ඉදිරි ග්‍රහ සංයෝග රටට ගෙන දෙන සුබ අසුබ

නොවැම්බර් 20, 2020

2020 නොවැම්බර් 17 අලුයම 01.04 ට සිකුරු ස්වකීය ස්වක්ෂේත්‍ර රාශියක් වන තුලා රාශි ගත වී දෙසැම්බර් 11 අලුයම 05.18 දක්වා සිත, සා, විසා, අනුර, දෙට යන නැකැත්වල ගමන් කරයි.

ගුරු 2020 නොවැම්බර් 20 දා සවස 01.24 ට මකර රාශියට පිවිස උත්‍රසල, සුවණ, දෙනට ආදි නැකැත්වල ගමන් කරයි.

මකරය ගුරුට නීචය, දැනට මීන රාශියේ ගමන් කරන කුජ දෙසැම්බර් 24 උදේ 10.18 ට මේෂ රාශියට පිවිසේ. ඉන්පසුව නොවැම්බර් 16 දා සිට රවි වෘශ්චික රාශියේ ගමන් කරයි. නොවැම්බර් 16 වන විට සඳු ද වෘශ්චික රාශියේ නීචව ඇත. බුධ තුලාවේ ගමන් කරයි. මේ කරුණූු අනුව ඉදිරි කාලය සුබ අසුබ ප්‍රතිඵල දෙකම ලැබෙනු ඇත. වර්ෂාව වැඩි වේ. ධාන්‍ය කෙත්වතු පීඩා තත්ත්ව ඇති වෙනු ඇත. දුර්භික්ෂ වැනි තත්ත්වය මතුවීමටද ඉඩ තිබේ. සතුරු උවදුරු , බිය ගෙනදෙයි. මිනිසුන් අතර වාදභේද හා වැඩකට නැති වාද විවාද ඇතිවිය හැකියි. රෝග පීඩා උග්‍රවන අතර ආහාර හිඟකම දැඩි ලෙස බලපෑමක් ඇතිකරයි. සාමාන්‍ය ජනයාගේ නැගී සිටීම වැඩි වන ලකුණු ඇත. උසස් අයගේ අභිවෘද්ධිය ඇති කරයි. තදබල මිථ්‍යා දෘෂ්ටි අදහස් ඇති අය සහ ඔවුන් පසුපස යන අය පීඩාවට පත්වේ. පාලක පක්ෂයට තරමක් සහනය ඇතිවේ. මෛත්‍රී සිතිවිලි වලින් යුක්තව කටයුතු කිරීම ඉතාම සුදුසු කාලයක් බව තරයේම මතක් කර සිටිමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.