ඔබ උපන්නේ මාර්තු මාසයේ 15 සහ 21 අතර ද?

මාර්තු 15, 2024

අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු මාසයේ ගමන් කරන්නේ මීන රාශියේ වන බවත් මාර්තු මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි ග්‍රහයාගේ බලපෑමට මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට ලක්වන බවත් පසුගිය සතියේ සඳහන් කරන ලදි. එසේම පසුගිය සතියේ දී සඳහන් කළ කරුණුවලට අමතරව ජීවිතයේ ඉහළ නැගීමේ ආශාව අරමුණ සහිතව මේ මස පුද්ගලයකු උත්පත්තිය ලබයි.

ඒ සඳහා මොවුන් කැපවීම් සිදු කළහොත් අරමුණෙක් සැලකිය හැකි වැඩ කොටසක් ඉටුකර ගත හැකි මාසයේ බලය ගුරු (සෘණ) හෙයින් එහි පූර්ණව බලපෑම සිදුවන්නේ පුද්ගලයාගේ මනසටයි. එම නිසා ඔවුන් තමාට ලැබිය යුතු ලැබීම් සම්බන්ධව කෙතරම් සිහින මැව්වද එම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජවය මේ මස පුද්ගලයන් ගේ දැකිය නොහැකිය. එම නිසා මේ කාරණය සම්බන්ධව මාර්තු හිමියන් අවබෝධ කරගත යුතු අතර ඔබ කරන කටයුතු සම්බන්ධව සැක හැර ගත යුතුය.ආරම්භ කරන කිසියම් කටයුත්තක් වෙතොත් අවසානය දක්වා හෝ අවසන් වෙනතුරු හෝ සිදුකිරීමට වගබලා ගත යුතුය. මේ ආකාරයට පටන් ගන්නා වැඩ කටයුතු එක දිගට සිදුකිරීමෙන් මාර්තු පුද්ගලයන්ට ලබා ගත නොහැකි කිසිම දෙයක් නොමැත.

 

මාර්තු මාසයේ 15 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර, එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මෙය ඉතාම ප්‍රබල උපන් දිනයක් වන අතර, ඔබට සතුට, සාමය පිරි ගෘහමය ජීවිතයකට හිමිකම් කිව හැකිය. එසේම ඔබ දැනුම රැස් කරනු ලබන්නේ අධ්‍යාපනයට වඩා යම් දේ නිරීක්ෂණය කරමින් හා පරික්ෂණය කිරීමෙනි. එසේම ඔබ බොහෝ බුද්ධිමත් වන අතර, කදිම මතකයක්ද ඔබ සතු වේ. ගුප්ත දෙයට මෙන්ම මන්ත්‍රවලටද ප්‍රිය කරයි. පරිත්‍යාගශිලිය. ජීවිතයේ වරින්වර පසුතැවීම් කිහිපයකට ලක්වීමකට ඉඩ ඇත. ඔබ ඉතා ප්‍රබල ලෙස නිර්මාණාත්මකය. එමෙන්ම මෙම උපන් දිනය සාන්තුවරුන්ට මෙන්ම පව්කාරයන්ටද, දේශපාලනඥායන්ට සේම ව්‍යක්ත දේශකයන්ට හිමිවන දිනයකි.

 

මාර්තු මාසයේ 16 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර, එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මෙදින උපත ලද ඔබ දර්ශනවාදයට හා ආත්මීය ගුණ වගාවට නැඹුරු වේ. එම නිසා නොපෙනෙන ලෝකය පිළිබඳව විමසිලිමත්වනු ඇත. නිබඳවම ඔබ සිහින දකී. යම් දෙයක් විශ්ලේශනය කිරීමේ සුපිරි දැනුමක් හා බලයක් ඔබට හිමිය. නිබඳවම හුදකලාවේ හිඳීමට සේම භාවනානුයෝගිව සිටීමටද ප්‍රිය කරයි. ආදරය කිරීමට සහ ආදරය ලැබීම පාර්ශ්වයෙන් කණගාටුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. තමාගේ සැලසුමිවලට වෙනත් පාර්ශ්වයන් ඇඟිලි ගැසීමට ඔබ කැමැති නැත. මුදල් පසු පස ඔබ හඹා යන්නේ නැත. මනස මෙහෙයවා කරන කටයුතුවලින් ආර්ථිකය කළමනාකරණය කරන අතර, ආනයන, අපනයන කටයුතුවලින් මුදල් ඉපයිය හැකිය. නමුත් මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය.

 

මාර්තු මාසයේ 17 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ශනි ග්‍රහයා මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මෙදින උපන් ඔබ බුද්ධිමත් වන මුත් තමන් ගැනම හිතන ස්වභාවයත් දක්නට ලැබේ. එහෙත් සමහර අවස්ථාවන්හි ඉතාමත්ම වැරදි ලෙස පරිත්‍යාගශීලි වන අතර, තවත් අවස්ථාවකදි අනුකම්පා විරහිතව කටයුතු කරයි. ඉතාම ගැඹුරු දැනුමකට ප්‍රියකරනු ලබයි. මොවුන්ගේ විනිශ්චයන් ඉතාම ප්‍රබලය. ඕනැම අවස්ථාවකදි පෙරමුණ ගෙන කටයුතු කිරීමට ප්‍රබල ආශාවක් ඔබ සතු වේ. ඔබට ළමා කාලයේදි ප්‍රබල දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුවත් අවු 33 න් හෝ 35 න් පසුව ජීවන වෘත්තිය යහපත් අතට හැරේ. ප්‍රබල දුෂ්කරතා වශයෙන් පුද්ගලයන් වරදවා වටහා ගැනීම නිසා දෝෂාරෝපණවලට ලක්වීමට හැකිය.

 

මාර්තු මාසයේ 18 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර, එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ. ඔබ ජීවිතය බොහෝ සේ බුද්ධිමත්ව සැලසුම් කරනු ලබයි. නමුත් ඔබ තුළ තිබෙන සංවේදි හා හැඟීම්බර ස්වභාවය හේතුවෙන් තමා තුළම නිබඳවම තර්ක විතර්ක ඇති වේ. ඔබ උපතින්ම ඕනැම තැනක නායකත්වය ලැබීමට සුදුස්සෙකි. හොඳ සංවිධාන ශක්තියකින් හා අන්‍යයන්ව දිරිගැන්වීමේ හැකියාවකින් යුක්තය. අන්‍යයන්ව වටහා ගැනීමේ ප්‍රබල හැකියාවකින් ද යුක්ත වේ. එමෙන්ම අතිදක්ෂ නිර්මාත්මක හැකියාවක් ද ඔබ තුළ පවති. ඔබගේ ආදායම් මාර්ග නිරතුරුවම වෙනස්කම්වලටද භාජනය විය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

 

මාර්තු මාසයේ 19 වෙනි දින

මෙ දින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූ මාසය මාර්තු නිසා ඔබ රවි, යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මේ පුද්ගලයන්ට ඕනෑම ක්‍ෂේත්‍රයක සාර්ථකත්වයට පත්වීමට ඉඩ තිබේ. සමාජයේ ඉදිරියේ කැපී පෙනීමට ඔබ ප්‍රියකරනු ලබයි. එහෙයින් අන්‍යයන්ගේ අනුකම්පාව හා අවධානය ලබා ගැනීමට වෙහෙසේ. විවාහ ජීවිතය ගෙවෙන්නේ අවබෝධයෙන් තොරවය. හුදකලා වීමට ඔබ කැමැතිය. නමුත් රැකියාවල වෙනස්වීම්වලට නිරන්තරයෙන් ඔබට මුහුණ පෑමට සිදු වේ. සෞඛ්‍ය තත්ත්වය උත්පත්තියෙන්ම යහපත් වේ. නමුත් නිරන්තරයෙන් වැඩ කිරීම නිසා සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීමට පැහැදිලි ඉඩකඩක් තිබේ. එම නිසා විවේකය සම්බන්ධව දෙසැරයක් සිතිය යුතුය.

 

මාර්තු මාසයේ 20 වෙනි දින

මාර්තු මාසයේ 20, වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා ඔබ සඳු, නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ තම පවුල වෙනුවෙන් ඉතාමත්ව කැපවී කටයුතු කරන අයෙකු වේ. එසේම ඉතාමත් හැඟුම්බර ස්වභාවයක් ඉස්මතු වේ. ඔබ ආදරය ලිංගිකත්වය සඳහා ඇල්මක් දක්වන්නෙකි. එම නිසා හැඟීම්බර ස්වරූපයෙන් අන්‍යයන්ට අයුතු ප්‍රයෝජන ගැනීමට තිබෙන ඉඩකඩ අහුරා දමා ගැනීම ඔබගේ වගකීමකි. විදේශගත සම්බන්ධතා රැකියා හා ව්‍යාපාර තුළින් ඔබට වාසි අත්වේ. චිත්‍ර, ලේඛන කලාව, දේශපාලනය ඔබට ගැළපේ.

 

මාර්තු මාසයේ 21 වෙනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර, එය ගුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත් වේ. මෙදින උපන් ඔබ ප්‍රබල උපන් දිනයකට හිමිකම් කියන අතර, ප්‍රබල චිත්ත ශක්තියක් හා නිර්මාණාත්මක හැකියාවක් ඔබට හිමි වේ. එසේම ඔබට බොහෝ දේ පිළිබඳව දැනුමක් සහ දක්ෂතාවයන් පිහිටන අතර, එම දක්ෂතාවයන් එක් සුවිශේෂි ක්‍්ෂේත්‍රයකට යොමු කළ යුතු අතර, එවිට ජනප්‍රිය බව සහ සාර්ථකත්වය නිතැතින්ම උරුම වේ.එසේම ඔබ අවධානය තමන් වෙත රඳවා ගැනීමට කැමතිය. එම නිසා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් ඔස්සේ ඔබ ගමන් කරයි. මිතුරන්ට උදව් උපකාර කිරීමෙහිලා කැපී පෙනේ. පුවත්පත් කලාව, ග්‍රන්ථ ප්‍රකාශනය රඟපෑම වැනි වෘත්තින් ඔබට සුදුසුය. ඉතා හොඳ ශාරීරික නිරෝගිතාවයකට හිමිකම් කියන නමුත් එක දිගට පැමිණෙන මානසික පීඩාවන් නිසා අංශභාගයට හෝ හෘද අශ්‍රිත රෝගාබාධයන්ට ලක්වීමේ ඉඩකඩක් තිබේ.

 

සැලසුම් ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.