වෘෂභ ලග්න හිමි ඔබ ගැන

අගෝස්තු 5, 2022

වෘෂභ ලග්න හිමියා අන්‍යයන්ට උපකාර කරයි. කරදරකාරි අවස්ථාවලදී මොහු ඔහුට පිහිට වෙයි. සිකුරු ලග්නාධිපති නිසාම තමා සෞන්දර්යවාදියෙක් වෙයි. අධිෂ්ඨානශීලිය. තමන් පටන්ගත් වැඩක් නිම වන තුරුම නොඉවසිල්ලෙන් ක්‍රියාකරයි. එය සාර්ථක කර ගනී. ඔහු අනතුරුදායක දේවලින් බැහැර වේ. ඉතාම සුළුදේවල් පවා සිතේ තබාගෙන වුවමනා වූ විට ක්‍රියාත්මක කරනු ඇත. සමහර විට ගුප්ත බලයෙන් සිය අදහස් සඵල කර ගනී.

විරුද්ධකරුවා ඉදිරියේ දණින් නොවැටී සිටී. ආත්ම ශක්තියෙන් අනූනයි. තම අත්දැකීම්වලින් සිය චරිතය සකසා ගනී. අවංකයි. දක්ෂයි. චරිතවත්ය. දයාව, ආදරය, සෙනෙහසට හරිම කෑදරයි. පවුලේ අය සමඟ සාමයෙන් වැඩ කරයි. නමුත් තමන්ට අනිසි ලෙස ක්‍රියා කරන විට තදින්ම කිපේ. ඉහළම තත්ත්වයේ අරමුණු කරගත් වෘෂභ ලග්න හිමියා සිය වැඩකටයුතු සාර්ථක වනතෙක්ම එකී ගමන නොනවත්වාම යනු ඇත.

තම අත්දැකීම් නිතරම අභ්‍යාස කරයි. අවංකයි. විශ්වාස කටයුතු අය වේ. කෙනෙකු සමඟ ඉක්මනින්ම යහළු වේ. එසේම ඔහු ගැන ඇතුළතින් සොයා බලා අනවශ්‍ය නම් හෙමිහිට ඇසුරෙන් ඉවත් වේවි.

රාජ්‍ය සේවයේ නම් ඉහළම තලයට පත්වේ. අන්‍යයන් පාවා නොදෙනු ඇත. හොඳ හිත නිසාත් සංවේදීකම වැඩි නිසා සමහර විට අමාරුවේද වැටෙන සුළුය. ස්ථාවරව ජය ගන්නාතුරු සටන් කරන චරිතයකි. මිලමුදල් ගැන වඩාත් සුපරීක්ෂාකාරි වේ. ආර්ථික විද්‍යාවේ හැසිරීම අකුරටම කරයි.

බැංකුකරණයට ඉතාම සමත්ය. වියදම් කිරීමේදී වඩාත් ක්‍රමවත්ව සිය ආර්ථිකය හසුරවයි. සියලු දුක් කරදර වධ වේදනා ඉවසාගෙන තමන් යන ගමන නොනවත්වාම යනු ඇත. මුදලට වඩා මානුෂිකමය පැත්ත ගැන වැඩි සැලකිල්ලක් දක්වයි.

අයහපත් චරිත ලක්ෂණ

තමාගේ වැරැදි කියන අය සමඟ නැවත නැවත එක්වී ඔහු ගැන විමසා බලනු ඇත. පහරදීමට අවශ්‍ය තැන බලා එකවරම පහරදී ඔහුව අඩපණ කරයි. කිසිම අයකු තදබල ලෙස විශ්වාස නොකරයි. සැකයක් ද සිතු තුළ පැලපදියම් වී තිබේ. තරමක සටන්කාමීකමක් ගුප්තව ක්‍රියාකරයි. නොසිතූ වේලාවක ජීවිතයේ මුල් කාලය අරගල සහිතයි. වයස 34 - 46 අතර ඉතාම සමෘද්ධිමත් වේ. මූල්‍යමය සම්පත් ලැබේ. මිතුරන් අඩුයි. එහෙත් ස්ථාවර මිතුරන් කීපදෙනෙක් වේ. සාර්ථක විවාහයක් ගත කිරීම මහත් උත්සාහයක් දරයි. මකර, කන්‍යා සිංහ, මීන ලග්න හිමියා සමඟ යුගදිවිය සාර්ථකව ගෙවයි. විවාහය වන්නේ බෝහෝවිට පේ‍්‍රම කිරීමෙන් අනතුරුවය. බාහිර පෙනුමට ද මුල් තැනක් දෙනු ඇත.

ප්‍රවීණ ඡ්‍යොතිෂ හා

වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.