දික්කසාදය යනු කසාදය දික්වීමද?

ඔක්තෝබර් 20, 2023

අපේ සාම්ප්‍රාදායික ජීවන ගමනේ දී ඉතාම වැදගත් වූ සන්ධිස්ථානයක් වනුයේ විවාහයයි. පැරැණි කාලයේ තරුණ ගැටයින් ගැටිස්සියන් අවුරුදු උත්සවයන්, මඟුල් හා අවමඟුල්වලදී, එළිමහන් රංගන උත්සවපළවලදී, බලි යාග ශාන්තිකර්ම මඩුවලදී, දෑසින් කතා බහ කර කොටස් හොර රහසේ ප්‍රේම කිරීමට අර අදී.

දෙමාපියන්ගේ පූර්ණ කැමැත්ත අනුව කේන්ද්‍ර පිරික්සා බලා සිය දූ පුතුන්ගේ ආවාහ විවාහ සිදුකරන ලදී. අද වන විට එයට වඩා වෙනස් මගක් ගනී. මුහුණු පොත(ජ්ඕ) මෙන් ම විද්‍යුත් මාධ්‍යය මුල්කොට ගෙන විවාහයට මඟ පාදා ගනී. වෙනස් වීම ස්වාභාවිකයි. එය එසේවීම කිසිවෙකුට වැළැක්විය නොහැකිය.

අපට හුරු පුරුදු වී තිබෙන ක්‍රමවේදයක් වන්නේ විවාහයට පෙර පොරොන්දම් විමසීමයි. ලොව වෙනත් රටවල මෙවැනි ක්‍රමවේදයක් නැත. නමුත් දික්කසාදය ද සාමාන්‍ය ක්‍රමය වී තිබේ.

පෙරදිග වැසියෝ අධ්‍යාත්මික පැත්ත හා සාම්ප්‍රදායික සංස්කෘතික පැතිකඩ නියෝජනය කරන්නෝ ය. පැරැණි ඉසිවරුන් මේ ගැන මුල් තැනක් දී තිබේද යන්න විමසා බැලීම අගනේ ය. පොරොන්දම් බැලීමේ පළමු අයිතිකරුවා මහා භාරතයයි. ඒ රටේ සමාජීය හා සංස්කෘතිමය මෙන්ම ඇදහිලිවලට ඇදී තිබේ.

වැන්දඹුවක් වීම මහා අවාසනාවක් ලෙසද සලකති. ඒ හරහා පොරොන්දම් ක්‍රමයට මහත් රුක් වී තිබේද යන්නත් බැලිය යුතු වේ. තවද 20 පොරොන්දම් ක්‍රමය ගැන ගැඹුරින් බැලූ විට සමහරවිට කුකුසක් ද ඇතිවේ. විශේෂයෙන්ම වෘක්ෂ පොරොන්දම ඊට සාධකයකි. තවද පොරොන්දම් ක්‍රමය වුවද යුගයේ අවශ්‍යතාවයට අනුකූල විය යුතු ය.

මේ යුගයේ අධ්‍යාපනය, රැකියාව, ආර්ථිකමය ශක්තිය ශරීර සෞඛ්‍යය වෘත්තීය බලය මුල්තැනක් ගනී. ඉදිරි ඒරාෂ්ඨක අපල තිබේද යන්නත් විමසා බැලිය යුතු වේ. බහු ස්ත්‍රී සමාගම් හෝ අතිධාවනකාරී කාම යෝග ඇති කේන්ද්‍ර හිමියෙකු විරාගී යෝග ඇත්තියෙකුට යා කළ යුතු නැත.

විශේෂයෙන් ග්‍රහ හැසිරීම් රටාව ධනාත්මක පැත්තේ නම් දෙවනුව පොරොන්දම්වලට යෑම වරදක් නැත. විවාහ පොරොන්දමේදී අෂ්ඨ කූඨ විමසීමක් කෙරේ එයට ලකුණු 36කි. වැඩිම ලකුණු නාඩිවලටයි. රුධිරය ගැන කියැවෙන හෙයින් සඳු සිටි රාශිය ගැළපීමට ලකුණු 7ක් සිත ප්‍රධාන වන නිසා ගණ පොරොන්දමට ලකුණු 6 රාග්‍යාධිපතිට 5 යෝනිවලට 4ක්වේ. බලවත් පොරොන්දම වූ නැකත්වලට ලකුණු 3 කි.

වෛශ්‍යවලට ලකුණු 2 වර්ණ කුලභින්දයට ලකුණූ 7කි. මෙය භන්නයට වැදගත් වූවාට අපට නොවැදගත්ය.

පොරොන්දම්වලට පළමුව විමසිය යුතු අංග ලක්ෂණ වේ. දෙදෙනාගේ කායික හා මානසික ශක්තිය, එකඟතාවය, වැදගත් වේ. ගතින් නොව තෙවැනි ඇසින් දෙදෙනාම මැනවින් හඳුනා ගැනීම වැදගත් ය.

බොහෝ විට සමාජයේ දක්නට ඇත්තේ පොරොන්දම් කීයක් යහපත් දැයි විමසීමකි. පොරොන්දම් සුබ යැයි සේවාදායකයින් සතුටු කිරීමට අද සිදුවී ඇත්තේ ඡ්‍යොතිෂවේදීන්ට අකැමැත්තෙනි.

සමහර අය පුරුෂයා පූර්ව නාඩි වී කාන්තාව අනත්‍ය නාඩි කොහෙත්ම කැමති නැත. තවත් ප්‍රශ්නයකි නපුංශක ලිංගද එසේමැයි.

විවාහයක් සඳහා විමසිය යුත්තේ ඊට ගැඹුරු ජීවන දර්ශනයක් හා ජීවන ශක්තියක් ගැන බැව් තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම විවාහය පිළිබඳ අටුවාටීකා අවශ්‍ය නැත. යුග දිවිය යනු සෞන්දර්යාත්මක රස විඳීමකි.

අඬ අඬා පැණි කෑමක් නොවේ. දෙදෙනාගේම කායික හා මානසික හැසිරීම් රටාව ධනාත්මක පැතිකඩක් නිර්මාණය වී තිබේ නම් දිවි ඇති තෙක්ම යුගදිවිය ගෙනයයි. ජන්ම පත්‍රයේ කොටු 12 තුළ මේ පිළිබඳව නිවැරැදි ග්‍රහ තොරතුරු සනිටුහන් වී තිබේ. ඒවා හාරා අවුස්සා නිරීක්ෂණය කොට යුගදිවියක් ඇරඹීමට තීරණය ගත යුතුයි. එදාට වඩා අදත් ඊට වඩා හෙටත් දික්කසාද වේවි. දික්කසාදයක් නම් කසාදය දික්විය යුතු නේද?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.