සාමාන්‍ය පෙළ විභාගයට ඕනෑම මොහොතක පිටත් වන දරුවන්ට ජය ගෙනෙන ක්‍රමයක්

මැයි 3, 2024

 

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානමින් සිටින දැයේ දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය පතා පහත සඳහන් සුබ ක්‍රම ඉදිරිපත් කෙරේ. මේ ගාථා ස්තෝත්‍ර හෝ යාච්ඥා භාවිත කරන ඔබට ඔබේ විභාග කටයුතු මෙන්ම සම්මුඛ සාකච්ඡා ආදිය සඳහා ද කිසිදු පැකිළීමකින් තොරව ඉදිරිපත් විය හැකි වන අතර සියලු සුබ සිද්ධිය උදා වේ. විභාගයට පිටත් වන ඕනෑම වෙලාවක පහත බලගතු පද්‍ය භාවිත කරමින් සුබවාදී අරමුණින් ඔබ ගමන් ඇරඹිය යුතු වේ. ඔබ ඔබේ කේන්දරය අනුව නැකැත් සදාගෙන සිටින්නකු වුවත්, එසේ නොකරන්නෙකු වුවත් විශ්ව ශක්තිය හා බැඳුණු බලය ඔබ වෙත ලබා දෙන මේ ගාථා රත්නය බෞද්ධ දරුවන්ටද, ස්තෝත්‍රය බෞද්ධ හා හින්දු දෙවිවරුන් අදහන දරුවන්ට ද, යාච්ඥාව ක්‍රිස්තු භක්තික දරුවන්ට ද භාවිත කළ හැකිය. මේ කිසිදු ආගමකට අයත් නොවන දරුවන්ට වුවද මේ සුබ ප්‍රාර්ථනා භාවිත කිරීමෙන් යහපත සහ ජය ලැබෙනු ඇත. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ මේ ඕනෑම ගාථාවක් හෝ ස්තෝත්‍රයක් හෝ යාච්ඥාවක් විශ්වයේ බලගතු අංකයක් වන නවයේ ගුණාකාරයකින් භාවිත කළ යුතු වීමයි. එබැවින් ඔබට කාලය ඇති පරිදි නව වරක් 18 වරක්, 27 වරක් හො 108 වරක් වශයෙන් භාවිත කර ගුණ ලබාගත හැකිය. ගමනේ යෙදෙන අතරතුර ද ඒවා සිහිපත් කරමින් ගොස් විභාගයට ඉදිරිපත් වීමෙන් මතක අවධි වීම, අමතක නොවීම සහ නිවැරැදිව කරුණු ගොනු කර ගැනීමට හැකි වීම යන විභාගයක අත්‍යවශ්‍ය අංග සඳහා කායික, මානසික, පාරිසරික මෙන්ම විශ්වීය ශක්තිය ඔබ වෙත ඒකරාශී වනු ඇත.

බෞද්ධ දරුවන් සඳහා

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාජයෝහී

උග්ඝෝසයුං දේව ගණා පසන්නා

ඒතේන සච්චේන ජයස්සු මයිහං

 

ගණ දෙවියන් අදහන දරුවන් සඳහා

ගජවදන මචින්ත්‍යං

තීක්ෂණ ධංස්ත්‍රං ත්‍රිනේත්‍රං

භෲහ දුදර මහේෂාං

පූර්ණ රූපං පුරාණං

අමර වර සූජ්‍යං

රක්ත වස්ත්‍රං සුකේශාං

පශුපති ශුඛමිශං

විග්න රාජං නමාමි

 

ක්‍රිස්තු භක්තික දරුවන් සඳහා

දේව මෑණියනේ

කන්‍යා කුමරියනේ

අපව නිතර බලාගන්න

පෙම්බර මෑණියනේ

දේව මෑණියනේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.