බෝනොවන රෝග පිළිබඳ සායනයක්

සැප්තැම්බර් 29, 2023

බ/ප ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් බෝ නොවන රෝග පිළිබඳ සායනයක් පසුගියදා නාරාහේන්පිට දාබරේ මාවතේ 100 වත්ත ජනතාව සඳහා පවත්වන ලදී. මෙහිදී රුව රැක ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සහ ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන මුහුණට සත්කාර කිරීම ප්‍රායෝගික වැඩමුළුවක් පවත්වන ලදී.

 

ඉරණමේ හෝරාව එළිදකී

ෆේට්රෝ හස්තරේඛා පර්යෙෂණ ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය බන්දුල සිරිවර්ධන විසින් රචිත ඉරණමේ හෝරාව කෘතිය එළි දැක්වීම පසුගිය දා පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මෙහිදී කෘතිය ප්‍රදානය කරනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී සිනමා විචාරක තිස්ස ප්‍රේමසිරි මහතා වෙතය. එමෙන්ම එම ආයතනයේ හස්ත රේඛා සහ අංක විද්‍යා පිළිබඳ පාඨමාලාව සාර්ථකව නිම කළ සිසු සිසුවියන් 45 දෙනකු සඳහා ස්වර්ණ මයුර සහ රජත මයුර සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය. එම අවස්ථාවට දිවයිනේ ප්‍රවීණ ඡ්‍යොතිර්වේදීන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

රැඳෙවියන්ට සහ අටුලුගමට වෛද්‍ය සායන

 

නව මැගසින් බන්ධනාගාර සිරකරු සතියට සමගාමීව මැගසින් බන්ධනාගාර නේවාසිකයන් වෙනුවෙන් සිරකරු සුබසාධක සංගමය සහ කොළඹ ග්‍රෑන්ඩ් සිංහ සමාජය සමඟ සංවිධානය කළ අක්ෂි සායනය සහ ආයුර්වේද වෛද්‍ය සායනයක් පසුගියදා නව මැගසින් බන්ධනාගාර ධර්ම ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ සහ ජේලර් පුබුදු ලංකා රංගජීව මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර සුබසාධක සංගමයේ සභාපති කුසුම් සන්දනායක මහතා ඇතුළු නව මැගසින් බන්ධනාගාරයේ නිලධාරින් සහ සිරකරු සුබසාධක සංගමයේ සියලු දෙනා මෙදින සායනයට සහභාගි විය. එමෙන්ම අටුලුගම පුරාණ විහාරස්ථානයේදී පසුගිය 27 වැනි දින නොමිලයේ ආයුර්වේද සායනයක් පැවැත්විණි. පනාවල ආයුර්වේද රෝහලින් නොමිලයේ ඖෂධ සපයනු ලැබූ අතර නාවින්න ආයුර්වේද ජාතික ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන මහතා විසින් ආයුර්වේද මූලික නියාමනය පිළිබඳ පැය දෙකක හරවත් දේශනයක් පවත්වනු ලැබීය. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂාකර ප්‍රතිකාර ලබා දුන් අතර, අජීර්ණ රෝග, මුත්‍රාගල්, මලබද්ධය, ආමවාතය, සන්ධි ඉදිමීම ඇවිදීමේ අපහසුතාවය ඇතුළු තවත් රෝග රැසකට එදින ප්‍රතිකාර කරනු ලැබීය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.