යන දිශාවන්හි නොපිහිටුවීමට ක්‍රියා කළ යුතු අතර, කවුළු හා තුනී තිර රෙදි ඒ දිශාවන් සඳහා යෙදීමෙන් අන්තරීක්ෂ ශක්තිය පහසුවෙන් නිවෙසට ඇතුළුවීම සිදුවේ.

මේ කිසිදු නිර්දේශයක් ඉදිකිරීමකදී ඉටු කර ගත හැකි නොවුවහොත් එකී දෝෂයන් නිසා මුහුණදීමට වන දුර්විපාක මැඬලීමට පිරමිඩ ආශි‍්‍රත මෙවලම් පහසුවෙන් හා අඩු වියදමකින් යුතුව භාවිතයට ගත හැකි බව අවසානයේ විසඳුමක් ලෙස දැක්විය හැකියි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.