ගුප්ත වෙදැදුරුට සාම විනිසුරු පදවිය

ජූලි 12, 2019
 
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මුරුතලාව සූරියගොඩවත්ත හි පදිංචි දේවානන්ද රාජපක්ෂ මහතා මහනුවර අධිකරණ කලාපය සඳහා සාමදාන විනිශ්චයකාරවරයකු ලෙස මහනුවර අධිකරණයේ විනිසුරුතුමා ඉදිරියේ දිවුරුම්දෙන ලදී. 
පෑලව සිරි ධම්ම ගුත්තාරාම විහාරස්ථානයේ හිටපු සභාපති හා වත්මන් ගිහි අනුශාසක වශයෙන්ද විජිත මාවත සහ සුභ සාධක සමිතිය, ජනසෙත පදනම, තරුණ බෞද්ධ සංගමය ආදියෙහි නිලතල හොබවා ඇති දේවානන්ද රාජපක්ෂ මහතා ආගමික හා සමාජසේවා වල කටයුතු කරන අතර ගුප්ත විද්‍යා වෛද්‍යවරයෙකුද වේ. ඊට අමතරව මුරුතලාව ත්‍රී රෝද රථ සංගමයේ වත්මන් සභාපති වරයාද වේ.
 
උදේනි රාජපක්ෂ 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.