දරුවන්ගේ ඉගෙනීම දියුණු කරන ගුරුකමක්

මාර්තු 1, 2024

ඔබේ දරුවා දැනටමත් අධ්‍යාපන කටයුතුවලදී දක්වන උනන්දුව අඩු ද පොත අතට ගත් විටදී නිදිකිරාවැටේ ද මුලදී ඉගෙනීම් කටයුතුවලට ඉතාම දක්ෂව සිට දැන් දැන් එන්න එන්නම අධ්‍යාපන කටයුතුවලට දක්වන සැලකිල්ල විශාල ලෙස උදාසීන බවක් ඇත්නම් පහත සඳහන් අපේ පාරම්පරික දේශීය ශාන්තිකර්මයට මූලාශ්‍රීය වන මන්ත්‍ර (සිතේ ශක්තිය) බීජාක්ෂර උපයෝගි කරගන්න ඒ ඔස්සේ දරුවාගේ ඉගනීම් කටයුතුවලට උනන්දුව ඇති වී අනාගතයේ ඉදිරිපත් වන විභාගවලින් විශිෂ්ට ලෙස සමත් විය හැකි බැව් දක්වමු.

බුලත් කොළයක් කහදියරින් සෝදා මේ ජීව මන්ත්‍රයෙන් 16 වරක් බුලත් කොළයට මතුරා හපන්න දෙන්න. දින 7ක් නොකඩවා කරන්න.

මන්ත්‍රය -

ඕං සරස්වතී නමෝ නමඞ

ආවෙට්ටු පිතාච එන්ඩුල්

පෝට්ටු නමඞ

ක්ෂීර පායාස්ස නමඞ

භාවේ ශ්‍රී සරණං

සරස්වතීනමෝනමඞ

මැටි බඳුනකට අලුයම වතුර දමා ඉහත මන්ත්‍රයෙන් 21 වරක් මතුරා දරුවාට හිස් බඩ බොන්න දෙන්න.

පිරිසුදු පොල්තෙල්වලට 108 වරක් මේ මන්ත්‍රයෙන් බදාදා දිනක අලුයම 05.03ට මතුරා පහනක් දල්වා මිනිත්තු 21ක් ගත වූ විට දරුවාගේ හිසේ පිටුපස තෙල් ටිකක් තවරන්න.

මේ මන්ත්‍රයෙන් ජල බඳුනකට 21 වරක් මතුරා බදාදා දිනක උදේ 06.57ට උතුරු දිශාව බලා තුන්වරක්ම කට සෝදමින් එම වතුර කිරි ගසක් මුලට දමන්න.

මෙහි සඳහන් වන ක්‍රම හතරම හරිහැටි කිරීමෙන් දරුවාගේ ඉගෙනීම් කටයුතු සම්පූර්ණයෙන් සාර්ථක වේ. ඉගෙනීමට ඉතාම දක්ෂයෙක් වේ.

ඉතාම පවිත්‍රව පිරිසුදුව කළ යුතු ගුරුකමකි.

ඉපැරැණි පත්ඉරුවකින් උපුටාගෙන අත්හදා බලා සාර්ථකත්වයට පත්ව ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.