සුව සෙත ගෙනෙන සරල වාස්තු ඉඟි

ජුනි 7, 2024

 

වාස්තු සිද්ධාන්ත පිළිබඳ ගැඹුරු අවබෝධයකින් විෂයය විශ්වාස කරන්නන්ට වඩා වැඩි පිරසක් එයින් ලබන අත්දැකීම් හේතු කොට විශ්වාස කිරීමට පෙළඹෙයි. එයට හේතුව සිද්ධාන්ත අවබෝධ කර ගැනීමට බොහෝ දේ අවශ්‍ය වීමයි.

එහිදී සිද්ධාන්තය පිළිබඳ ඇති දැනීම මෙන්ම එහි යාන්ත්‍රණය (Mechanism) හා එහි ඇති නියාම හා නියම වටහා ගැනීමක් අත්‍යවශ්‍ය වේ. ඒ කිසිවක් නොමැතිව යම් පිළියමක් සිදු කිරීමෙන් සාර්ථකත්වයක් අත්දකිනු ලැබුයේ නම් ඒ පිළිබඳ බලවත් විශ්වාසයක් හට ගැනීම ස්වභාවයයි. එය යහපත් ප්‍රතිඵලයකට මෙන්ම අයහපත් ප්‍රතිඵල ඇසුරින් ද වන්නට පුළුවන.

කොටිකාවන්ත ප්‍රදේශයේ එක්තරා නිවෙසක යම් සාර්ථකත්වයකින් ව්‍යාපාරයක යෙදී සිටි අයකු විසින් තම නිවෙසේ උතුරු – ඊශාන කොටස් වැසී යන පරිදි තෙමහල් ඉදිකිරීමක් සිදු කරනු ලැබීය. නව ඉදිකිරීමෙන් නොබෝ කලෙකින් බරපතළ ආර්ථික බිඳ වැටීමක් ඇරඹුණු බව ඔහුගේ අත්දැකීම විය. එසේම පසුකලෙක ඒ නිවසේම මධ්‍යය හෙවත් බ්‍රහ්ම පාදය “වාස්තු පිරමිඩ” නම් මෙවලම් නවයක් යොදා බලගැන්වීමෙන් මාසයක් පමණ ගෙවී යත්ම පැවති අයහපත් වාතාවරණය කෙමෙන් ඈත්ව ගිය බවද ඔහුගේ අත්දැකීම විය.

මෙයටම ආසන්න තවත් අත්දැකීමක් වන්නේ පිටතින් එක්තරා නිවෙසකට පිවිසෙන්කුට අතිශය සුන්දර අත්දැකීමක් වන පරිදි වූ වන වදුළක පිහිටි නිවෙසක පවත්නා දුක්බර ජීවිතයයි. මහත් පිරිවැයක් දරමින් කළ බව පෙනෙන මේ ඉදිකිරීම පෙර කී වන වදුළෙන් විස්මිත සොඳුරු බවක් ගෙන දෙන්නේ මධ්‍යහ්නයකදී පවා අවු රැළි මුවාකොට සිසිලසක් විඳින්නට සලසමිනි. එහෙත් ව්‍යාපාර බිඳවැටී ආර්ථිකය දුර්වල වී යන අඳුරු ජීවන අත්දැකීම් රැසක්ද නිවැසියනට අත්කර දී තිබීම සලකා බැලීමට අපට සිදු විය. අපගේ පවත්නා ගහකොළ කෙරෙහි ඇති නොතිත් ඇල්ම අතහැර උක්ත නිවෙසට උතුර ඊශාන හා නැඟෙනහිර දිශාවන්ගේ වැඩී ගිය තුරුලතා මඳින් මඳ තුනී කිරීමට ඔවුනට යෝජනා කිරීමෙන් පසු පත්වී ඇති අභාග්‍ය සමපන්න බව සහ දුර්විපාක කෙමෙන් ගෙවී ගොස් මාසයකටත් අඩු කාලයකින් ඔවුනට ඉතා සාර්ථක ප්‍රතිඵල හිමි කර දීම ඇරඹිණි.

තවත් නිවෙසක ඉතා නිවැරැදිව මැන බැලීමේදී නිරිත කෝණයෙහි පිහිටුවා ඇති වැසිකිලියක් දක්නට ලැබිණි. එය සිද්ධාන්තමය වශයෙන් බරපතළ ආර්ථික වියවුලක් ඇති කරන්නේය යන්න සනාථ කරමින් ආර්ථිකය බිඳවැටී අදාළ නිවෙසේ වැඩිහිටියන් කීප දෙනෙකුගේම සිරුරුවල පහළ කොටස්වල එකිනෙකට වෙනස්. රෝගාබාධ වැළඳී තිබිණි. මේ තත්ත්වය කෙතරම් විස්මය දනවන්නක්ද යන වග පසුව තවදුරටත් තහවුරු වූයේ ඔවුන් කෙතරම් ණය බරකින් පෙළෙන්නේද යන්න වටහා ගත් පසුය.

මෙහිදී නිරිතේ පිහිටි වැසිකිළි ඊට උචිත වයඹ, දකුණ හෝ බස්නාහිර වැනි දිශාවකට ගෙන යෑම වැනි නිර්දේශයක් ක්‍රියාවට නැඟීමට තරම්වත් ආර්ථික ශක්තියක් නොපෙනුණු බැවින් ආරම්භයක් ලෙස තැබූ කුඩා කැට ලුණු පීරිසිය හා වැසිකිලයේ දොරත් කොමෝඩයේ පියනත් වසා තැබීම වැනි මූලික පිළිවෙත් කීපයක් නිසා ඔවුනට සෑනෙන මට්ටමේ සාර්ථක අත්දැකීමක් ලද හැකි විය. පළමුව රෝග වැළඳීමේ ප්‍රවණතාව දැනෙන පමණකින් අඩු වන බවත්, අලුතින් ණයවීම නැවතී ගිය බවත් අවධානයෙන් සිතා බැලීමේදී අවබෝධ විය. පසුව නිවැසි ආර්ථික ගැටලු කෙමෙන් කෙමෙන් විසඳී යන අයුරුත් අත්දැක මාස කීපයක් ගෙවී යත්ම ණය බරෙන් සපුරා නිදහස්වීමේ ශක්තිය ඔවුනට ලැබිණි.

පසුව නිරිතෙහි පිහිටි වැසිකිලියේ දොර උළුවස්සේ ඉහළින් “පටි පිරමීඩ” නම් වාස්තු පිරමීඩ මෙවලම් තුනක් සවි කළ පසු අදාළ සියලු ගැටලු විසඳී ගිය බව ඔවුන් කලකට පෙර අපට සතුටින් යුතුව දැන්වූ බව අපට සිහිපත් වේ.

මේ පිළිවෙත් යොදා ගැනීම වාස්තු දෝෂයන්ගෙන් පීඩා විඳින්නන්නට ප්‍රමාණවත් වුවත්, මේ විෂයය පිළිබඳ වූ යම් අධ්‍යයනයක් කරන්නකුට ඉන් ඔබ්බට යම් විග්‍රහයක් උක්ත පිළිවෙත් සඳහා අවශ්‍ය වෙයි.

මුලින්ම ඉදිරිපත්කළ අත්දැකීම් දෙක වන උතුරු ප්‍රමුඛ ඊශාන හා නැඟෙනහිර ඉදිකිරීමකින් හා වනවදුළින් වැසී ගිය විට ඒ දිශාවන්ගෙන් (සාපේක්ෂ වශයෙන්) නිවෙස වෙත ගලා එන අන්තරීක්ෂ (ඛ්ධඵථඪජ) ශක්තියට බාධා කිරීමක් සිදු වන බවත් වන වදුළ තුනී වන පරිදි සරල කප්පාදුවකින් හා නව ඉදිකිරීම ඉවත් කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඒ සඳහා සරල හා වියදම අඩු පිරමිඩ පිළියම් සිදු කිරීමකින් නිවෙස වෙත දෝෂයන් නිසා අහිමිව ගිය අන්තරීක්ෂ ශක්තිය යළි කැදවා ගැනීම මෙහිදි පිළියම් ලෙස කළ බව අවබෝධ කර ගැනීම අධ්‍යයනයකදී ඉතා වැදගත් වේ.

නිරිත දිශාව වැනි ස්වභාවයෙන්ම අන්තරීක්ෂ ශක්තියෙන් පොහොසත් නිරිත දිශාවේ අශුභ ශක්තියක් එක් කරන වැසිකිළියක් පිහිටා තිබීමෙන් වන බරපතළ “අශුභ ශක්තීන් වඩවඩාත් සක්‍රියවීම පිරමිඩවලින් බාධා කිරීමත් ලුණුවලින් අවශෝෂණය කර කිරීමෙන් ඉවත් කිරීමත් මෙවැනිම සාර්ථක අත්දැකීමක් ඔවුනට උරුමකර දෙනු ලැබීය.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.