වර්ෂ 2024 ක්වූ October 04 වැනිදා Friday
අනාගතයට උරුම වූ කුවේණිලාගේ සොඳුරු අඬහැරය
සයනය පුරා ඇතුළ මල් සුවඳ දෙයි. බිත්තියේ සවි කර ඇති විලක්කුව බොහෝ වේලාවක් පුරා ඇවිළෙමින් තිබේ. දැන් දැන් මා නිවී යතොත් හොඳයි කියන්නාක් මෙන් එහි දැල්ල සෙමින් කැඩී මඳ සුළඟේ පාවෙමින් තිබේ.
පාව ආ ගිනි දඹුවක් විජයගේ උරසක මත ඇළී ගියේය. ඔහුට විවරව ඇති සිහින් ජනේලයෙන් දුර ඈත දැල්වෙන විසල් විලක්කු එළි වැටක් පෙනේ. ඒ අතරින් ගලා එන සංගීතය ඔහුට අමුතුය. එය තමා වංග දේශයේදී හෝ මගධ දේශයේදී ඇසූ සංගීතයට වඩා වෙනස්ය. හඬ ඉතා උස්ය. එහෙත් එහි අමුතු රිද්මයක් ගෙන වැයෙන්නේ කෙමෙන් නැඟි පසුව මධ්‍ය ලයනින් අවසන් වෙමිනි. එහෙත් එය අවසන් වීමට පෙර වෙනත් සරකින් එය උස්ව නැඟෙයි.
එම හඬට සයනයේ දිගාවී සිටින තමාගේ පාදයක් එහා මෙහා වෙනු ඔහුට දැනේ. හිස දරා සිටි කොට්ටය ඔහු සයනයට හේත්තු කොට ඇළවී ගත්තේය. සෙමින් ඔහු මිට මොළවා ගත් අතක ඇඟිලිකරු අතරට අනෙක් අතේ ඇඟිලිවලින් තට්ටු කර ඒ ලය අල්ලා ගන්නට තැත් දැරුවේය.
එවිටම කුවේණිය ඇතුළු ගැබ සිට ආවේ සිත මන්මත් කරගෙන යන සුවඳක් මුළු කුටිය සිසාරා විහිදුවමිනි.
‘අහෝ සුරූපිනිය ඒ සුවඳ නුඹටම මැවුවක්ද,”
“කුමරුනි එය දේශීය නිපදුමක්. අපේ වල්ලාපට්ට ශාඛය මිරිකා ගන්නා යුෂ තම්බා පෙරා ගන්නා ඖෂධීය ගැල්වුමකි.”
එය මා තවත් ඔබට ළංකරවනවා”
“දැන් ඒ සියල්ල ඔබ සතුය”
“කුමරිය කිමෙක්ද ඒ මධුර හඬ. එය මා හද විවිධ ධ්වනි මවයි.”
සහනයෙන් බැසගත් විජය සෙමින් වටයක් කැරකී ලාලසා දනවන රංගනයක් පෑවේය.
“අද අපේ සනුහරේ මංගල්‍යයක්. ඔවුන් නැටුමින් ගැයුමින් පිනා යන හැටියි ඔබට ඇසෙන්නේ.”
ආදී මානවයෝ සිය භීතිය මත පූජනීයත්වයට පත් කළ භෞතික වස්තුන් සේම මළගිය ප්‍රාණයන්ද තමන්ගේ මඟ පෙන්වීම ලෙස දුටහ. එනිසාම ඔවුන්ගේ දෑත් හිස් අහසට එසවී ගියේ ආරක්ෂාව පතාය. ඒවා හදවතේ මතුවන හැඟීම් අනුව කෙමෙන් කෙමෙන් ඇදවී යන්නට ඇත. නැවී යන්නට ඇත. දිගෑරී යන්නට ඇත. ඔවුන්ගේ සිරුරු එසේ හැඩයක් මත වැනෙද්දී වටා පිටාවේ සිටි අය කිසියම් හඬක් නඟන්නට ඇති. ඒ හඬට ඔවුන්ට පෙරදාක බිම හෙළූ සතෙකුගේ ඇට කැබලි නැතිනම් ඔවුන් බිම හෙළූ මුගුරු එකිනෙක ගැටී යන්නට ඇත. එදිනෙදා ජීවිතයේ ඇතිවන බිය සංකා, දුක්ඛ දෝමනස්සයන් විසින් ඔවුන්ගේ ගතට චලනයක් එක් කරන්නට ඇත. එම චලන සතුට හා දුක අතර දෝලනය වෙද්දී වෙනත් උපමානයන් ගන්නට ඇති. ඒ අනුව හදින් නික්ම ගිය සුසුම හා සතුටට වචන එක් වෙන්නට ඇති.
එය පසුව යාදින්නක් සේම ගැයීමක් බවට පත් වෙන්නට ඇත. එයට ඉන්පසුව කදිම තාලයක් ඔවුන්ගේ මනස දිගුවෙත්ම නිර්මාණය වෙන්නට ඇත. එයම පසුකාලීනව විවිධ හැළ හැප්පීම් සමඟ මුහුන්ව ගොස් තවත් ක්‍රමික වූ බව පෙනේ. එයට අපේ ආදි මානවයා සත්ත්ව සිරුරුවලින් නිමවා ගත් උඩැක්කිය අපූරු තාල රාග නිපදවා ගන්නට උදව් කරන්නට ඇත. ඔබත් මඳක් සිතන්න මඟුල් බෙරය හෝ යක් බෙරය වයන විට අපගේ බෙරවාදන ශිල්පියාගේ ඉරියව්ව. ඔහු එය ඇඟටම ගෙන වයයි. විටෙක මැණ්ඩියේ දෙපා මාරු කරයි. සමහර විට කස්තිරමක් නොවූ නැටුමින්ද ජනිත කරවයි.
එහෙත් උඩැක්කිය වයන අය එකතැන සිට ගෙන පපු මානයේ දල්වාගෙන අනික අතේ ඇඟිලි කීපයකින් එය වයයි. ඉන්පිට වෙන්නේ සියුම් මධුර නදකි. එසේ නම් එදා අපේ ආදී මානවයා ගිනිමැලයක් වටා හෝ ‘කිරි කොරහා’ නටන විටදී හෝ ඒ වටා සිටගෙන කළ සියුම් හඬ ගෑම් රූපය ඉන් ඔබගේ සිත මතු නොවේද? ඒ හඬ ගෑ තාලය සේම මිනිස් ඉරියව්ව තුළ රැඳන්නේ ඉතා අහිංසක තැන්පත් උසැති මානවයකුගේ රූපයයි. අපේ සංස්කෘතියට බෙර තාල වන්නම් සේම යන්ත්‍ර මන්ත්‍රද බලි පූජා පදද බිහිවූයේ ඒ ආකාරයෙන් බව අපට මේ අනුව තර්කානුකූලව සිතාගත හැකිය.
ඒ නයින් සලකා බලද්දී භූතාපසරණය මානවයාගේ හුදු ක්‍රියාකලාපය සහමුලින්ම ඇසුරු කරගත් මානව ක්‍රියාවලියක උත්තම ආරම්භයකි. එය ඒකාකාරි නුවූයේය. රිදවුම් නුවූයේය. හදවතට සෙමින් කරනු ලබන ආමන්ත්‍රණයන් විය. ඔවුන් පසුව එම කියමන්වලදී සිය හදවතින් මතු කරගත් අනූපමේය භක්තිය නිසා වචනවලින් කරන ආ වැඩුම යාදින්නක් වන්නට ඇත. එයම ආශිර්වාදයක් ලෙසට පත් කරගත් ඔවුහු එය සංකේතවත් කරගන්නට අනිකාගේ සිරුර ස්පර්ශ කරන්නට පටන් ගන්නට ඇත. එහිදී හදවතේ තිබූ ප්‍රාර්ථනය පසු කාලීනව පුවක්මල් කිනිත්තෙන් කරන පිස ගෑමක් බවට පත්කර ගත්හ. එය තවත් දිගු වෙමින් දෙවියන් හා යකුන් ලෙස රූප හඳුනා ගැනීමෙන් අනතුරුව එය මොනර පිහාටු මිටියක් බවට පත් කර ගත්හ.
ඔබ යළිත් මඳක් සිතන්න. ඇතම් විදුහුරුවන් විසින් හෙළා දකින මේ හුඟක් ශිල්පීන්ගේ බැහැර ඥානය ඔවුන් ඒ සඳහා උපයෝගී කරගන්නේ කොතරම් මෘදු සිහිල් ස්පර්ශයන් දැනවිය හැකි අමුද්‍රව්‍යයද කියා. පුවක්මල නොවේ. පුවක් මල් කිණිතිය. මොනර පිහාටුවක් නොවේ මොනර පිහාටු මිටියකි. ඒ සමඟ ඔවුන්ගේ සුබපැතුම දෙස සිත යොමන්න.
ආදි මානවයා සිය බස සන්නිවේදනය උදෙසා යොදා ගැනීමෙන් පසු ඔහු මේ සුබ පැතීම කළේ “ ආ යු බෝ වේවා” යනුවෙන්. මේ නූගත් මානවයා බලන්න අනිකාගේ සිත පිරිමැදි සුගම සුයාම ළඟන්නා සුලු ආකාරය. සිතන්න ඔහු නොවේද කියා මිනිස් සිත හඳුනාගත් ජීවකයෙක්. මනෝ චිකිත්සකයෙක්. ඔබ ගැඹුරින් හිතද්දී මෙවැනි සුළු සුළු ඉංගිති ඇතැම් සිල්ලර වෙළෙඳාම්වල රැඳුණු මහා අලෙවි මූලධර්ම ලෙස ඔබට පෙනෙනු ඇත.
මෙසේ කෙමෙන් කෙමෙන්, පෙදෙන් පෙද බෙදී වැඩී ගිය මේ රංග විලාසිතා, ගායනා වාදන විලාසිතා මිනිසාගේ සිත්හි ඇති වූ ගැටුම් වර්ධනයේදි වෙනස්වු බව පෙනේ. එම ගැටුම් සහ ආරාවුල්ද විසින් එකසේ ගලාගිය මේ ජීවන කිසියම් ගැටලුවලට මුහුණ දීමේදි වෙනස් වෙනස් ආකාර ගත් බව පෙනේ.
ඔවුහු ඇවැසි තැනට ඇවැසි දේ නිර්මාණය කර ගන්නට යොමුව ඇත්තේ එම අවස්ථාවේදීය. මේ තත්ත්වය බොහෝ විට වෙනස්වූයේ 14 වැනි ශත වර්ෂයේදීය. එහෙත් මෙරට එය පැවතියේ කිසියම් අද්භූත වූද බිය, සැකය හා දෝලනය වූ විශ්වාස හා ඇදහිලි මතය. එය අපි මේ කාලයේදි සෙසු දේශ ගැන සලකා බලද්දී එම තත්ත්වයම එයට වඩා වෙනස් වෙනස් අයුරු ගෙන තිබූ බව පෙනේ.
එය පැරණි බයිබලයේ කොටසක් දැක්වෙන අවස්ථාවකි . ‘විශ්වයේ ඇති සෑම දෙයකම, ගහකොළවලත් කිසියම් දෙවි කෙනෙක් ඇති බවයි. එය ඕධධඬ ධට බඩඥ ඵඥජපඥබඵ ධට ඡ්දධජඩ හි සඳහන් වෙයි.
එබැවින් අපට එම විශ්වාස හා ඇදහිලි දුරාතීතයේ ආදි මානවයාගේ නොදියුණු මානසිකත්ව ලකුණු යැයි ඉවත දැමිය හැකි නොවේ.
ටී.බී. ටයිලර් මේ සම්බන්ධයෙන් ඉතා විශ්ලේෂණාත්මක කෘතියක් රචනා කරන්නේ 1832 - 1917 කාලයේදීය. ප්‍රාථමික සංස්කෘතිය නමින් (ර්‍ථපඥථඪබඪමඥ ඛ්භතබභපඥ) මේ පිළිබඳව ලෝකයේ මුල්වරට කිසියම් කලබැගෑනියක් කරන්නට සමත්වූ කරුණු විමසුමකි. එසේම 1820 - 1903 දී හර්බට් ස්පෙන්සර් සේම 1711 -1776 අතරදී ඩේවිඩ් හියුම් ද දක්වන කරුණු මේ විෂයේ විශ්ව ව්‍යාප්ත භූගෝලය ඔවුන් අපට කියාදෙයි. ඔවුන් පිළිවෙළින් රචනා කළ කෘතීන් වූයේ ‘සමාජ විද්‍යා මූල ධර්ම” (ර්‍ථපඪදජඪනතඥඵ ධට ඵධජඪධතධඨර) හා ආගම පිළිබඳ ස්වභාවික ඉතිහාසය” ( ව්චබභපචත ඩ්ඪඵබධපර ධට අඥතඪඨඪධද) ය.
බොහෝ සාර්ථක ධර්මතා ඇතිවන්නේ පරිසරය මත පිහිටා සිටය. මිනිසාගේ සියලුම දේ පරිසරය අනුව තීරණය වෙයි. එය භෞතික පරිසරය, ආගමික පරිසරය, අධ්‍යාත්මික පරිසරය සේම ආගන්තුක පරිසරය අනුව වෙනස් වෙන අවස්ථා ඇත. බුද්ධත්වය ඉපදුණේ පරිසරය මඟිනි. බලිතොවිල්, යාග, කංකාරි, ශාන්තිකර්ම, ද පරිසරයේ සොඳුරු විකාශයෝය.