වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
වැරැදි වාස්තුවෙන් වැරැදෙන ජීවිත
ඡ්‍යොතිෂ විද්‍යාව සමඟ බැඳුණු වාස්තු විද්‍යාවේ අක්මුල් සොයා යෑමේදී එය ඍෂිවරුන් විශාල පිරිසක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂි ශාස්ත්‍රියමය ක්‍රමවේදයකි. අග්නි පුරාණයේ සඳහන් පරිදි භෘගු, අත්‍රි, වශිෂ්ඨ, විශ්වකර්ම, මය, නාරද, නග්නජිත් විශාලක්ෂ, පුරන්දර බ්‍රහ්ම කුමර, නන්දිශ, ශෞනක්‍ය ගර්ග, වාසුදේව අභිරුඬ, ගුරු ශුක්‍ර ආදීහු ඡ්‍යොතිෂය හා වාස්තු යන ප්‍රභේද ද්විත්වයම ප්‍රකාශ කර ඇත්තේය.
අපේ දේශීය මහා වාස්තු විද්‍යාවේ ඉපැරණිම ග්‍රන්ථ වූ දෛවඥ කාමධේනුව දර්ශි හිමියන්ගේ කෘතියකි. පසුකාලීනව විවිධ වාස්තු ග්‍රන්ථ ජනයා අතර පැතිර ගියේය. වාස්තුවිද්‍යාව පිළිබඳ ඈත අතීත කාලීන ක්‍රමයන් ගැන සෙවීමේදී මිසරයේ පිරමිඩ් බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ආදී විස්්මිත නිර්මාණ රැසකි.
නවීන සමාජ රටාවන් සමඟ සැසදීමේදී අද වන විට වාස්තුවද ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. පැරණි දවස දැව හා මැටි උපයෝගී කරගෙන නිවාස ඉදිකළ අතර වත්මන්හි සිමෙන්ති ගල්, වැලි, යකඩ වැනි ලෝහ වර්ගද කෘත්‍රිම ඇලුමිනියම්, ෆයිබර් වැනි මෙවලම් භාවිතයට ගෙන තිබේ.
ශීඝ්‍රයෙන් ජනගහනය වැඩිවීමත් සමඟම නව නිවාස ඉදිකරන පිරිස්ද වැඩිය. තමාටම අයත් නිවසක් ගොඩනඟා ගැනීමට සෑම කෙනෙක්ම යත්න දරයි.
එදා ඉඩම් සිය දූ දරුවන්ට වෙන්කර දෙන ලද්දේ පොල් අල්ලි ප්‍රමාණයටය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්‍රමය ආ විට අක්කර, රූඩ්, පර්චස් වැනි අංශවලට ඉඩම් කැබලි වෙන්කරන ලදී.
දැනට වසර හැට හැත්තෑවකට පෙර අක්කර ගණන් එක් අයෙකුට හිමිකම් ඇතත් වත්මන්හි පර්චස් 20,10,5,3,2 වැනි කුඩා වපසරියකට සීමා වී තිබේ. තරගකාරි වේගවත්ව කුඩා බිම් ප්‍රමාණය පාද වෙන් කිරීමට ද අපහසුය. අඩු වශයෙන් පර්චස් 40ක ප්‍රමාණයේ නම් පහසු වේ. වාස්තුවට අනුව ඉඩමේ හරි මැදට එන මධ්‍ය ලක්ෂ්‍යයට නිවසේද මධ්‍ය ලක්ෂ්‍යය ද හසුවන සේ නිවාස ඉදි නොකරයි. උතුර, ඊසාන සහ නැඟෙන කලාප නිදහස්ව තිබීම වැදගත් වේ.
උතුරට ජලබස්නාව තිබීමද ඉතාම සුබදායකයි. ක්‍රමවත්ව තම ජන්ම නැකතට සම්පත්, ක්ෂේම, මෛත්‍රී, පරම මෛත්‍රී තත්වයට වර්ගීකරණය ඇරැඹිය යුතු වේ. අයවාර, අංශක, ධන, ඍණ නැකත් තිථී යෝග අය වැය ආයුෂ සහ දේවනා ද වැදගත් වන්නේය.
ගෘහ පිණ්ඩයක දශ වර්ගයම ඉතාම සුබව තබා ගැනීම තරමක් දුෂ්කරයි. ගුණ පක්ෂය වැඩි විය යුතුයි.
“අලප දෝෂං ගුණධික්‍යං දෝෂාය න භවෙත් ශෘහම්”
මුහුර්ත චින්තාමනී ඡ්‍යොතිෂ්‍ය හා වාස්තු ග්‍රන්ථයේ අනුරූපකව සනිටුහන් කරමු.
තමා ඉදිකරන නිවස ලොකු වූවත් කුඩාම වූවත් තමා පදිංචි වී සිටින තැන ඔහුට රාජධානියක් වේ. මෙලොව උපන් සෑම සත්වයෙකුට නිවසක් අත්‍යවශ්‍ය වේ. මේ ලිපියෙන් කතා බහ කරන්නට සූදානම් වන්නේ නිවාසවල ඇතිවන යම් යම් වාස්තු දෝෂ ගැනයි. කුලියට, බද්දට හෝ සින්නක්කරව ද තමා විසින්ම ගොඩනඟාගත් නිවාසවල ද කල්යෑමේදී දෝෂ හටගන්නා බැව් වඩාත් ප්‍රකට කරුණකි.
මුලදී ඉතාම ධනාත්මකව තිබී කල්ගතවන විට රැකියාව, ව්‍යාපාරය, ඇද වැටී මුදල් ප්‍රශ්න නඩුහබ, ලෙඩදුක් , හිරිහැර කරදර පදිංචි තැන ඇතිවේ නම් එය ඉතාම ගැටලු සහගත වේ. නිවාස දෝෂ හේතු කොටගෙන විවිධ අන්දමේ ප්‍රශ්නවලට මුහුණ දෙන අය එන්න එන්නම අධිකයි.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඡ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යාව පිළිබඳ තොරතුරු සැපයූවත් තවමත් ප්‍රශ්න විසඳී නැති බැව් පෙනේ.
ආරම්භක දෝෂ, සැලසුම් දෝෂ, පරිසර දෝෂ හැසිරීම් හා අනියම් දෝෂ යනුවෙන් පංචවිධ නිවාස දෝෂ පැතිර පවතී.
තමාගේ ජන්ම නැකැතට සුබදායක වන නැකත්වලට සිය ගෙයි නිර්මාණ සැලසුම් කරගත යුතුයි.
නිවස ගොඩනැඟීමේදී අකුරටම වාස්තු ක්‍රම පිළිපැදිය යුතුයි. නිවසේ පදිංචි වූ විට හැසිරීම් ඉතාම යහපත් වන සේ නිවස තුළ සිටිය යුතුයි.
මෙය ඉතාම භාරධූර වගකීම් සහිත වැඩකි. හිතෙන හිතෙන අන්දමට ගෙයක් ඉදිකර ගැනීමට හැකි වූවත් පසුකාලීනව යම් යම් වාස්තුමය දෝෂ හටගනී. ගෙපළ ශුද්ධ කරන දිනය හිතුමතේට ගෙන ගෙපළ කැපීමට සුබ නැකතක් යොදා ගැනීම අසුබයි. ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදියා ගැඹුරින් සිතා ඉතාම උසස් සුබ නැකත් සාදා දුන්නත් ඇතැම් අය එය මිනිත්තු කීපයක් වෙනස් කරන ක්‍රමයක්ද අපි දැක ඇත්තෙමු. එවැනි අති පණ්ඩිතකම් නිසා අමාරුවේ වැටෙන්නේ ගෙවල් හදන අය නොව ගෙහිමියා ඇතුළු මුළු පවුලමය. ගෙපළ ශුද්ධ කිරීමේ සිට ගෙට ගෙවදින සුබ නැකත් වේලාව දක්වාම අතර තුර ඇති නැකත් අකුරටම පිළිපැදිය යුතුයි. එය අනිවාර්ය වේ.
සමහර නිවාස හිමියන් අවට ඇති පාරවල් තුන්මං, සතරමං සන්ධි, සොහොන් බිම්, වඩා උස් ගොඩනැඟිලි, ගංගා , ඇළදොළවල් ගැන එතරම් සැලකීමක් නොදක්වයි. දෝෂ බාහිරින් ඇතිවන සේ ඇත්නම් ඒ උපක්‍රමශීලිව මගහැරගත යුතු වේ.
ඊළඟට හැසිරීම් දෝෂ ඉතාම බරපතළයි. නිවස තුළ කැළි කසළ අවට කැළි කසළ ඉඳුල් වළං පිඟන් සෝදා නොගැනීමත් ගේ තුළ අසභ්‍ය වචන කතා කිරීම සමාජ විරෝධි වැඩවල නිරත වීම නිතරම අනුන්ට බැණීම, ක්‍රෝධ කිරීම, පළිගැනීමට සිතීම ක්‍රියාකිරීම, සුරතල් සතුන්ට හිංසා කිරීම(බලු, බළල්) සතුන් හිරකරගෙන සිටීම, ගිරවුන්, සාවුන්, මයිනන් ආදිය අමුවේ බෙලිකපන ගෙවල්ද මේ අතර වේ. වැල්ලේ බඹරය කරකැවෙන හොඳ කාලයට මේවායේ අනිටු ප්‍රතිඵල නොලැබේ. කාලය නරක්වූ විට මේවායේ දෝෂ දෙගුණ තෙගුණ වන්නේය. සමහර විට පාරාවළල්ලක්ද වන බැව් පෙනේ. ගෙවල් ඉඩකඩම්වලට තද ඇල්මෙන් සිට මිය ගිය අයගේ බැල්ම නිසා කරදර හිරිහැර සිදුවේ. පාළුවට ගිය ගෙවල් තුළ අදෘෂ්‍යමාන භූතයින්ගෙන් හිරිහැර ඇතිවේ. මෙකී කරුණු අනුව සලකා බලන විට අශූචිවලින් පිරුණු පුන්කලසක් කර නොගන්නා ලෙස පවසමු තමා ජීවත්වන නිවස.