නවීකරණය වූ මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලය

ජනවාරි 19, 2024

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ඇති සිව් දේවාල අතරින් එක් දේවාලයක් වන ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලය වසර ගණනාවකට පසුව පෞරාණික බව සුරකෙන අයුරින් ප්‍රතිසංස්කරණය කොට ඇත .

වත්මන් බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවනගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත්තේ දේවාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදිය. දේවාල පරිශ්‍රය සහ ඒ අවට ආලෝකමත් කිරීමට ඇතුළත සහ පිටත විදුලි පහන් කණු දාහතර බැගින් 28ක් පිහිටුවා තිබීමද විශේෂත්වයකි. දේවාල පියස්සද සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණයට ලක් කොට තිබේ. ඊට අමතරව දේවාලයේ පෞරාණික බව සුරැකෙන අයුරින් චිත්‍රවලින් අලංකාර කර තිබේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවාලය විජය රාජසිංහ රජු විසින් නිර්මාණය කළ බවද ඉතිහාසය කරුණු ගෙන හැර දක්වයි.

මහනුවර යුගයේ සෙසු දේවාල නිර්මාණය කොට ඇති වාස්තු විද්‍යාත්මක සැලසුමට අනුව ඉදිකර ඇති ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලය කේන්ද්‍ර කොට ඇති පරිවාර දේවාල වන , වල්ලහගොඩ, ගනේගොඩ, ඇම්බැක්ක සහ මොරපේ යන දේවාලද මේ අයුරින් සංවර්ධනය කරන බව බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන වැඩිදුරටත් පවසයි.

නව වසරට සහ ලක්වාසී සියලු ජනතාවට ආශිර්වාද කර සෙත් පැතීමත් මුල්කොට පසුගිය 13 වැනි දින බස්නායක නිලමේ වරයාගේ මූලිකත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා, පසුදින අතිපූජ්‍ය මහා සංඝරත්නය වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමිණි.

 

සටහන සහ ඡායාරූප,මධ්‍යම පළාත් සමූහ

නිහාල් ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.