දියවැඩියාව මට්ටුක රන තෙබු

දෙසැම්බර් 3, 2021

රසයෙන් හා ගුණයෙන් පිරිපුන් ගම්බද වැවෙන දේශීය ශාක වර්ග වැඩි ප්‍රමාණයක් නාගරික ජනතාව හඳුනන්නේ නැති තරම්ය. එසේ වුවත් අද වනවිට තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස්වෙලා. දියවැඩියාව වැනි වත්මන් කාලයේ බහුල රෝග නිසාත් ඒවායින් බොහෝ දෙනා පීඩාවට පත්වී ඇති නිසාත් ඒවායින් මිදීමට නාගරික ජනතාව වැඩි වැඩියෙන් ගම්බදව වැවෙන පළා වර්ග, අල වර්ග, පළතුරු වර්ග ආදිය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බව රහසක් නොවේ.

ගම්බඳ බොහෝ සෙයින් මේවා වැවුනද අද වන විට නාගරික ජනතාව අතර මේවාට වඩාත් ප්‍රසිද්ධයි. එවන්වූ ශාක විශේෂයක් ලෙස තෙබු හැඳීන්විය හැකිය.

දෙල්කඳ, මහරගම වැනි ප්‍රකට පොළවල් වල මෙම තෙබු කොළ වරදින්නේම නැහැ. දියවැඩියාව සඳහා ගුණ දෙන නිසා දිනෙන් දිනම නාගරික ජනතාව අතර ඉතා ජනප්‍රිය ශාකයක් බවට තෙබු පත්වී හමාරයි. එසේම මේවා වෙළඳ පොළවලට රැගෙන එන සැනින් ඉක්මණින්ම විකිණී යන්නේ එනිසයි.

මේ අයුරින් තෙබු ජනතාව අතර ජනප්‍රිය වීමට හේතුව වනුයේ තෙබු කොළ ආහාරයට ගැනීමෙන් ලේ වල සීනි මට්ටම පහළ යන බවට ඇති විශ්වාසයයි.

ආයුර්වේදයේ මෙන්න දේශීය වෙදකමේ මධුමේහය යන නාමයෙන් හඳුන්වන දියවැඩියාව නමින් ඔබ අප සියලු දෙනා හඳුණන රෝගයේදී තෙබු කොළ ආහාරයට එක්කර ගැනීමට බොහෝ දෙනා ඉතා කැමැත්තක් දක්වනවා. එසේම තෙබු කොළ මගින් ලේ වල කොලෙස්ටරෝල් පාලනයද කරනු බවටද විශ්වාසයක් පවතිනවා.

අද වෙනකොට අපේ බහුතරයක් දෙනා විවිධ බෝ නොවන රෝග වලින් පීඩාවට පත් වෙලා ඒ වගේම ඒ සඳහා සුදුසු ප්‍රතිකාර සඳහා පිළියම් සොයනවා. එදිනෙදා ආහාර වේල තුළ පවා වෙනස්කම් කර ගන්න බොහෝ දෙනෙක් පෙළඹිලා.මොකද ගොඩක් දෙනෙකුගේ කටට පාලනයක් නැති වුණාට ලෙඩ වලට ලොකු බයක් තියෙනවා.

දිය වැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවෙන රෝග වලට හොඳ ප්‍රතිකාරයක් තමයි තෙබු කියන්නේ.

මේ රෝග වලින් ආරක්ෂා වෙන්න තෙබුවල තියෙන පෝෂ්‍ය පදාර්ථ තමයි.

ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේදය, කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් ආදියයි.

තෙබු වලින් අපට ලැබෙන ප්‍රයෝජන දිහා බැලු‍වම පෙනෙනවා තෙබු කොතරම් වටින ඖෂධාසාරයක්ද යන වග

තෙබු වලින් කුසගින්න ඇති කරනවා වගේම ආහාර රුචියද වැඩිකරනවා. ඒ වගේම සෙම, පිත, උණ, කැස්ස, ආදිය පාලනයට තෙබු ආහාරයට ගැනීමෙන් සිදුවෙනවා. ඉරුවාරදය නසන්න තෙබු ඉතා හොඳයි.

ශරීරය උෂ්ණ අයගේ සිරුර සිසිල් කරන්නත් තෙබු ආහාරයට ගැනීම හොඳයි. හමේ රෝග නසන්නත් තෙබු උදව් වෙනවා. ඇදුම රෝගයට, මල බද්ධයට, පණු රෝගවලට, තෙබු ඉතා ගුණයි. සමහර අයට ඇති වෙන මානසික ආතතිය පාලනය කරන්නත් තෙබු ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

ඒ වගේම තෙබු වැඩිපුරම උදව් වෙන්නේ දියවැඩියාව පාලනය කරන්න සහ කොලෙස්ටරෝල් පාලනය කරන්න.

මේ සඳහා තෙබු කොළ මැල්ලු‍ම, තෙබු කොළ සලාදය, තෙබු ගොබ ව්‍යංජනය, වගේ නොයෙක් විදියට සකස් කර ගන්න පුළුවන්.

කලක් තිස්සේ අපේ ගැමි ජනතාව මේ ආකාරයෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් විශේෂිත ගුණයක් ඇති වු අතරම අගුණයක් නම් කිසි විටෙක අති වනුයේ නැහැ.

දිනපතාම තෙබු ආහාරයට ගැනීම සුදුසු නැහැ. නමුත් සතියනට දින 2ක් හෝ 3ක් ආහාරයට ගැනීමෙන් සියළුම ලෙඩ රෝගවලින් සහනයක් ලබාගන්න හැකි වේවි.

ඒ වගේම තෙබු පැළය ඉතා අංලකාර සුදුපාට මල් පිපෙන පැළයක්. එනිසා අවට පරිසරය සුන්දර කරන්න මෙන්ම පලාවක් ලෙස ආහාරයට එක්කර ගන්න ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉතා පහසුවෙන් වගා කර ගන්න පුළුවන් පැළෑටියක් විදියට තෙබු හඳුන්වන්න පුළුවන්.

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.