ප්‍රවීණ මාධ්‍යවේදී ඡ්‍යොතිෂවේදී විමලධර්ම විතාරණ අභාවප්‍රාප්ත විය

අගෝස්තු 2, 2019

සන්නිවේදනය හා මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙරට පුරෝගාමී චරිත අතර විමලධර්ම විතාරණ මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

සිය ජීවිතයෙන් වැඩි කාලයක් මෙරට ජනසන්නිවේදනය හා මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා කැප කළ එතුමා මාධ්‍යවේදියකු, ගීත රචකයෙකු, ගත්කතුවරයෙකු, ගායන ශිල්පියෙකු, ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු, ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ද මාධ්‍ය මෙහෙවරේ යෙදුන අයෙකු ලෙස ද හඳුන්වා දිය හැකි ය.

ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ ඡ්‍යොතිෂවේදිවරයෙකු ලෙසින් පසුව මිහිර පත්‍රයේත් සේවය කළේ ය. 1940 ජනවාරි 10 වන දින ගම්පහ, ඉහලයාගොඩ උපත ලද විමලධර්ම විතාරණ මහතාගේ අවසන් කටයුතු ජූලි 31 වන දින බොරැල්ල කනත්තේ දී සිදු කෙරිණි. එතුමාට නිවන් සුව පතමු.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.