උපේන්ද්‍ර යෝග බලැතිව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සිංහ රාශියේ ඔටුනු පලඳයි

අගෝස්තු 19, 2022
  • රාජ්‍ය තන්ත්‍ර‍ෙය් ඵලදායි පෙළගැස්මක් සෞඛ්‍ය, අධ්‍යාපන, සමෘද්ධියට නව ගමන් මඟක් ඇරැ‍ඹේ
  • උද්ඝෝෂණ කැලඹිලි විරෝධතා නිර්මාණය වීම දුර්වල වේ
  • ධනයෙන් බලයෙන් අභිමානයෙන් ප්‍රතාපවත් වූ දරු උපත් 
කුජ ශුක්‍ර - චන්ද්‍ර ශනි -ශුක්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ටිය ශුක්‍ර චන්ද්‍ර- චන්ද්‍ර ශනි චතුර් කෝණ දෘෂ්ටිය ගුරු ශනි රවි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටිය සමඟ රවි බුධ ආදිත්‍ය - දාමිණි යෝග මූලාශ්‍රව තෙදැති බලැති සූර්ය දිව්‍ය රාජයා උපේන්ද්‍ර යෝග බලැතිව සිංහ රාශියේ ඔටුණු පැළඳුවේ ය.
දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි 01 භාග නිකිණි මස අව සැටවක තිථිය ලත්බුධ දින මා 1 2 3 4 පුවපල් 1 2 3 4 උත්‍රපල් 01 පාද නවයක් පුරාවට සැප්තැම්බර් 17 උදෑසන වන තෙක් සිංහ රාශිය මේෂ නවාංශකය ආශ්‍රිතව සිංහ රාශිය මේෂ නවාංශකය යෙදෙන අගෝස්තු 17 බුධ දින රාජ්‍ය කාරක රවි ග්‍රහයා පෙරවරු 7. 23ට රවි හිමි සිංහ රාශියෙහි ඔටුනු පැලැඳූවේය.
නැගෙනහිර ක්ෂිතිජයෙහි රවි හිමි සිංහ රාශි උදාවෙහි ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව රවි ග්‍රහයාද ඥානකාරක බුධ මිත්‍රශීලීව ද කේතු සතුරුව චන්ද්‍රයා සමව තුන්වැන්න වූ වික්‍රම ස්ථානගතව ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව ද වක්‍ර ප්ලූටෝ සතුරුවද සතුරු රෝග ස්ථානයක් වූ 6 වැන්නේ ද වක්‍ර නැප්චූන් ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව වක්‍ර ගුරු ස්වක්ෂේත්‍රව 8 වැන්න වූ මෘත්‍යු ස්ථාන ගතව ද රාහු සතුරුව යුරේනස් සමව අඟහරු දහ වැන්න වූ කර්මස්ථානගතව ද ශුක්‍ර ග්‍රහයා මාන්දි ග්‍රහයා ද වෙමින් 03-10 අධිපති දොළොස් වැන්න වූ වැය ස්ථාන ගතවද අඟහරු විසිදෙවැනි මාරක දෙර්කාණාධිපතියා සහ බාධක ග්‍රහයා ලෙසට ද යෙදී විශ්ව තාරකා මන්දාකිණිය නිර්මාණය විය.
මෙම ග්‍රහචාරය අනුව රාජ්‍ය තන්ත්‍රයේ ඵලදායි පෙළගැස්මක් දක්නට ලැබෙයි. පෞද්ගලික වෘත්තීන් ආශ්‍රිතව ද ව්‍යාපාර කටයුතු සාර්ථකව සක්‍රීය වීම සිදුවේ. නිර්නාමික මෙන්ම නාමික සතුරු බලවේග ද මේ අතර ක්‍රියාත්මක විය හැකිය. සංස්කෘතියේ යම් පිබිදීමක් දැකගත හැකිවේ. 
සංචාරක ව්‍යාපාරය ද දියුණුවකට මංපෙත් විවර වෙයි. දේශීය නිෂ්පාදන ධාරිතාවය මුවහත් වීම අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යාම මෙම ග්‍රහචාරයට අනුව බලාපොරොත්තුª විය හැකිය. සෞඛ්‍ය, අධ්‍යාපන සමෘද්ධියට නව ගමන් මඟක් ඇරඹීම මෙම කාල සීමාවේදී දක්නට ලැබේ. 
ධනයෙන් බලයෙන් අභිමානයෙන් ප්‍රතාපවත් දරු දැරියන් පිරිසක් ඉපදීම ද මේ කාලයේ බලාපොරොත්තු විය හැක. රටේ පැවැති උද්ඝෝෂණ කැලඹිලි විරෝධතා නිර්මාණය වීම දුර්වල වී යාම ද දැකිය හැකිය. 
සිංහ රවියෙහි ගුණාත්මක මෙන්ම ධනාත්මක බවක් සෞරග්‍රහ මණ්ඩල කිරණයන් වෙතින් විශ්වයට ඇදහැලෙන බවක් පෙනී යන්නකි. මෙම කාලසීමාවේ දී විනාශකාරී ක්‍රියාවන් මර්දනය වෙමින් විශ්වය පාලනය වෙයි. 
 
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.