දේශීය අත් බෙහෙත්

ජූලි 24, 2020
දියගෙඩි හා බිබිලි - 
කොහොඹ කොළ, මුරුංගා කොළ සිහින් වෙන්ට අඹරා දෙහි ඇඹුල් ස්වල්පයක් දමා ගෑමට හැකි තරමට වතුර ද දමා එම ස්ථානයන්හි හොඳින් තවරන්න. 
 
ගෙඩිවලට - 
ඇඹුල් දොඩම් කොළ, පොතු, හීන් නාරං කොළ, පොතු, අංකෙන්ද කොළ, පොතු, අමු කහ ලුණු දමා කොටා මලවා බඳින්න. 
 
ගෙඩි (පත්තුවක් ) - 
ඔළිඳ ඇට මද, කුඹුරු ඇට මද, පුස් (සිල්ලු) ඇට මද, තල සමව ගෙන කබලෙන් බැද මී පැණියෙන් අඹරා ගානු. දින 2 ක් පමණ ගෑමෙන් ද ගෙඩිය තිබේ නම්, හීන් මැලියම්, පෙරුම්කායම්, යබර, ගඩොල් කුඩු යන පස් වර්ගයත්, ඉහත සඳහන් පස් වර්ගයත් යන දස වගය පෙර ලෙසම කබලෙන් බැද මී පැණියෙන් අඹරා ගාන්න. ගෙඩි දිය වේ. 
 
ගෙඩි දියවීමට - 
දසාංග ලේපය, සියඹලා කොළ ඉස්මෙන් අඹරා පිට ගාන්න. 
 
ගෙඩි දිය නොවී ඇතිවිට පැසවීමට - 
වසතැල්ල කොළ එළකිරෙන් හෝ පොල් කිරෙන් තම්බා අඹරා ගානු. 
 
ගෙඩි පැසවී සාරය පිටවීමට - 
1. කෝලි කුට්ටු (අමු) ගෙඩියක් උණු අළු පල්ලේ දමා මී පැණියෙන් අඹරා ගානු. 
2. හෙන්දිරික්කා අල, වල් ලූනු උණු අළු පල්ලේ දමා මී පැණියෙන් අඹරා ගානු. 
විසර්පයට - නුග, අරළු, කෙසෙල්, නෙළුම් අල මේවා ගිතෙලින් අඹරා ගෑමෙන් සුවය ලැබේ. 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.