ශ්‍රී ලංකා අක්ෂිදාන දිනය සැමරේ

දෙසැම්බර් 22, 2023

ජාතික අක්ෂිදාන දින සැමරුම් උත්සවය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා‌ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම් මූලස්ථානයේදී අද පසුගිය දා පැවැත්විණ. අන්ධ බවින් තොර ලොවක් බිහි කිරීම උදෙසා මළ නෙතට පණ නම් වූ උදාර පරමාර්ථය පෙරදැරිව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දිවංගත දේශබන්ධු දොස්තර හඩ්සන් සිල්වා මහතා විසින් දෙස් විදෙස් දෘශ්‍යාබාධිත සහ විකලාංග රෝගීන් වෙනුවෙන් සිදු කරන ලද අමිල මෙහෙවර අගයමින් එතුමන්ගේ ජන්ම දිනය යෙදී ඇති දෙසැම්බර් මස 18 දින ජාතික අක්ෂිදාන දිනය ලෙස 2009 වර්ෂයේදී රජය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ජාතික අක්ෂිදාන දින සැමරුම් උත්සවය තුළදී කළ සේවය අගයමින් අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දිවංගත දේශබන්ධු දොස්තර හඩ්සන් සිල්වා මහතාගේ පිළිරුව සඳහා පුෂ්පෝපහාර දැක්වීම රාජ්‍ය අමාත්‍යතුමාගේ සුරතින් සිදු වූ අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මඟින් ඇසේ සුද ඉවත් කිරීමෙන් පසු යොදන අක්ෂි කාච 50 ක් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල වෙත පරිත්‍යාග කිරීම මෙන්ම අ.පො.ස. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලින් විශිෂ්ට සාමාර්ථ්‍ය හිමිකර ගත් සිසු දරු දැරියන් දෙදෙනකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම, ගුණාත්මක අතින් උසස් ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීම මෙන්ම, අක්ෂිදාන සංගමයේ වසර 15 ක සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණ්ඩලය සඳහා සම්මාන ප්‍රදානය කිරීමද මෙහි දී සිදු කෙරිණ.

එම අවස්ථාවට පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඩී.සී. රණසිංහ, ලේකම් සම්පත් ද සිල්වා යන මහත්වරුන්, අක්ෂිදාන සංගමයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.