සතියේ පඤ්චාංගය

මාර්තු 1, 2024

ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 18 භාග නවම් අව සැටවක තිථියලත් කිවිදින සිට එම රවි 24 භාග නවම් අව දොළොස්වක තිථියලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කුම්භ

කුජ - මකර

බුධ - කුම්භ ( 07 දා උදේ 09.37 මීන)

ගුරු - මේෂ

ශුක්‍ර - මකර (07 දා උදේ 10.47 කුම්භ)

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - සියාවස ( 04 දා දහවල් 12.34 පුවපුටුප)

කුජ - සුවන (07 දා අලුයම 03.59 දෙනට)

බුධ - පුවපුටුප

ගුරු - බෙරණ

ශුක්‍ර - සුවන ( 02 දා අලුයම 01.39 දෙනට)

ශනි - සියාවස

රාහු - රේවතී

කේතු - සිත ( 04 දා දහවල් 11.57 හත)

යුරේනස් - බෙරණ

නැප්චූන් - පුවපුටුප

පෝය

මාර්තු 03 ඉරිදා උදේ 08.44න් අව අටවක ලබා 04 සඳුදා උදේ 08.48න් ගෙවේ. 03 ඉරිදා සිල්.

චන්ද්‍ර චාරය

02 දා අලුයම 03.17 වෘශ්චික

04 දා සවස 04.17 ධනු

06 දා රාත්‍රී 08.23 මකර

දිනූ තත්ත්ූවය

මාර්තු 01 සිකුරාදා

කුම්භ රවි 18 භාග නවම් අව සැටවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.23. ඉර බැසීම 06.23. සා නැකත දහවල් 12.47න් ගෙවී විසා නැකත ලබයි. නවම් අව විසේනිය තිථිය උදේ 06.23න් ගෙවී අව සැටවක තිථිය ලබයි. ධෘම යෝගය සවස 06.12න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. තෛතිලකරණය උදේ 06.23න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 07.10න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - ගිනිකොන

යෝගිනී - බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

මාර්තු 02 සෙනසුරාදා

කුම්භ රවි 19 භාග නවම් අව සතවක තිථිය ලත් ශනිදින. ඉර උදාව 06.23. ඉර බැසීම 06.23. විසා නැකත දහවල් 02.39න් ගෙවී අනුර නැකත ලබයි. නවම් අව සැටවක තිථිය උදේ 07.54න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය සවස 06.03න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. වනිජකරණය උදේ 07.54න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 08.22න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - නැඟෙනහිර

යෝගිනී - වයඹ

සුබ දිශාව - දකුණ

මාර්තු 03 ඉරිදා

කුම්භ රවි 20 භාග නවම් අව අටවක තිථිය ලත් රවිදින. ඉර උදාව 06.22. ඉර බැසීම 06.23. අනුර නැකත සවස 03.51න් ගෙවී දෙට නැකත ලබයි. නවම් අව සතවක තිථිය උදේ 08.44න් ගෙවී අව අටවක තිථිය ලබා පවතී. හර්ෂණයෝගය සවස 05.20න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. බවකරණය උදේ 08.44න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 08.49න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - උතුර

යෝගිනී - ඊසාන

සුබ දිශාව - නැඟෙනහිර

මාර්තු 04 සඳුදා

කුම්භ රවි 21 භාග නවම් අව නවවක තිථිය ලත් සඳුදින. ඉර උදාව 06.22. ඉර බැසීම 06.23. දෙට නැකත සවස 04.17න් ගෙවී මුල නැකත ලබයි. නවම් අව අටවක තිථිය උදේ 08.48න් ගෙවී අව නවවක තිථිය ලබා පවතී. වජ්‍ර යෝගය සවස 04.01න් ගෙවී සිද්ධි යෝගය ලබයි. කෞලවකරණය උදේ 08.48න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 08.28න් ගෙවී ගරජකකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - වයඹ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - උතුර

මාර්තු 05 අඟහරුවාදා

කුම්භ රවි 22 භාග නවම් අව දසවක තිථිය ලත් කුජදින. ඉර උදාව 06.22. ඉර බැසීම 06.23. මුල නැකත සවස 03.55න් ගෙවී පුවසල නැකත ලබයි. නවම් අව නවවක තිථිය උදේ 08.03න් ගෙවී අව දසවක තිථිය ලබයි. සිද්ධි යෝගය දහවල් 02.04න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. ගරජකරණය උදේ 08.03න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 07.18න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකනිය

මරු - බටහිර

යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

මාර්තු 06 බදාදා

කුම්භ රවි 23 භාග නවම් අව එකොළොස්වක තිථිය ලත් බුධදින. ඉර උදාව 06.21. ඉර බැසීම 06.23. පුවසල නැකත දහවල් 02.48න් ගෙවී උත්‍රසල නැකත ලබයි. නවම් අව දසවක තිථිය උදේ 06.31න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය දහවල් 11.30න් ගෙවී වාරියන් යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 06.31න් ගෙවී බවකරණය ලබා එය සවස 05.23න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නිරිත

යෝගිනී - ගිනිකොන

සුබ දිශාව - නැඟෙනහිර

මාර්තු 07 බ්‍රහස්පතින්දා

කුම්භ රවි 24 භාග නවම් අව දොළොස්වක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 06.21. ඉර බැසීම 06.22. උත්‍රසල නැකත දහවල් 01.00න් ගෙවී සුවන නැකත ලබයි. නවම් අව එකොළොස්වක තිථිය අලුයම 04.14න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. වාරියන් යෝගය උදේ 08.23න් ගෙවී පරිඝයෝගය ලබයි. බාලවරණය අලුයම 04.14න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 02.48න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - දකුණ

යෝගිනී - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.