මවුකිරි වඩන උදරාබාධ නසන කලාඳුරු

අගෝස්තු 11, 2023

සහන් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබා වසරක් වත් නැත.රජයේ රැකියා ලැබෙන තෙක් ඔහු උපන් ගමෙන් ඈත ප්‍රදේශයක පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කර ටික දිනකි. දිනක් උදේ වරුවේ ඔහු බෙහෙත් ශාලාවේ සිටින විට වයස අවුරුදු 10 ක් පමණ පිරිමි ළමයෙක් තම මව සමග ප්‍රතිකාර ගැනීම සඳහා එහි ආවේය.

මොකද? අම්මේ කවුද ලෙඩා යනුවෙන් සහන් විමසූ විට අනේ මහත්තයෝ මේ මගේ පුතාට බඩේ අමාරුවක් හැදිලා. ඒකට බේත් ගන්න ආවේ. යනුවෙන් මව පිළිතුරු දුන්නාය.

මොකක්ද? බඩේ අමාරුව මොකද වෙන්නේ යනුවෙන් සහන් ඇසූ විට සැරින් සැරේට බඩ රිදිල මළ පිටවෙනවා. අද දවසට හත් අට පාරක්ම එහෙම වුණා යනුවෙන් මව පිළිතුරු දුන්නේය.

මළ පිටවෙන විට ලේ යනවාදැයි. සහන් නැවත ප්‍රශ්න කළවිට ඇය කීවේ ලේ නොයන බවයි.

එහෙමනං බඩේ අජීර්ණයක් වෙන්න ඕන. ඊයෙ රෑට මොනවද කෑවේ යනුවෙන් සහන් ඇසූ විට මව පැවසුවේ ඊයේ රෑට කෑවේ දවල් උයපු මාලු සමග බත් බවයි.

එහෙමනම් අජීර්ණයක් ම තමයි. අපි මේකට කලාඳුරු අල කෂාය දෙමු. දවස් 3ක් විතර බොනකොට අජීර්ණය සනීප වේවි. යනුවෙන් සහන් පැවසූ විට හොඳයි මහත්තයෝ එහෙම දෙන්නම්.එතකොට කලාඳුරු කියන්නේ.එච්චර හොද බේතක්ද යනුවෙන් මව ඇසීය.

ඔව් කලාඳුරු කියන්නෙ වටිනා ඖෂධයක් බඩේ අමාරුවලට විතරක් නෙමේ තනකිරි වැඩෙන්නත් ඉතා හොද බේතක් තමයි කලාඳුරු අල. ඒ වගේම වමන, පණුරෝග ආදියටත් ගුණ දෙන ඖෂධයක්.

කාන්තාවන්ගේ රූපලාවණ්‍ය කටයුතුවලදිත් බාහිර ආලේපවලදි නැතිවම බැරි බේතක් යැයි සහන් වෛද්‍යාචාර්‍ය තුමා ඇයට කලාඳුරු හදුන්වා දුන්නේය.

කලාඳුරු නං හැම තැනම වගේ හැදෙනවා නේ. ඒ නිසා හොයාගන්නත් ලේසිනේ. යැයි මව කියනවිට වෙදැදුරුතුමා ඒ ගැන තවත් විස්තරාත්මකව පැහැදිලි කළේය.

ඔව්. කලාඳුරු පහසුවෙන් හොයාගන්න පුළුවන් පැළෑටියක්. ලංකාවෙ වගේම ඉන්දියාවෙත් දෙණිබිම්වල සරුවට වැඩෙන පැළෑටියක්. ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි කලාපවල වගා කරන භූමිවල සුලභව දැකිය හැකි පැළෑටියක්. ඒ වගේම ගම්බද නිවෙස්වල මිදුල් වල දැකිය හැකි පැළෑටියක් ආයුර්වේද මූලාශ්‍රවල නාගර මුස්ත (ඛ්රනඥපභඵ ඵජචපඪධඵභඵ) භද්‍ර මුස්ත (ඛ්රනඥපභඵ පධබභදඤභඵ) සහ කෛවර්ත මුස්ත (ඛ්රනඥපභඵඥඵජභතඥදබභඵ) යනුවෙන් කලාදුරු වර්ග 3 ක් දක්වා ඇතත් ලංකාවේ දක්නට ඇත්තේ අපි කතා කරන භද්‍ර මුස්ත වර්ගය පමණයි.

ඒ වගේම හීං කලාඳුරු, මහ කලාඳුරු, දිය කලාඳුරු යනුවෙන්ද වර්ගීකරණයක් තියෙනවා.

එතකොට වම්මුතු කියන්නෙත් කලාඳුරුවලටද යනුවෙන් මව ඇසූ විට සහන් වෛද්‍යතුමා කීවේ ඔව් වම්මුතු කියන්නේ කලාඳුරු තමයි. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් මුස්තක, අබ්ද, අම්බුද,ආදී නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් කෝරයි කිලංගු කියල කියනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් දභබ ඨපචඵඵ යන නම යෙදෙනවා.

කලාඳුරුවල උද්භීද විද්‍යාත්මක නාමය ඛ්රනඥපභඵ පධබභදඤභඵ වෙනවා. කුලය වෙන්නෙ ඛ්කර්‍ථඡ්අඒඛ්ඡ්ඒඡ් හෙවත් මුස්තක කුලයයි.

එතකොට මේ පැළෑටිය වැඩිය උස නැහැ නේද මහත්තයෝ යනුවෙන් මව විමසූ විට සහන් වෛද්‍යතුමා කීවේ සෙ.මි. 15 ක්. 30 ක් පමණ උසට වැවෙන පැළෑටියක් බවයි.

එසේම මෙහි නැමෙන සුලු දිගටි පත්‍ර ඇති බවද කඳ පස මතුපිට භූගතව ඇති බවත් පැවසීය. එසේම මල් පවතින බවද මුල්වල ආහාර තැන්පත්ව අල සදන බවද කීය. ඒ වගේම මෙහි බෙහෙත් සඳහා ගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් අල බවද කීය.

එතකොට වෙදමහත්තයෝ. කලාඳුරු වෙන මොන ලෙඩවලටද හොඳ යනුවෙන් මව ඇසූවිට සහන් වෙදැදුරුතුමා පැවසුවේ කලාඳුරු කියන්නෙ රෝග රැසකට ගුණදෙන බේතක්. එනම් ආමාශ අන්ත්‍රවල ක්‍රියා වැඩිදියුණු කරනවා වමන, අතීසාර, රෝගවලට හොඳයි. දහදිය ඇතිකරනවා. මව්කිරි වඩනවා, පණුවන් නසනවා, කෙස් වඩනවා, බඩගිනි ඇති කරනවා. බඩවැල් ශක්තිමත් කරනවා වගේ ගොඩක් දේවලට උදව් කරනවා යනුවෙනි.

ඒ වගේම කැස්ස, ඇදුම, ලේ නරක්වීම්, ඇස් රෝග, මූත්‍ර අමාරු, සමේ රෝග, පාණ්ඩු වගේ රෝගවලටත් ගුණයි යනුවෙන් සහන් කලාඳුරු ගැන තවත් දේ කීය.

එතකොට වෛද්‍යතුමා කලාඳුරුවලින් පිත අඩුකරනවද යනුවෙන් නැවත මව ප්‍රශ්නයක් යොමු කළවිට ඔහු කීවේ පිතට ඉතා හොඳයි. ඒ වගේම තරුණ කාන්තාවන්ගේ ගර්භාශය සංකෝචනය කිරීමේ හැකියාවත් කලාඳුරු අලවල තියෙනවා යනුවෙනි.

කලාඳුරු මෙච්චර හොද දෙයක් කියල මම දැනගෙන හිටියෙ නෑනේ යනුවෙන් පැවසූ මව කලාඳුරු බෙහෙත් විදියට කලින් කියපු ලෙඩවලට දෙන්නෙ කොහොමද කියල කියන්න පුළුවන්ද මහත්තයෝ යනුවෙන් ඔහු ගෙන් ඇසීය.

ගොඩක් බේත් වර්ග තියෙනවා. අතීසාරයෙදි අමු කලාඳුරු අල අමු ඉඟුරු එක්ක කොටලා බොන්න දෙනවා. කලාඳුරු අල ඉරිවේරිය සමඟ වණ්ඩුවේ තම්බා බොන්න දෙනවා. කලාඳුරු අල කිරි කෂාය බීමට දෙනවා. ඒ වගේම තණකිරි වැඩෙන්න. කලාඳුරු අල ඇල් වතුරෙන් අඹරල පියයුරුවල ගානු ලබනවා.

ඇස් නගනවලට කලාඳුරු අල සහ සියඹලා ඇට මද තනකිරි වලින් අඹරා ගානු ලබනවා තුවාලවලදි, කලාඳුරු අල ගිතෙලින් අඹරා තුවාලය උඩ ගානු ලබනවා.

හිසරදයට කලාඳුරු අල ඇල්වතුරෙන් අඹරලා නළලට පැලැස්තර දමනවා. කුරුලෑවලට කලාදුරු අල ඇල්වතුරෙන් අඹරා මුහුණේ ගානු ලබනවා. ඒ වගේම අපස්මාරය හෙවත් මීමැස්මොරයට, කලාඳුරු අල කල්කය එළකිරි සමඟ බීමට දෙනු ලබනවා.

මූත්‍ර අඩස්සියට කලාඳුරු අල තම්බා බොන්න දෙනවා. ඒ වගේම දද කුෂ්ඨවලදි. කලාඳුරු අල තලාගෙන තලතෙලින් අනා ගෙන ආලේප කරනවා. ඉකිලි කැසීම් වලදි. කලඳුරු අල කොහොඹ කොළ සමග අඹරලා ගානු ලබනවා.

මේ වගේ කලාඳුරු අඩංගු බේත් වර්ග තව ගොඩක් තියෙනවා යනුවෙන් පැවසූ සහන් ඒ වගේම කලාඳුරු අඩංගු නිෂ්පාදිත ඖෂධත් කීපයක්ම තියෙනවා. මුස්තකාරිෂ්ඨය, මුස්තකාදි මෝදකය, මුස්තකාදි වටිය ආදි වශයෙන් යනුවෙන් තවත් තොරතුරු කීය.

මේ ඇසූ මව බලාගෙන ගියාම කලාඳුරු කියන්නෙ පුදුම ගුණ තියෙන බේතක් නෙව මහත්තයෝ.මම පුතාට කලාඳුරු අල අමු ඉඟුරු එක්ක තලල ඉස්ම බොන්න දෙන්නම්. මට විශ්වාසයි ඒ බෙහෙතින්ම හොදවේවි කියල. කලාඳුරු ගැන දැනුවත් කළාට ඔබතුමාට බොහොම පිං යනුවෙන් පවසා පුතා සමග බෙහත් ශාලාවෙන් පිටත්ව ගියේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.