වර්ෂ 2024 ක්වූ October 04 වැනිදා Friday
අර භූතයා සහ මේ භූතයා
‘අර භූතයාට නම් පිස්සු’
“කාටද?”
“කවුද ඉතින් අර කාමරේ ඉන්නේ”
“ඒ අපේ ලොක්කනේ යකෝ”
“මේ මිනිහට මොන භූතයෙක් වැහිලද මන්දා? “මොන බහුභූතයක් කියවනව ද මන්දා.”
සාමාන්‍ය ජනවහරේ “භූතයා”, “යකා”, “මහසෝනා”, “ඊරියකා” , “කාලි“ වගේ වචන නිරන්තරයෙන් භාවිත වෙනවා. මේ වචන භාවිතය කොයියම් කුමන කාලයකදී භාවිතයට ආවාද සොයා ගෙන නැතත් ඒවා එන්නට ඇත්තේ “භූතාපසරණ” ක්‍රියාවලියත් සමඟයි.
කිසියම් සමාජයක සාමාන්‍ය ජනවහරට වචන එක් වෙන්නේ එහි උප සංස්කෘතින් මඟින්. ජනසන්නිවේදනයේදී එම වචන භාවිත වෙන්නේ බහුල වශයෙන් ඒ වදන් භාවිත වීම නිසා.
ඒ අනුව “භූතයා” යන්න අද කෘෂිකර්මාන්තයේදීත් යොදන ප්‍රබල වදනක් වී හමාරයි. කෙතේ ගොයම් කපන යන්ත්‍රයට අද යොදන තවත් නාමයකි භූතයා ‘භූත’ යනු භූතයන් හඳුන්වා දීමයි. එහිදී අපසරණය යන්න ‘සරණයට’ ‘අප’ උපසර්ගය එකතුව නිර්මාණය වී ඇත.
මලලසේකර වදන් කොස්සට අනුව භූතයන් පලවා හැරීම යකුන් හෝ භූතයන් යැදීමෙන් හෝ විජ්ජා මන්ත්‍ර බලයෙන් පලවා හැරීමක් ලෙසින් දක්වයි. ඒ අනුව පරලය වීමද එහි කොටසකි. එනිසා යකදුරා ඡ්යධපජඪඵබ වෙයි. එම විෂය ඡ්යධපජඪඵථ වෙයි.
භූතයා ගැන සොයා බැලීමේදී ඔහු එසේ මෙසේ කෙනෙකු නොවේ. “භූත” යන්න අපේ ඈත කාලයේ වචනයක් නොවෙයි. එය අපේ වගේ අප,ි අපේ අයට ශ්ලේෂාලංකාරයෙන් යෙදුවත් එය සකු වදනකි. ඒ අනුව එහි හෙළ තේරුම ‘හටගත් තැනැත්තා’ යන්නයි. ඒ අනුව මිනිසාද භූතයෙකි. භූතයාට විවිධ වෙස් ගත හැකි නිසා කාර්යාලයේ ප්‍රධානියා හෝ තවත් දන්න වෙනත් අයෙකු භූතයා ලෙසින් පෙනිය හැකිය. ඒ කියන්නේ එසේ කියන්නාට “භූතයා” පිළිබඳ කුමන හෝ සංකල්පනාවක් තිබී ඇත. මිනසා භූතයෙකු වුවද ඔහු තවත් භූතයකුට එනම් මිනිසෙකුට හෝ ගැහැනියකට පෙනේ. එහෙත් දෙවියන් හා අමනුෂ්‍යයන් අපට නොපෙනේ. නොපෙනෙන ඔවුන්ද භූතයන්ය.
ඔන්න භූතයා කියන්නේ අපිටමයි කීවත් ඒක තවත් අවුල් කෙරෙන තැනකට පත්වෙන්නේ භූතයන්ට පේත, පේ‍්‍රත කියාද යොදන නිසාය. මිනිසෙකුට භූතයෙක් කීවම ඔහු අවුල් වෙන්නේ හිතින් විතරක් වුණාට “පේ‍්‍රතයෙක්” කීවාම නම් ඔවුන්ගේ මුවින් පිටවෙන වචනද අවුල් වෙයි. හේතුව පේත, පේ‍්‍රත කියන්නේ මළගිය ඇත්තන්ට වීමය. භූතයා නම් නොපෙනුණන් හටගත් තැනැත්තෙකි. නිවන් යාමට දඟලන අපේ අයට “නිවන් සැප ලැබේවා” කියා පැතුව හොත් ඔවුන්ට මළ පේ‍්‍රතයෝද භූතයෝද වැහෙයි.’ පෙතං පරලොකං ගතො’ කියන්නේ මළ තැනැත්තා හා පරලොව ගිය තැනැත්තා කියාය.
“නිකාය සංග්‍රහය” සඳහන් කරන්නේ,
“තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවාච රත්තෝච හරන්තියේ බලිං
තස්මා නේ රක්ඛත අප්පමත්තා”
භූතයන් වී ඉපදෙන්නේ මැරෙද්දි ලෝභ සිතින් මිය යාමෙන් බවයි.
එසේම “අංගුත්තර නිකායේ” බලි ගැන කියද්දී ‘භූත’ ගැනද සඳහන් වෙයි. “භූත බලි“ , “අත්ථි බලි“ , පේතබලි“ “රාජබලි‘ හා දේවබලි අනෙක් බලි වෙත්. වරෙක බුදුහාමුදුරුවෝ ඇසට නොපෙනෙන භූතයෝද දෙවියෝද සිටී” යැයි” භූතාවා සම්බවේසිවා” යැයි වදාරා ඇත.
මිනිසාගේ ඇතිවීමත් භූත කාරියකි. ඒ අනුව මිනිසාද භුතයෙක් වීම සාධාරණය. හේතුව මිනිසා ද භූතයෙකු වුවත් ඇතැම් භූතයන් නොකරන “භූත වැඩද” මිනිසා කිරීමෙනි. ඒ අනුව “භූතයා” යනු කිසියම් ස්ථාවර ප්‍රතිපත්තියක් ඇත්තෙකි. එහෙත් තෘෂ්ණාවෙන් මියැදීම නිසා භූතයන් වන මිනිසාගෙන් භූතයා වීමෙන් පසුවත් මනුෂ්‍ය කාලයේ පෙන්වූ සමාජ සාරධර්මයෙන් දුරස්ත වූ ක්‍රියා කිරීම නිසා භූතයෝ අතරද වෙනස් අය සිටී. එයට බලපාන තවත් හේතුවක් ලෙස විශ්වයේ ශක්තිය පංච මහා භූත එකතුවක් නිසා සිදු විය. ඒ නිසාම මිනිසා එම පංච මහා භූතයන්ගේ නිර්මාණයකි.
යකුන් හෝ භූතයන් මිනිසුනට වැහෙන බව සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවතින අදහසකි. එයින් මිනිසාගේ තුන්දොස් කිපෙන බව කියයි. ඒ නයින් සලකා බැලුවහොත් වර්තමානයේදී සිටින බහුතරයන්ගේම තුන් දොස් කිපී ඇත. බෞද්ධයන් කියන්නේ, ස්වභාවික හෝ අස්වාභාවික හේතු නිසා ලෙඩ රෝග වැලඳෙන බවයි.
බුදු දහමේදී “භූතයා” විග්‍රහ කෙරෙන්නේ දර්ශනයක් වශයෙන් කෙරෙන විග්‍රහයකට අනුව බව පෙනෙයි. පේ‍්‍රතයො, යක්කු, භූතයෝ බුදුදහමට අනුව “දුෂ්ට ය. ඔවුන් මිනිසාට වැහෙන්නේ, ක්‍රෝධය, ඊර්ෂියාව, ලෝභය නිසාය. මේ නිසා ඔවුන් ‘දුෂ්ට යන්ය. ඒ අනුව පෙනී යන්නේ, ක්‍රෝධය ,ඊරිසියාව, ලෝභය, තෘෂ්ණාව ‘දුෂ්ට ය. ඒවා ‘කළු’ය. සිරුරේ හෝමෝන පිළිසිඳීමේ විභවතා නිසා මෙසේ සිදු වෙයි. මන්ද ඒවා කළුය. එබැවින් දුෂ්ට වෙයි. මිනිසුන් සිටින්නේ අපේ රටේ පමණක් නෙවෙයි. විදෙස් රටවලද සිටී. ඒ අනුව “භූතයා” මෙරටට පමණක් සීමා නොවු ජාත්‍යන්තර තලයේ ඇසට නොපෙනෙන බලවේගයකි. එහෙත් පියෙවි දෑසට නොපෙනෙනවා කියන ඒ විදෙස් භූතයන් වර්තමානයේදි අධිතාක්ෂණය යොදා එවන් කැමරාවලින් රූ ගත කිරීමේදි ඔවුන් හමුවී ඇත. පේ‍්‍රතයන්, භුතයන් ඉන්නා බව මුල සිටම ගැමියන් විශ්වාස කළ බව පෙනේ.
ඒ ඔවුන්ගේ නූගත්කම නිසා නොව දිගුකාලීන විශ්වාස මත පදනම් වීමෙනි ‘බලිගාය’ කවි තහවුරු කරන්නේ එයයි. ඉන් භූතයන් ඉන්නා තැනද කියවෙයි.
“කඩුල්ල මුල චොලංකඩ දුන් නේ
තුං මං හන්දියේ කොළ ඇවිදින් නේ”
එක් අතකින් සුවපත් ජීවිතයකට එය දෙනු ලබන ආදර්ශයකි. අපිරිසිදු කම් එපා. පිරිසිදුවට ඉඳපල්ලා. තැන තැන ඉඳුල් දාන්න එපා. එය යහපත් හා නීතිගරුක සමාජයක පැවතිය යුතු ගුණයකි. ඉන් තහවුරු කෙරෙන්නේ ඒ නූගත් බලි ඇදුරාගේ ශිල්පීය මිනිසාගේ යහපත් ජීවන රටාව හා පැවැත්ම පිළිබඳ කිසියම් පූර්ව උපදෙස් දීමකි.
භූතයා පිළිබඳ කියමන් විද්‍යාවට අනුව නිර්වචනය කරන්නට නොහැකිය. විද්‍යාවට හසු නොවන සියල්ල විශ්වාස කළ නොහැකි දේ නොවේ. එයට හේතුව විද්‍යාව ආදී මානවයාගේ මනෝ තාක්ෂණික නිපයුම් දැන ගැනීමට හැකි යන්ත්‍ර හා විධි තවමත් නිපදවා නැති නිසාය.
(සංවාදයට විවෘතයි)