වැසි සමඟ ඇතිවන රෝගයන්ගෙන් මිදෙමු

ජනවාරි 6, 2023

වර්ෂාව අධිකවීම හේතුවෙන් මේ දිනවල නාය යෑම්, සුළං හැමීම ගස්,ගල් පෙරළීමෙන් සිදුවූ හානිය අපමණය. ශ්‍රී ලාංකික බහුතරයක් ජනයාට වරින්වර ජල රකුසාගෙන් පීඩා විඳීමට සිදුවිය.

 

වර්ෂාව සහිත උපද්‍රවවලදී අතීසාරය රෝගී තත්වයන්ට මුහුණදීමටද මනුෂ්‍යයාට සිදුවේ. වතුර උණුකර නිවාගෙන පානය සඳහා ගැනීම මෙවැනි අවස්ථාවලදී යොදා ගැනීම උචිතවනු ඇත. උණුකර නටවා ගත් ජලය පානය විශේෂයෙන් වර්ෂා කාලවලදී අනුගමනය කළ යුතු විශේෂ කාර්යයකි.

වැසි සමයේ සමහර උදවියගේ ඇඟිලිකරු ආසාදිත තත්ත්වයකට පත්වනු ඇත. එවිට පොල්තෙල් සමඟ කහකුඩු මිශ්‍රකර අනාගන්න. එම ආලේපයට දෙපා උණුදියෙන් සෝදා ගැනීම මැනවි. මෙවැනි ආසාදිත තත්ත්වයකදී දෙපා කැසීම, දැවිල්ල, සහ සම ගැලවීයාම සිදුවනු ඇත. මීට සරිලන ප්‍රතිකාරයක් නොකළහොත් විෂබීජ ශරීරයට ඇතුල්වීම නිසා පාඇඟිලි වණ වී යා හැකිය.

ජලයෙන් රෝග ඇතිවීම නිසා ශාරිරික අභ්‍යන්තරයෙහි තුලනය (සම බව) ආරක්ෂා කරගැනීමට අපහසු වනු ඇත. සාමාන්‍යයෙන් දිනකට වතුර වීදුරු 8 (අටක්) වත් පානය කිරීම අවශ්‍ය වනු ඇත. බොහෝ දෙනෙකු වතුර වීදුරු 2/3 ක්වත් පානය නොකරන බව සැබෑ කරුණකි. ශරීරාභ්‍යන්තරයේ ක්‍රියාකාරිත්වයට ජලය බොහෝ සේ ඉවහල් වනු ඇත. මිනිස් මොළය 90%ක්ම නිමැවී ඇත්තේ ජලයෙනි. ශරීරයේ උෂ්ණත්වය ද පාලනය කරනු ලබයි. රුධිරයේ 83% ජලය අඩංගුව ඇත. ශාරීරික විෂ අවම කිරීම උදෙසා බෙහෙවින්ම ජලය උපයෝගි වනු ඇත. අස්ථිවල 22%ක ප්‍රමාණයක් ජලය අඩංගුව ඇත්තේය. යහපත් ශරීර සෞඛ්‍යය සම්පන්න ජීවිතයකට ජලය උපයෝගී වනු ඇත.

එමෙන්ම අපට අවශ්‍ය ඔක්සිජන් සෛලවලට ගෙන යන්නේද පෝෂ්‍ය පදාර්ථ ගෙන යන්නේද ජලය මඟිනි. වාතය පිරිසුදු කිරීම ද පෙණහලුවල ක්‍රියාකාරිත්වය ඇතිකිරීමට ද ජලය උපයෝගි වනු ලැබේ. ඉන්ද්‍රිය ආරක්ෂකයා ලෙස ක්‍රියාකාරි වේ. එනම් ඉන්ද්‍රියන්ට අවශ්‍ය විටමින් පෝෂණ දෑ උරාගැනීමට ජලය උපකාරි වනු ඇත. මාංශපේශිවල 75% අඩංගු වන්නේ ජලය වේ. හොඳින් ජලය පානය කළ විට ශරීරයේ බර පහතට වැටෙන බව ඔබ දන්නවාද? ඊට හේතුව ශාරීරික අපද්‍රව්‍ය ජලය මඟින් ඉවතට යන බැවිනි.

කුසගිනි දැනුණ මොහොතක ජලය පානය කිරීමෙන් කුසගිනි නිවෙනු ඇත. සිරුරෙහි ඇති කොලෙස්ට්‍රෝල් සහ අනවශ්‍ය මේදය ගෙන යන වාහකයා ජලය වනු ඇත. ශරීරයේ හැඩය නියම ලෙස පවත්වා ගැනීමට නම් ජලය පානය කළ යුත්තේය. මිනිසාගේ සිතීමේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමට නම් ජලය පානය කළ යුත්තේය. පවිත්‍ර ජලය පානයෙන් සම නීරෝගි වනු ඇත.

ශරීරයේ උණුසුම ජලය මඟින් පාලනය වනු ඇත. ඔබ ව්‍යායාම කරන මොහොතේදී ජලය පානය කරන විට මාංශපේශිවලට ඉන්ධනයක් ලෙස ක්‍රියාකරනු ඇත. ආතරයිටිස් ,රූමැටික්උණ, උණසන්නිපාතය, වකුගඩුරෝග ආදි අවස්ථාවලදී ජලය පානයෙන් එය ඖෂධයක් ලෙස ක්‍රියාකරනු ඇත. ඔබේ ශරීරයේ ජල ප්‍රතිශතය අඩු මට්ටමක රඳා පවතින්නේ නම් හෘද වස්තුව වැඩියෙන් වැඩ කරනු ඇත. එය සමස්ත ශරීරයේම වෙහෙස ගෙන දෙවන අවස්ථාවක් විය හැකිය. එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ අපහසුතාවන් අතරින් විශේෂයෙන් මල බද්ධයටද ප්‍රතිකාරයක් ලෙස ජලය පානය කිරීම වඩාත් ප්‍රයෝජනවත්ය. ඒ සඳහා කෙඳි සහිත ආහාර සමඟ ජලය මුසුවීමෙන් මළබද්ධ ක්‍රියාවලිය මඟ හැරීමට සහාය වනු ඇත. මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් ඇත. අන්ත්‍ර (බඩවැල) සහ ඒ ආශි‍්‍රතව හට ගනු ලබන පිළිකාවලට හේතුවද ක්‍රමවත්ව, නිසිපරිදි ජලය පානය නොකිරීමය. මේ ආදී කරුණූු අනුව සලකා බැලීමේදී ශරීරයේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ඇති සෑම කොටසක්ම සෛලයක්ම ක්‍රියාත්මක වීමට ජලය අත්‍යවශ්‍ය වේ.

බෞද්ධ ජනයා බොදු පිළිවෙත් අනුගමනය කිරීමේදී බුද්ධ පූජාවන්හිදී පැන් බඳුනක් තබා ආශිර්වාද පතන බව සැබෑ කරුණකි. එපමණක් නොව පිරිත්පැන් පානය කිරීමේදී රෝදුක් නිවාරණය වන බවද සෙත් ශාන්තියක් ලැබෙන බවද බොඳුනගේ විශ්වාසය වේ. එමෙන්ම මුස්ලිම්වරුන් විසින් දේවස්ථානයේ කපු මහතා විසින් ලබාදෙන ශුද්ධ ජලය පානය කර ඔවුන් අපේක්ෂා කරන්නේද ජීවිතයට ආශිර්වාදයක් බව සිතිය හැකිය. ජලය උතුම් දෙයක් බවද ආහාරයක් නොමැතිව කල් හැරියද ජලය බිඳක් නොමැතිව පිපාසය සංසිඳවාගත නොහැකි බව කිව යුතුය.

මේ වැසි සමයේදී පානීය ජලය සපයා ගැනීම අපහසු වන අතර ළිං, වැව්, ගංගා පොකුණුූ ආශි‍්‍රත ජලය දූෂිත තත්ත්වයට පත්වීම නිසා පානය සඳහා උණුකර නිවාගත යුතුවේ. විශේෂයෙන් කුඩා දරුවන්ගේ ජලීය අවශ්‍යතාවලදී වැඩිහිටියන් විසින් ගත යුත්තේ පරිස්සම් සහිත පියවරකි.

ඇයිද යනු කුඩා දරුවන්ට ඉක්මනින්ම විෂබීජ ශරීරගතවන බැවිනි. අතීසාරය, පාචනය, වමනය වැනි රෝග හට ගැනීම නිසා ශරීරය ඉක්මනින් දුර්වල වන බැවිනි. ගතට මෙන්ම සිතට ද සහනය ගෙන දෙවන ජලය අපිරිසිදු බවට පත්නොකර, අරපිරිමැස්මෙන් යුක්තව, ආරක්ෂාකාරී ලෙසට පරිභෝජනය කිරීම අපගේ වගකීම සහ යුතුකම වනු ඇත.

 

පාරම්පරික අක්ෂිරෝග විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.