නවීන වාස්තු විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවන එතෙර ගමන් පහසු කරන වයඹ-දකුණ වාස්තු සූත්‍රය

පෙබරවාරි 9, 2024

 

විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශාල තරුණ පිරිසක් වාසය කරන තත්ත්වයක් යටතේ අපේ රටේ භාවිත වාස්තු ශිල්පයන් ඒ සඳහා උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ නූතන වාස්තු විද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව එකී අපේක්ෂිතයන් තම නිවෙසේ වයඹ දිශාවේ කාමරයක දකුණට හිස දමා නිදා ගැනීමෙන් එම අපේක්ෂාවන් සාර්ථක කරගත හැකි වන බව පැවසේ. මෙය පිරිමි දරුවන් සඳහා විදේශගත වීමක් ලෙසත්, ගැහැනු දරුවන් සඳහා විවාහපත් වීමක් ලෙසත් භාවිතයට ගතහැකි බව ද එහිදී පෙන්වා දී ඇත.

මේ අත්දැකීම පුරාතන වාස්තු සම්ප්‍රදායට අනුව විග්‍රහ කිරීමේදී වයඹ දිශාවට අයත් වන වායෝ ධාතුවේ චලන සහිත ස්වභාවය මෙයට හේතු වන බවත්, එකී දිශාව විසින් නිවැසියාගේ බාහිර සබඳතා ප්‍රවර්ධනය කෙරෙන බවත්, එය නිසැක වශයෙන් අදාළ නිවෙසින් නව පදිංචියක් වෙත යොමු කිරීමට නැඹුරුතාවක් ඇති කරන බවත් පැහැදිලි කරගත හැකිය.

ගිනිකොන දිශාවේ තේජෝ ගුණය බලවත් වූ විටෙක, එනම් ගිනිකොන දිග භාවිත මුළුතැන්ගෙයක් පවත්නා විට මේ තත්ත්වය වයඹ දිශාවට තදින් බලපාමින් සක්‍රීය විතැන්වීම් බලවත් වනු ඇති බව තවදුරටත් විස්තර කළ හැකිය.

කෙසේ වෙතත් වාස්තු විද්‍යානුකූල ක්‍රම මඟින් මෙසේ විදෙස්ගතවීම් සඳහා ප්‍රවණතාවක් ඇති කළ හැකි වුවද පෞද්ගලික කේන්දර සහ හස්ත රේඛා නිරීක්ෂණ ආදිය යොදාගෙන තම තමන් හට විදෙස්ගතවීම ප්‍රතිපලදායක වන්නේ ද යන්න පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමෙන් පසු ඒ සඳහා යොමු වීම විදේශගත වීමෙන් පසු අනවශ්‍ය කරදර බාධකවලට මුහුණ දීමෙන් තොරව සාර්ථක ප්‍රතිපල ළඟා කරගැනීමට හේතු වන බවද අවධාරණය කළ යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.