සතියේ පඤ්චාංගය

මැයි 19, 2023

 

ශක වර්ෂ 1945ක් වූ වෘෂභ රවි 05 භාග වෙසක් අමාවක ලත් කිවිදින සිට එම රවි 11 භාග පොසොන් පුර සැටවක ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි - වෘෂභ

කුජ - කටක

බුධ - මේෂ(නිවෘත)

ගුරු - මේෂ

ශුක්‍ර - මිථුන

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - කැති ( 25 දා රාත්‍රී 08.59 රෙහෙන)

කුජ - පුෂ

බුධ - අස්විද ( 21 දා රාත්‍රී 11.5 බෙරණ

ගුරු - අස්විද

ශුක්‍ර - අද ( 21 දා රාත්‍රී 12.44 පුනාවස)

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සා

යුරේනස් - බෙරණ

නැප්චූන් - උත්‍රපුටුප

 

 

පෝය

මෙම සතිය තුළ පෝය යෙදී නැත.

 

 

චන්ද්‍ර චාරය

 

19 දා දහවල් 01.39 වෘෂභ

21 දා රාත්‍රී 09.51 මිථුන

24 දා උදේ 08.29 කටක

 

 

දින තත්ත්වය

 

මැයි 19 සිකුරාදා

වෘෂභ රවි 05 භාග වෙසක් අව අමාවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.53 ඉර බැසීම 06.26. බෙරණ නැකත උදේ 07.32න් ගෙවී කැති නැකත ලබයි. වෙසක් අමාවක තිථිය රාත්‍රී 09.28න් ගෙවී පොසොන් පුර පෑලවිය තිථිය ලබා පවතී. ශෝභන යෝගය සවස 06.20න් ගෙවී අතිගන්ඩ යෝගය ලබයි. චතුෂ්පාද කරණය උදේ 09.33න් ගෙවී නාග කරණය ලබා එය රාත්‍රී 09.28න් ගෙවී කිංස්තුංගකරණය ලබා පවතී.

විෂ කලාව - පෙකනිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - ගිනිකොණ

යෝගිනී - ඊසාන

සුබ දිසාව - නැඟෙනහිර

 

මැයි 20 සෙනසුරාදා

වෘෂභ රවි 06 භාග පොසොන් පුර පෑළවිය තිථිය ලත් ශනි දින. ඉර උදාව 05.53. ඉර බැසීම 06.21. කැති නැකත උදේ 08.05න් ගෙවී රෙහෙන නැකත ලබයි. පොසොන් පුර පෑළවිය තිථිය රාත්‍රී 09.36න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. අතිගණ්ඩ යෝග සවස 05.22න් ගෙවී සූකර්ම යෝගය ලබයි. කිංස්තුංගකරණය උදේ 09.27න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 09.36න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - ලැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - නැඟෙනහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

 

මැයි 21 ඉරිදා

වෘෂභ රවි 07 භාග පොසොන් පුර දියවක තිථිය ලත් රවිදින. ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 රෙහෙන නැකත උදේ 09.07න් ගෙවී මුවසිරස නැකත ලබයි. පොසොන් පුර දියවක තිථිය රාත්‍රී 10.14න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. සූකර්ම යෝගය සවස 04.47න් ගෙවී ධෘති යෝගය ලබයි. බාලවකරණය උදේ 09.50න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 10.14න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - උතුර

යෝගිනී - උතුර

සුබ දිසාව - දකුණ

 

මැයි 22 සඳුදා

වෘෂභ රවි 08 භාග පොසොන් පුර තියවක තිථිය ලත් සඳු දින. ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 මුවසිරස නැකත උදේ 10.40න් ගෙවී අද නැකත ලබයි. පොසොන් පුර තියවක තිථිය රාත්‍රී 11.23න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. ධෘති යෝගය සවස 04.37න් ගෙවී ශුල යෝගය ලබා පවතී. තෛතිලකරණය උදේ 10.44න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 11.23න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - වයඹ

යෝගිනී - ගිනිකොණ

සුබ දිසාව - දකුණ

මැයි 23 අඟහරුවාදා

වෘෂභ රවි 09 භාග පොසොන් පුර ජලවක තිථිය ලත් කුජදින. ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 අද නැකත දහවල් 12.42න් ගෙවී පුනාවස නැකත ලබයි. පොසොන් පුර ජලවක තිථිය දවස පුරාම යෙදී පවතී. ශුල යෝගය සවස 04.49න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. වණිජකරණය දහවල් 12.09 න් ගෙවී විෂ්ටිකරණය උදා වෙයි.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - බටහිර

යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

 

මැයි 24 බදාදා

වෘෂභ රවි 10 භාග පොසොන් පුර විසේනිය තිථිය ලත් බුධදින. ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 පුනාවස නැකත සවස 03.09න් ගෙවී පුෂ නැකත ලබයි. පොසොන් පුර ජලවක තිථිය අලුයම 01.01න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය සවස 05.22න් ගෙවී වෘධි යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.01න් ගෙවී බව කරණය ලබා එය දහවල් 02.00න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නිරිත

යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

 

මැයි 25 බ්‍රහස්පතින්දා

වෘෂභ රවි 11 භාග පොසොන් පුර සැටවක තිථිය ලත් ගුරු දින. ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 පුෂ නැකත සවස 05.55න් ගෙවී අස්ලිස නැකත ලබයි. පොසොන් පුර විසේනිය තිථිය අලුයම 03.03න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. වෘධි යෝගය සවස 06.09න් ගෙවී ධෘම යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.03න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 04.12න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

 

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකනිය

මරු - දකුණ

යෝගිනී - බටහිර

සුබ දිසාව - උතුර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.