දෑරංගල පාරම්පරික වෙදකමේ බෝවන රෝගවලින් ආරක්ෂාවීමට ඉපැරණි දේශීය වට්ටෝරු

දෙසැම්බර් 18, 2020

කොරෝනා විෂබීජය දැනට ශ්‍රී ලංකාව ආදි ලොව පුරා රටවල් රාශියක මුළුමනින්ම ව්‍යාප්ත වී ඇති බව පෙනේ. නමුත් මෙම රෝග තත්ත්වය පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් විවිධ ක්‍රම වේද අනුගමනය කරන බව අපට පෙනී යයි .

ඒ තත්ත්ව අනුව දේශීය පාරම්පරික ක්‍රම මගින් මේ උණ, හා කැස්ස. හුස්ම ගැනීමේ අපහසුතා පහළ වන රෝග ලක්ෂණද තවත් සමහර අයට රුධිරය හා එහි වේදනාව මෙන්ම හෘදයෙහි හා පෙණහලුවල හුස්ම ගැනීමේ අපහසුතා ඇති බව පෙනේ. ඉන් මිදීමට නම් පිරුවානා පොත් වහන්සේ ඊට කදිම නිදසුනකි. ‘රතනසූත්‍රය’ ආදි සූත්‍ර දේශනා ද යෝග්‍ය බව එදා දඹදිව ඇතිවූ තුන්බිය හා සමාන රෝග කාරක තත්ත්ව මේ වර්ෂයේදී ඇති වී ඇති බව පෙනේ. නමුත් ඒ කාලවකවානුවේදී ඇතිවූයේ ඒ ප්‍රදේශයෙහිම ඉතා විශාල ජන සමූහයක් එම තුන්බියට විශාල මහනුවරදී මුහුණ දී ඒ රෝග තත්ත්වයෙන් විශාල ජන සංඛ්‍යාවක් බුදුරජාණන් වහන්සේ විසින් පිරිත් කියා සුවපත් කළ ආකාරයෙන්ම වර්තමානයේදී මේ පිරිත් දේශනාව මගින් රෝගි ජනයා සුවපත් කරගත හැකි සූත්‍ර දේශනා ඇති බව සඳහන් කරන්නේ ඉතාමත් සතුටිනි. ඊට කදිම නිදසුනකි. රතනසූත්‍රය, මහා කස්සපථෙර බොජ්ඣංග සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ආදි සූත්‍රවලින් විශාල සංඛ්‍යාත රෝගි ජනයා හා බෝවන විෂබීජ නිවාරණයක් ඇති බව සත්‍ය කථාවකි. මේ දේශීය වෙදකමෙ හි ඉතා වටිනා ඖෂධ රාශියක් මේ වසංගත රෝගවලින් මිදීමට මර්දනයට හා දිවි රැකීමට පිටිවහලක් වනු ඇත්තේය. ඒ නිසාම ඉහත දැන ගත් රෝග ලක්ෂණ හා උණ, කැස්ස, හා හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය සිටිය හැකිය. ඒ නිසා ළඟම ඇති රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් පරික්ෂාකර ගන්න.

මේ වයිරස්වලට ප්‍රතිකාරය වශයෙන් ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, එළබටුමුල්, කිරාතනික්ත, ගොඩමානෙල් අල, සුදුහඳුන්, රත්කිහිරිය හා රත්හඳුන් ලෙස කසාය හෝ පේයාව සකස් කර දීම යහපත් වනු ඇති බවට සහතිකවම කිව හැකිය.

මේ රෝගයට මුහුණදීමට නම් බෞද්ධ දර්ශනයෙහි පිහිට ලොවට ම අවශ්‍ය බව මගේ හැඟීමයි. ඊට හේතු ගණනක් ඇති බව සඳහන් කරනු ලබන්නේ ඉතාමත් දුකින් හා ඊට චිකිත්සා ක්‍රමවේද අනුගමනය කරන ආකාරය අප මහා තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සදාකාලික නොපමාව විපාක ළඟාවෙයි. ඵල දෙයි. එනිසාම බුදුන් වහන්සේ දේශනා කරන ලද පිරිත් සජ්ජායනා කරන මොහොතේදීම විපාක සිදුවේ. බුදු පිරිතෙන් සකල මනුෂ්‍යවාසින්ට ශරීර සුවය, ආත්ම සුවය, හා ශාන්ති ළඟා කර ගත හැකිය. බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ලද රතනසූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, මහා බලගතුය. එයින් කළ හැකි දේ බොහෝය.

රතන සූත්‍රය. කරණීයමෙත්ත සූත්‍රය ,මෙත්තානිසංස සූත්‍රය, මහා කාස්සපථෙර බොජ්ඣංග සූත්‍රය ඛන්ධ පිරිත, චන්ද පිරිත, අංගුලිමාල පිරිත හා එම පිරිත්වලින් මිනිසුනට සෙත සදන ආකාරයක් ඊට කළ යුතු දේත් මෙහි සඳහන්ව ඇත. පිරිත් සජ්ඣායනයෙන් ඔබට ශාන්තිය සුවය සැලසෙන්නට නම් යහපත් ගුණධර්ම රැකිය යුතුය. දානමානාදී කටයුතුවල යෙදිය යුතුය. ක්‍රෝධ වෛරය බැහැර කළ යුතු කරුණාව, මෛත්‍රිය වැඩිය යුතුය. එවිට මේ පිරිත්වල ඵල ලබා ගත හැකිවේ.

පිරිත් වලින් සෙත් ශාන්තිය පතන ඔබ තෙරුවන් සරණගොස් පංචශීලයේ පිහිටුවා තෙල්මල් පහන් පූජාකොට බුද්ධ පූජාව තබා දැහැනට සමවැද තමන්ගේ කාරණය සිහිපත් කර දෙවියන්ගේ ආශිර්වාදයට පතා ඔබට අවශ්‍ය කාරණයට අනුව පිරිත් සජ්ඣායනා කොට අවසානයේදී මෙත් වැඩීමෙන් සකල ලෝකයටම ආශීර්වාද කළ හැකිය. ඒ විට බුදු පිරිතෙන් ඔබට සුවය ශාන්තිය, උදාකර ගත හැකිය. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා !! සුවපත් වෙත්වා කියා මි.

තවද බෝවන රෝගවලින් ආරක්ෂාවීමට හා එහි විවිධ කෂාය වර්ග රාශියක් ඇති බව අප මෙහිදී සඳහන් කරන්නෙමු.

“ඉධම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හොතු

යේ සුප්පයුත්තා මනසා දළ්හේන

නික්කාමිනෝ ගෝතමසාසනම්හි

තේ පත්ති පත්තා අමතංවිගය්හ

ලද්ධා මුධා නිම්බුතිං භුඤ්ජමානා

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු”

ඉහත දැක්වෙන ගාථා දෙකින් 108 වරක් පෙරුම්කායම් කැබැල්ලකට පිරිත්කර එම පෙරුම්කායම් කැබැල්ල පිරිසුදු රෙදි කඩක ඔතා අත් ගොබයේ බඳින්න. බෝවෙන රෝගවලින් වැළකිය හැකිය. තවද අප පරපුරට ආවේණික විෂබීජහරණය සඳහා විශේෂිත වට්ටෝරු අනුව දෑරංගල පාරම්පරික වෙදකමේ එන “දෑරංගල වසුරු ගුලිය” දෑරංගල උවදුරු හරණ තෛලය” යන විශේෂිත තෛල වර්ග හා ධූම වර්ග රාශියක් ඇති බව සඳහන් කරමු. තවද දේශීය වට්ටෝරු හා විෂ සෛල බීජ විනාශයට අගනා වට්ටෝරු හා විෂ සෛල බීජ විනාශයට අගනා වට්ටෝරු රාශියක් ඇති බව පෙනේ. ඒ මේ රෝගයට අනුව, වෙනිවැල්ගැට හෝ තිත්තවැල් කිරාත තික්ත වියළි කහ, කොත්තමල්ලි, වල්ගම්මිරිස්, යකාබැඳි වැල් හා බිං කොහොඹ විශේෂිත තැනක් ගන්නා බව කිව යුතුය. තවද දේශීය තැම්බුම් හෝ හා ප්‍රතිශක්තිකරණ ඔසු හා ආහාර වර්ග ඇතිවේ. ඊට යොමු විය යුතු බව සඳහන් කරන්නේ ඉතාමත් සතුටිනි. ඒ බව පහත දැක්වෙන වට්ටෝරුවලින් වඩාත් ප්‍රකට වන බව කිවයුතු වන්නේය.

දේශීය ආහාර /සකස්කරන විධි

කැඳ වර්ග - සව්හාල් කැඳ

ඖෂධීය කොළ අලවලින් කළ කැඳ –

මුං ඇට කැඳ

කුළුබඩු මිශ්‍ර කැඳ – මෙනේරි කැඳ

බැදි හාල් කැඳ – ලුණු කැඳ

පරණ සහල් කැඳ

බත්

උණුබත් – ගිතෙල් මිශ්‍ර බත්

දිය බත් – පැරණි සහල් බත්

තණ හාල් බත් – සුනු සහල් බත්

මුං කිරිබත් – මෙනේරි බත්

කිරි ආහාර

එළකිරි – මෝරු – මීකිරි – එළුකිරි – වෙඬරු – ගිතෙල්

පාන වර්ග

ඖෂධ පාන – මුං ඇට තැම්බු යුෂ

තැඹිලි කුරුම්බා – ජලය

කිරල පානය – පලතුරු පානය

උක් යුෂ – සියඹලා පානය

මෙහි සඳහන් වන්නේ නිරෝගි අයත් රෝගි අයත් ආහාර වශයෙන් සුළු වශයෙන් ගත යුතු ප්‍රතිශක්තිකරණ ආහාර රටාවකි.

ව්‍යාංජන

හත් මාළුව – කතුරුමුරුංගා මල්

පොළොස් ඇඹුල – පුහුල් ව්‍යාංජනය

මිරිස් හොද්ද – මඩුදලු ව්‍යංජනය

කවලම් පලා මැල්ලුම – කිරිහොද්ද

තැම්බුම් හොද්ද – කිරිකොස්

තිබ්බටු ව්‍යංජනය – බිම්මල් ව්‍යංජනය

විෂබීජ විනාශ කර හැකි අපේ දේශීය ඉපැරණි තැම්බුම් හොද්ද මේය. (සුතිකාවන්ටද දිය හැකියි. මෙහි පෙරුම්කායම් නොදමා සුතිකාවන්ට දෙන්න)

තැම්බුම් හොද්ද (උණෙන් පෙළෙන අයට සුදුසුය)

අවශ්‍ය ද්‍රව්‍ය

ගම්මිරිස් ඇට - 20

කොත්තමල්ලි මේස හැඳි 1

උළුහාල් තේ හැඳි 1

කරපිංචා ඉති 1

කුරුඳු පොතු කැබැල්ලක්

සුදුලූනු බික් 5

ගොරකා කැබලි 4

සූදුරු මේස හැඳි 1

වසාවාසි ස්වල්පයක් 1

කරාබුනැටි 4

පෙරුම්කායම් ස්වල්පයක්

රතුලූනු ගෙඩි 10

සියඹලා බොර ස්වල්පයක් – අලුත් මැටි භාජනයකට සියල්ල දමා හොඳින් පොඩි කරමින් වතුර කෝප්ප 5 ක් දමා කෝප්ප 1 1/2ට සිඳුවා පදම බලා බීමට දෙන්න. බඩ විරේක ඇත්නම් සියඹලා බොර වෙනුවට ගොරක යෙදීම සුදුසුයි. අවශ්‍ය නම් දෙහි එක්කර ඇඹුල් පදමට සකසා ගත හැකිය. තවද මේ දේශීය ධූම විධිය නැතහොත් දුම් මගින් විෂබීජ විනාශ කර ගැනීමේ හැකිව දේශීය ඔසුවල ඇත.

දෙහි කොළ , අමුකහ, හෝ වියළි කහ නික කොළ හීංඅරත්ත අල, කොහොඹ කොළ පාවට්ටා කොටු, උඳුපියලිය, සූදුරු, වදකහ, කළුදුරු, වැල්මී, එඬරු ඇට, මී ඇට, පෙරුම්කායම්, සුදුලූනු පොතු, දේවදාර කුඩු, සුදුහඳුන් අගිල් කුඩු රත්කිහිරිය කුඩු තෙල් අබතෙල් හා පැඟිරි මාන් යෙදා දුම් අල්ලන්න. විෂබීජ විනාශ වී යනු ඇත.

උණට හා වේදනාව හුස්ම ගැනීමේ අපහසුතාවයට කෂාය පාරම්පරික විශේෂ කෂාය පන්තියකි.

බෙලිමුල්, තොටිල,පළොල්මුල්, බිංකොහොඹ, වෙනිවැල්ගැට, ඇද්දෙමට, වියළි කහ, යන මේවාට කසා 8-1 ට සිඳි සීනි /මීපැණි දමා බීම ඊටම වෙනිවැලිගැට ,කොත්තමල්ලි, වියළි ඉඟුරු, ගම්මිරිස්,බෙලිමුල්, හීංඅරත්ත, විෂ්ණු ක්‍රාන්ති. බැබිල මුල්, වැල්මී, එළබටුමුල්, කටුවැල්බටු මුල්, පත්පාඩගම් මේවා කලං 1 මදටිය 10 බැගින් කිරා වතුර පත 8-1 ට සිඳ ඊට සුදුලූනු යුෂ බින්දු 3 යි, මීපැණි උක්පැණි දමා කෂාය දින 6 ක් බොන්නට දෙන්න.

උණ, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාව හා වාත වේදනාවට යහපති.

උණ රෝගින්ට නිතර නිතර පානයට දෙන්න

ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, දාරුහරිදා ,වෙනිවැල්ගැට, විෂ්ණුක්‍රාන්ති, වියළි කහ, මේවා කොත්තමල්ලි, බරට බරක් දමා, කබලෙන් බැද උදේ දවල් රෑට බීමට දෙන්න ඉතා යහපති.

දැන් පවතින කොවිඩ් 19 හෙවත් කොරෝනා විෂබීජය මුළුමහත් සමාජය අතර තවත් කාලසීමාවක් පවතින අතර ඊට ඔරොත්තු දීම සඳහා අපේ ඉපැරණි දේශීය වෙදකමේ පිහිට ලෝකයට ලබාදිය යුතු අවස්ථාවකි. උදාවන වර්ෂයෙන් මේ රෝග තත්ත්වය තවදුරටත් තිබිය හැකි අතර ඊට අභියෝගය ලෙස එයට මුහුණ දීමට අපට සිදුවනු ඇත්තෙමු. තවද අපේ ඉපැරණි අවුරුදු දහස් ගණන් තිස්සේ වෛද්‍යවරුන් විසින් භාවිතයට ගත්ත මේ හෙළ වෙදකම අද බොහෝ දෙනා අතර ජනපි‍්‍රය වන අතරට හැරී ඇති බව අපට පෙනෙනු ඇත.

මේ නිසාම මේ වෛද්‍ය ක්‍රමය ඉතාමත් ප්‍රතිශක්තිජනක, ඔසු රාශියක් දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය විසින් හඳුන්නා දී ඇති බව පෙනී යනු ඇත. එනම්, රතකල්කය, නවරත්න කල්කය, චන්ද්‍ර කල්ක, යම දේව කල්කය , ශර්කරාදි කල්කය, යශෝධරා කල්ක, යක්ෂ කල්කය, විනහරන කල්කය, විෂ්නු කල්කය, කලුකුමා කල්කය, බිළිඳු රාජ කල්කය, මලිඟුකල්ක, කොලකතුර කල්කය, හෙණරාජ කල්කය, දෑරංගල කල්කය, ගුංජා කල්කය, විෂභන්න කල්කය, පක්ෂාඝාත හරන කල්ක, ප්‍රතිශක්තිජන කල්කය, යනාදි කල්කද චූර්ණ වශයෙන් සුදර්ශන චූර්ණය , වාතභංග චූර්ණය, යක්කිලචූර්ණ, රාමචන්ද්‍ර චූර්ණය, පිත්තජචූර්ණය ,ජ්වර හරණ චූර්ණය, චවිකාචූර්ණය, තොටිල චූර්ණය. දසපංගු චූර්ණය, පස්පංගු චූර්ණය, නිකමුල් චූර්ණය, වෙනිවැල් චූර්ණය, කොත්තමල්ලි චූර්ණය, බැබිලචූර්ණ , ගොරක චූර්ණය යනාදී වශයෙන් ඖෂධ රාශියක් අන්තර්ගත රාශියක් වට්ටෝරු වශයෙන් දක්නට ලැබේ. තෛල වශයෙන් විශාල සංඛ්‍යාවක් ඇත. එයින් කරනු ලබන්නේ සුඛා තෛලය, යක්ෂභූත තෛලය , රණරෂි තෛලය.,දේව තෛලය. කළුකුමාර තෛලය, යම රාජතෛලය, යන පාන, අභ්‍යංගයට මෙන්ම යන්ත්‍ර වශයෙන් පැලඳීමට ඔසු තෛල භාවිත කළ හැකි බව මගේ අදහසයි. මේ තෛල සියල්ලම ප්‍රතිශක්තිකරණයට යහපත් බව සහතිකයි. මෙනිසා විවිධ ආහාර වර්ග රාශියක් දේශීය ආහාර ලෙස හඳුන්වාදී ඇති බව පෙනේ. එනම් තලප අපට හඳුන්වාදිය හැකි වන්නෙමු.

තලප

කුරක්කන් පිටි

තලප සකස් කිරීම පහත දැක්වේ . එනම්

අවශ්‍ය ද්‍රව්‍ය, කුරක්කන් පිටි ග්‍රෑම් 250 යි

ජලය අවශ්‍ය පමණ ලුනු ස්වල්පයක්

සාදාගන්නා ක්‍රමය – වතුර ළිප තබා උතුරන විට එයට කුරක්කන් පිටි ටිකට ලුණු දමා හොඳින් හැඳි ගා ගන්නා මෙය දිය හිඳෙන තුරුම හැඳි ගා ගුලියක් සේ සකස් කර ගන්න. මෙය කෑමට ආනම් හොද්දක් මස් හෝ මාළු හත්මාළු, හොදි භාවිත කළ හැකිය. එයද ශක්තිජනක ආහාරයක් බව සිතන්න.

මේ අතර දකුණු පළාත් හා සබරගමු පළාත්, මධ්‍යම පළාත් යන ප්‍රදේශවල වැඩි වශයෙන් භාවිත කරන කෙසෙල්බඩ නියඹලාව අතිශයින්ම ඉතාමත් වැදගත් වනු නිසැකය. ඒ නිසාම මෙහි එම වට්ටෝරුව සකස් කරන ආකාරයම පහත සඳහන් කර සිටින බව කිව යුතු වන්නේය. එය මෙසේ දැක්විය හැකිය. අතීතයෙහි ඇතිවු නොයෙකුත් ශරීරයට ඔරොත්තු දෙන රෝග සඳහා මෙය යෙදූ බව පැරණි ග්‍රන්ථී සාක්ෂි දරනු ඇත.

එනම් එය මෙසේද දැක්විය හැකිය. එය පහත දැක්වේ.

කෙසෙල්බඩ නියඹලාව

අළු කෙසෙල් බඩ කැබැල්ලක්

පැසුණු ගස් ලබු ගෙඩි 01 ක්

රතුලූනු ග්‍රෑම් 15 ක්

සුදුලූනු බික් 4 ක්

හාල් මේස හැඳි 01 ක්

උළුහාල් තේ හැඳි 01ක්

අබ, ගම්මිරිස් ස්වල්පයක්

අමු මිරිස් කරල් 5 ක් ගා ගත් පොල් මේස හැඳි 01. රම්පේ, කරපිංචා, කුරුඳු ස්වල්පයක් . දියකිරි කෝප්ප 02ක් මිටිකිරි කෝප්ප 01 යි ලුණු අවශ්‍ය ප්‍රමාණයට කහ සවල්පයක් උම්බලකඩ කුඩු තේ හැඳි 02 යි.

සාදන ක්‍රමය

අලුකෙසෙල් බඩය සෝදා සිහින්ව කපා ගන්න. ගස්ලබු ගෙඩිය පොතු හැර සිහින්ව කපා ගන්නා හාල් පොල්, අබ . සුදුලූනු, ගම්මිරිස් , සිහින්ව අඹරා ගන්න. කපා ගත් අලුකෙසෙල් බඩ හා ගස් ලබු භාජනයකට දමා අඹරා ගත් ද්‍රව්‍ය ටික එයට කවලම් කරන්න. දිය කිරි එකතු කර ලිප තබන්න. පසුව මිටිකිරි එකතු කරන්න. කිරි පැසුණු පසු ළිපෙන් බා ගන්න. මෙය, අර්ශස් මලබද්ධ අවස්ථා සඳහා ගුණ දේ. අන්ත්‍ර පිරිසුදු කරයි. හා ශරීර ශක්තිය ඇති කරන අතර විශේෂයෙන් පිළිකා හා ජ්වර රෝග නසනු ඇත.

මේ කොරෝනා වෛරසයට ඔරොත්තු දෙන විශාල ආහාර රාශියක් දක්නට ලැබේ. තවද මේ අතර දේශීය පාරම්පරික රස වෛද්‍ය ක්‍රමයට ඉතා ජනපි‍්‍රය ඔසු ඇත. සිතාරම ගුලි රාම බානරස, මෘංජය රස, ගෘහත් චිත්තාමණී රස, ශ්‍රීමත් ජයතිලක රස යන රස ඖෂධ රාශියක් ඇති බව සඳහන් කරමි. මේ රෝගයෙහි රෝග ලක්ෂණ අනුව යෙදිය හැකි ඔසුවකි. ඒ සඳහා අපේ පාරම්පරික සිංහල වෙද ග්‍රන්ථි ඇසුර ලැබූ අතර අතීතයේදී අවුරුදුු දහසකට කලින් මෙවැනි රෝග තත්ත්වයක් ඇතිවූ අතර එය ඉතාමත් සාර්ථක ලෙස දේශීය වෛද්‍ය ක්‍රමවලින් සුව ලබා ඇති බව පෙනේ. එයට හේතුව සිංහල යක්ෂ සේනාවට ඥාති සම්බන්ධතා ඇති අය පවසා ප්‍රතිශක්තිය ශරීරයෙහිම තිබෙන බැවින් එයට කදිම නිදසුනකි. අපේ රටේ ආදිවාසින් ඔවුන් කුඩා මිරිස් වර්ග රාශියක් ඔවුන් විසින් වගා කර ආහාරයට ගැනීමත් ජලය හා උණුපැන් භාවිතය ඔවුන් තුළ දක්නට ලැබෙන තවත් එකකි. මේ බව දැන දේශීය පාරම්පරික වෙදකම ලොව ඉහළටම ගෙන යෑමට අප විසින් වෙර දරමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.