දෙසැම්බර් 09 සමරන AIPAA ඡ්‍යොතිෂවේදීන්ගේ සංවත්සරය

දෙසැම්බර් 8, 2023

සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ (AIPAA) 2023 වසරේ සංවත්සර මහ සභාව දෙසැම්බර් 9 සෙනසුරාදා උදේ 08.30 වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 2023 වසරේ දී විශිෂ්ට සමාජ සේවා කීපයක් සිදුකරමින් ජනතාවගේ මහත් පැසසුමට ලක්වුණු මේ සංවිධානය 2024 දී ද දැවැන්ත සමාජ සේවා හා සාමාජික සුභසාධන සේවා කීපයක් කිරීමට සැලසුම් කර ඇත.

රාජ්‍ය පෞද්ගලික අංශයේ උසස් නිලධාරීන්, ජනමාධ්‍ය වේදීන්,ජ්‍යෙෂ්ඨ ඡ්‍යොතිෂවේදීන්, රැසකගේ සම්භාවනීය සාභාගීත්වය ඇතිව, සභාපති ප්‍රමුඛ සංගමයේ නිලධාරීන් හා සාමාජිකයන්ගේ සාභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන බව සංවිධායක කමිටුව ප්‍රකාශ කරයි. ඡ්‍යොතිෂය ක්ෂේත්‍රයේ උන්නතියට පුරා වසර 25 අධික කාලයක් කටයුතු කළ සංගමයේ සාමාජිකයන් කීපදෙනෙකු ඇගයීමටද කටයුතු යොදා ඇත .

මෙහිදී පලාපල කථන දේශනයක්, ශාන්තිකර්ම හා අධ්‍යාත්මික දේශනයක් පැවැත්වෙන අතර සංස්කෘතික විශේෂාංගවලින්ද උත්සවය හැඩ ගැන්වෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.