නිරෝගීකම රැකගන්න පිහිනීම ඉතාම හොඳ ව්‍යායාමයක්

මැයි 28, 2021

පිහිනීම තුළින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්න ලේසියෙන්ම පුළුවන්. ශරීරයේ අනවශ්‍ය ලෙස මේද තැන්පත් වීම වළක්වා ගැනීම, එමඟින් සිරුරේ හැඩය මනාව පවත්වා ගැනීම, බෙල්ල, උරහිස්, අත් පා, උකුල ආදී ප්‍රදේශ වඩා නම්‍යශීලීව තබා ගැනීම, ශරීරයේ අංග අතර සමායෝජනය හොඳීන් පවත්වා ගැනීම, හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය නිරෝගිව පවත්වා ගැනීමට සහ හෘද රෝග වැළඳීමේ අවධානම අඩු කර ගැනීමට පිහිනීම ඉතා හොඳ ව්‍යායාමයක්.

 

 

පිහිනීම ඉතා විනෝදජනක කී‍්‍රඩාවක් ලෙස හැඳීන්වීම නිවැරදියි. නමුත් පිහිනීම සඳහා නිසි පුහුණු වීමක් අවශ්‍ය වෙනවා. හොඳ පුහුණුකරුවකුගේ මාර්ගයෙන් නිවැරදි ක්‍රමවේදයන් ඔබට ඉගෙන ගත හැකියි.

සම්පූර්ණයෙන්ම මුළු ශරීරයටම දැනෙන ලෙස කළ හැකි ව්‍යායාමයක් බැවින් පිහිනීමේ යෙදෙන අයට ඉන් ප්‍රයෝජන රැසක්ම ලබා ගන්න පුළුවන්.

පිහිනීම වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්න ලේසියෙන්ම පුළුවන්. ශරීරයේ අනවශ්‍ය ලෙස මේද තැන්පත් වීම වළක්වා ගැනීම, එමඟින් සිරුරේ හැඩය මනාව පවත්වා ගැනීම, බෙල්ල, උරහිස්, අත් පා, උකුල ආදී ප්‍රදේශ වඩා නම්‍යශීලීව තබා ගැනීම, ශරීරයේ අංග අතර සමායෝජනය හොඳීන් පවත්වා ගැනීම, හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය නිරෝගිව පවත්වා ගැනීමට සහ හෘද රෝග වැළඳීමේ අවධානම අඩු කර ගැනීමට පිහිනීම ඉතා හොඳ ව්‍යායාමයක්.

සන්ධි, දණහිස්, වළලුකර ශක්තිමත් වෙන්න, තරබාරු බව අඩුකර ගන්න පිහිනීමට හුරු වෙන්න.

පිහිනීම කියන්නේ සන්ධි වලට එනම් දණහිස්, වළලුකර, ආදී ස්ථාන වලට අවම පීඩනයක් ගෙන දෙන එහෙත් ඇවිදීම හෝ සෙමෙන් දිවීම හා සමානවම කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට සමත් ව්‍යායාමයක්. තරබාරු අයට ඇවිදීම, සයිකල් පැදීම වැනි ව්‍යායාමයකට වඩා පිහිනීම පහසු වන්නේ ඔවුන්ගේ සිරුරේ බර දැරීමට ජලය ඉතා විශාල වශයෙන් සහාය වන බැවිනුයි. ශරීරයේ සන්ධිවල සහ පේශී වල නම්‍යශීලීතාවය හොඳීන් පවත්වා ගැනීමට පිහිනීමේ යෙදෙන අයට අන් අයට වඩා හැකියාවක් ලැබෙනවා. පිහිනීම ස්වායු ව්‍යායාමයක් නිසා එමඟින් හෘදය වස්තුව ශක්තිමත් වීමත් සිදුකරනවා. වඩාත් කාර්යක්ෂමව රුධිරය පොම්ප කිරීම, එමඟින් ශරීරය පුරා මනාව රුධිර සංසරණය සිදු කිරීම වැනි යහපත් ප්‍රතිඵල රාශියක් අඩු තරමින් සතියට දින 4 ක් වත් දිනකට විනාඩි 30 – 40 ක් පමණ පිහිනීම තුළින් ඔබට අත් විඳීය හැකියි.

පපුවේ මහන්සිය, නින්දෙන් ගෙරවීම අඩුකර ගන්නත් පිහිනීම උදව් වෙනවා.

ඔබ ඇදුම, හතිය වැනි ශ්වසන ආබාධවලින් පෙළෙන්නේ නම් පිහිනීම තුළින් විශාල සහනයක් ලබාගත හැකිවනු ඇති. එපමණක් නොව හුස්ම ගැනීමේ අපහසුතා, නාසයෙන් නොව මුඛයෙන් හුස්ම ගැනීම, නින්දේදී ගෙරවීම වැනි තත්ත්වයන් ද පිහිනීමේ යෙදීම තුළින් යථා තත්ත්වයට පත්කර ගත හැකි වෙනවා. තවද එම රෝගී තත්ත්වයන් නොමැති අයට පවා එවන් රෝගයක් වැළඳීමේ අවධානම ද මෙමඟින් ඉතා හොඳීන් අවම කරගත හැකියි.

 

දියවැඩියාවටත් මානසික සුවයටත් පිහිනීම වඩාත් ප්‍රතිඵලදායකයි.

පිහිනීමේ යෙදෙන අයට ලැබෙන ප්‍රතිලාභ අතර දියවැඩියාව රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු කර ගත හැකි වීමද ප්‍රධාන තැනක් ගන්නවා. එමෙන්ම ඔබ දැනටමත් දියවැඩියාව රෝගයෙන් පෙළෙනවා නම් ආරක්ෂාකාරි පියවර අනුගමනය කරමින් (ශරීරයේ සීනි ප්රැමාණය එකවර පහළ යාමේ අවදානම ඇති බැවින්) පිහිනීමට හැකි නම් එම රෝගී තත්ත්වය මනාව පාලනය කර ගැනීමට ඔබට උපකාරී වේවි.

පිහිනීම ඉතාම සාර්ථක මානසික ඒකාග්‍රතාවය ලබාදෙන ව්‍යායාමයක් බැවින් ඔබගේ එදිනෙදා වැඩ කටයුතු හොඳීන් සැලසුම් කර ගැනීමටත්, යම්කිසි කටයුත්තක් කෙරෙහි අවධානය දිගටම පවත්වා ගැනීමටත්, මොළය වෙහෙසවා කළ යුතු වැඩ හොඳීන් කිරීමටත් පිහිනීම තුළින් ඔබට ලැබෙන යහපත් ප්‍රතිඵල ලෙස දැක්විය හැකියි.

 

රඹුක්කන,

කීර්ති එස් කුමාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.