ස්ත්‍රීන්ට පමණක් විණ කටින ඡ්‍යොතිෂ මාරයා

ජුනි 7, 2019

මේ කලුකුමාරයා එක අතකින් අදශ්‍යමාන බලවේගයක් වුවත් සාමාන්‍ය දිෂ්ඨි බලවේගයකි. ආරම්භය මල්වරයෙදි තම මෑණියන්ගෙන් සිදුවූ කිසියම් මහ ප්‍රමාද දෝශයක ප්‍රතිඵලයක් බව ගුප්තවේදියා දන්නවා.

ස්ත්‍රිය වරෙක යහපත් දුවක්, වරෙක ගැහැනියක්. වරෙක මවක්, තවත් වරෙක තම වර්ගයා බෝ කරන්නියක්. ් එක් පැත්තක්. අනික් පැත්තෙන් බැලුවොත් වරෙක සුරදුවක්, ආදරණීය මවක් . ඒත් නපුරට යකින්නක්, පේ‍්‍රතියක් හෝ පාරා වළල්ලක්. ලොව පතළ මාරක කතා ඔබ කියවලා ඇතිනේ.

පෝලින්ද කෲස් වගේ ප්‍රවෘත්ති. ඒ ලංකාව තුළ, ටිකක් එහාට ගියානම් නානාප්‍රකාර සිද්ධීන් දැනගන්න පුළුවන්. අපේ බෝසතාණන් වහන්සේට ජීවය දුන්නෙත් ස්ත්‍රියක් වන මහාමායා දේවින් වහන්සේ, ඇගේ මරණින් පසු හදාවඩා ගත්තෙත් තවත් උතුම් ස්ත්‍රියක් නේ. මේ විදියට බලන විට ස්ත්‍රිය කොපමණ වටිනා වස්තුවක්ද? හැඩරුවෙනුත් පිරිමියාට වඩා ගැහැනිය ලස්සනයි. ඒක සීමා වුනේ මනුෂ්‍යයාට පමණයි. ස්ත්‍රියට පමණක් සීමාවූ එය මහා බ්‍රහ්මයා විසින් කළ ප්‍රදානයක්. සෑම පිරිමි සතෙක්ම ලස්සනයි ගැහැනු සතාට වඩා. එහෙම වූ ගැහැණියට රටක් රාජ්‍යයක් ඇතිකරවන්නත් නැතිකරවන්නත් හැකි බව ඔබ දන්නවා. කොටියගේ ,මුගටියාගේ ඇස්වල තිබෙන්නෙ සතෙක්ව දැපනේ දමාගත හැකි ආකර්ෂණයක්. ඒ වගේම ගැහැණියකගේ සිනාවෙත් තිබෙන්නෙ එවැනිම ආකර්ෂණීයත්වයක්, ඒක ශක්තියක්. ඕනෑම පිරිමියෙක් දැපනේ වැටෙන ශක්ති ප්‍රභේදයක් ඒ සිනාවේ අන්තර්ගතයි. මෙතරම් බල පරාක්‍රමයක් ඇති ඇය වරෙක අහිංසකයි. ඒ අහිංසක ගැහැණියට විණ කටින මාරයෙක් සිටින්නට පුළුවන්ද? ඒ ආදරය කිව්වොත් ඔබ මා සමඟ එකඟද? එකඟ වනවද? ඒක ඔබට වැටහෙන්න නැති වුනාට උගත් ඡ්‍යොතිර්වේදියාගේ තුන්වන ඇසට පෙනෙනවා. ඒකනේ ඡ්‍යොතිර්වේදියාට ඡ්‍යොතිෂ්වේදියා කිව්වේ. ඇස් තුනක් ඇති තැනැත්තා , ඇස් තුනක් කිව්වට. ඊශ්වර දෙවියන් වගේ නොවේ. ඥාන තුනක් ඇති තැනැත්තා. හරියට ඇස් දහයක් තිබෙන රාවණා වගේ, රාවණාට ඥාන දහයයි. ඔලු දහයක් නැහැ. මෙහෙම කිව්වාම දැන් ඔබ කතරගම දෙවියන් ගැනත් ප්‍රශ්නයක් මතුකරාවි, ඇත්ත තමයි කතරගම දෙවියන්ටත් ඥාන හයයි. දිශා හයක් පෙනෙනව කියල සමහර පොත්වල සඳහන් වනවා. අහල ඇතිනේ. මුහුණු සයයි. අත් දොළහයි මයුරාසන වාහනේ කිව්වා. පුංචි කාලේ පන්තියේ ගුරුතුමි ඉගැන්නුවේ.

ගැහැණියකට විණ කටින්නෙ ආදරය කියලා කිව්වේ, ඡ්‍යොතිෂය පැත්තෙන්. මම ඔබ දන්න ආදරය නොවේ. ඡ්‍යොතිෂ ආදරය නැතිවු දිනක වෛරයක් පලි ගැනීමක් නැහැ. ඒත්. සාමාන්‍ය ආදරය ගැහැණියටත්, පිරිමියටත් පොදු එකක්. ඒ ආදරය අනාදරය බවට පෙරළුණ දවසට වෛරයක්, පලිගැනීමක් සිදුවනවා. සමහර විට එහා භවයටත් ඉන් එහාටත් දිවයනවා. මතකනේ රන්තැටියේ වෙළෙන්ඳගේ කතාව. එහි මුල ආදරය වගේම කෙළවර වෛරයටත් එහා ක්‍රෝධයත්, පලිගැනීමත් හටගැනෙනවා. පරාජය භාර ගන්නෙම නැහැ. මේ සාමාන්‍ය සමාජයේ ඇති ආදර මාරයා. මේ සටහනේ කියන්නෙ ඡ්‍යොතිෂ මාරයා ගැන. ඡ්‍යොතිෂයේ වැඩිපුරම මාරක ඇතිකරන්නෙ අඟහරුවා කියල මතයක් තිබුණාට සෑම ග්‍රහයෙකුටම මාරක අවස්ථා තිබෙනවා. අඟහරුවගේ මාරකයකදී වැඩිපුරම ලේ සෙලවීමක් සිදුවනවා. ඒ අඟහරුවා ශරීරයේ රුධිරයට අධිපති නිසා. සෞරග්‍රහ මණ්ඩලයේ අධිපතියා රවි මාරකය දෙන්න ඔලුවේ සිහින් නහරයක අමාරුවක් ඇති කරලා. ඔය රවි නරක් උනාම බොහෝවිට අංශභාගය හදනවා. ඔලුවේ පුංචි නහරයක ලේ කැටියක් හිර කරනවා. ඉක්මනින් ඒක දියකරලා හැරියොත් හරි. නැත්නම් හෝ ප්‍රමාද උනොත් දිගු කලෙක ලෙඩෙක්.

ඕනෑම ගැහැණියකගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බභපදඪදඨ නධඪදබඵ තුනයි කියල අපි අහල තිබෙනවා. දන්නවා. පටන් ගන්නේ වැඩිවිය පත්වන විටයි. දෙවන එක විවාහ ජීවිතයට ඇතුළත් වන දවසයි. තුන්වන එක තමයි කුළුදුල් දරුවා ප්‍රසූත කරන එකයි. මෙහි අවස්ථා තුනම කරදරකාරී වේදනාකාරි බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙපමණ කරදර පීඩා විඳගෙන ලෝකේ ජීවත්වන ගැහැණිය කරදරේ දමන හෝ මරා දමන දුෂ්ට පිරිමින්ද නැතුවා නෙවේ. කෙතරම් ලොකු වරදක්ද කියල අපටම තේරුම් යනවා ඇති. හැම පිරිමියෙක්ම එහෙම නැහැ. ඒ සත්වයා පලිගන්නා සුළු නිසා. ඡ්‍යොතිෂයේ මෙහි සඳහන් මාරයා ආදරයෙන් පැරදුනාම හැරදමල යනව මිස නැවත නැවත පලිගැනීම් හෝ ලුහු බැඳීමක් කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් කන්‍යාවියකගේ ප්‍රථම හැරවුම් ලක්ෂ්‍යය නැතහොත් ප්‍රථම සන්ධිස්ථානය පසු වන තෙක් ඇගේ කිසියම්ම ලිංගික අවයවයක් වැඩෙන්නෙ නැහැ. කන්‍යාවියකගේ වැඩිවිය පැමිණවීම ඇයගේ මව්ට සාපේක්ෂව ඒ දිනවල සිදුවු නමුත් වර්තමානයේ අප ගන්නා ආහාර අනුව බොහෝ දුරට වෙනස් වනවා. සාමාන්‍යයෙන් ඇයට වයස අවුරුදු දහය පසුවන විට ඇයගේ ශරීරය වෙත එල්ල වන ග්‍රහ කිරණ අනුව ප්‍රථම මල්වරය ඇතිවනවා. එය අඟහරුවත් චන්ද්‍රයා නැත්නම් සඳු ග්‍රහයා අතර සම්බන්ධයක්. ප්‍රථම මල්වරය සිදුවු බව දැනගත් අම්මා හැකි ඉක්මනින් ඇයව තනි නොකර නිවසේ එක් කාමරයකට හෝ එක් ස්ථානයකට සීමා කරනවා. දින දෙකක්, තුනක් හෝ කීපයක් ගතවීමෙන් පසු ඇගේ ශරීරයෙන් හමන දුර්ගන්ධය සමඟ විෂබීජ නැති කිරීමට එම ස්ථානයේ පොල්තෙල් පහනක් දල්වනවා. ඇගේ මානසිකත්වය පිරිසිදු කිරීම සඳහා බිමට නොකැඩු පොල්මලක් ඇයට පෙනෙන්නට විහිදුවා තබනවා. මේ අයුරින් දින කීපයක් ඇය තනි නොකරන්නටත්, පිරිමින්ගේ ඇහැ නොගැස්වීමටත් අම්මා වගබලා ගන්නෙ ඇයගේ පූර්ණ ආරක්ෂාව සඳහා විය යුතුයි. දින කීපයක්ම හරිහැටියට ශරීරය පිරිසිදු කිරීමෙන් තොර වූ නිසා දෝ ඇයගේ ශරීරයෙන් කිසියම් හෝ දුර්ගන්ධයක් පිටවනවා. එය දෘශ්‍යමාන අපට එසේ වුවත් අදෘශ්‍යමාන කලුකුමාරයාට නම් සුවඳක් වනවා. මොහු ඒ සුවඳට ආදරය කරනවා. එතැන් සිට පෙම් බඳිනවා. වෙනත් කෙනෙකුට ඇයව නොදෙන්නට තීරණය කරනවා.

කලු කුමාරයා ඈ ළඟින්ම සිටිනවා. නමුත් කිසිම කටයුත්තකට අවහිරයක්, කරදරයක් වන්නෙ නැහැ. නැකැත් මාමාගෙන් සුබ දිනයක් ලබාගත් අම්මා නියමිත දිනයක අලුයමක තවත් ස්ත්‍රීන්ගේ සහාය ඇතිව මේ කෙලි පොඩ්ඩය නාවනවා. ඔලුව ශරීරය පිරිසුදු කරනවා. ඉන් පිටවන දුර්ගන්ධය මේ කලුකුමාරයා ආග්‍රහණය කරනවා. දුවණිය ස්නානය කරවන අම්මා හෝ රෙදි නැන්දා ස්නානය අවස්ථාවේදී කොකුන් නම් කහ පැහැති ඖෂධයක් ඇඟ ගැල්වීම කරන්නෙ සබන් වෙනුවටයි. ඈ වඩා ලක්ෂණට පෙනෙනවා. ඇයට තව තවත් පෙම් බඳින කලුකුමාරයා ඈ තදින් අල්ලා ගන්නේ කිසිකෙනෙකුටවත් නොදැනෙන්න අදෘශ්‍යමානවයි. මේ බව දන්න සමහර මව්වරු මේ කලුකුමාරයාට අල්ලාගැනීමට නොහැකි වනසේ කටයුතු නොකරනවා නොවෙයි. ඒ අවස්ථාවේදී කලුකුමාරයා ඈ අතහැර දමා යනවා. හැර නොගිය අවස්ථාවන්වලදි මේ කලුකුමාරයා ඈ සමඟ අදශ්‍යමානව ඈ ළඟින්ම සිටිනවා. ඔහු ඇය ළඟ සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇය සමඟම නිදාගන්නවා. එය ඇයට දැනෙනවා. කිසිදු ස්පර්ශයක් කරන්නෙ නැහැ. ඇයට තද නින්ද පුරුදු කරනවා. සමහර දිනවලට ඇයගේ නින්දේදි කනට පිඹ අවදි කරනවා. මේ කලුකුමාර දෝෂයේ ප්‍රථම අවස්ථාවයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ගුප්ත විද්‍යාධර ඡ්‍යොතිෂ විද්‍යා සහතික

භාරත භාෂ්කර ශිරෝමනී සම්මාන

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.