වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
සඳු සිකුරු යෝගය
අගෝස්තු 9, 2019
ඡ්‍යොතිෂයේදී සුබ ඵලදෙන ග්‍රහයින් දෙදෙනෙකු හැටියට සඳු සිකුරු හඳුන්වා තිබේ. මේ දෙදෙනාගේ සංයෝගය සෑම මසකට වරක් යෙදේ. එබැවින් මෙය දුර්ලභ යෝගයක් ම නොවේ.
ජන්මියාට මෙම සඳු සිකුරු යෝගය යෙදීමෙන් ලෞකිකමය සැපසම්පත් ගෙනදේ උච්ච බලයෙන් සඳු සිකුරු යෙදීම සුබඵල දෙන අතරම පාපීන්ගේ පෙනීම හරහා වෙනස් වනු ඇත.
විවාහයේ වැදගත්ම අංශය වූ ලිංගික තෘප්තිය පිළිබඳ නිසි වගකීම දෙදෙනාට පැවරී තිබේ. මේ ග්‍රහ සංයෝගය කොතැනක යෙදුනත් ඔහුගේ හෝ ඇයගේ මනස කාමුක හැඟීම්වලින් පිරී ඉතිරී යයි. මේ යෝගය නරක තැනක පිහිටීම යෝග්‍ය නොවේ. සතුරු රැසක දෙදෙනා සිටීම නිසා අශුභ ආකාරයට සල්ලාලකමට යොමුවිය හැකි ය. පුරුෂයාටත් ස්ත්‍රියටත් එසේම ය. සමහර විට අසුබ අයුරින් පිහිටීම නිසා යුගදිවිය නීරස බවට පත්වීමේ ඉඩකඩ පෑදේ. යුගදිවියේ දෙදෙනාගේ බැඳීම ආදරය ආලය සහජීවනය අත්‍යවශ්‍ය කරුණු ය.
බොහෝවිට විවාහය බිඳ වැටෙන්නේ සහකරුගේ සහකාරියගෙන් නිසි තෘප්තිය නොලැබීම නිසාය. පොරොන්දම් ගැළපීමේ දී මේ ගැනත් වැඩියෙන් පරීක්ෂා කළ යුතුමය. තම සහකරු හෝ සහකාරියගේ නිසි ලිංගික සුවයක් නොලැබීම නිසා තම වගකීම් යුතුකම් නොකිරීම නිසා ගැටලු වහා පැනනගී.
බොහෝවිට විවාහය දෙදරා යෑම සිදුවේ. මේ සඳු සිකුරු යෝගය පිහිටි විට ඉඳුරන් පිනවීමට නිතැතින්ම පෙලඹේ. එය හරියාකාර නොලැබුණහොත් එතැන මානසික තත්ත්වය වෙනතක හැරේවි.
මේ ගැන හොඳින් සිතා බලා තමාගේ සහකරු හෝ සහකාරිය සොයා ගත යුතු යි. සඳු, කුජ හා ශුක්‍ර 7 වැන්නේ සිටි අයෙකුට 7 වැන්නේ කේතු සිටීමෙන් කායික ප්‍රශ්න ඇතිවීම වළක්වනු බැරිය. මේ කේන්ද්‍ර හිමියා වෘෂභ ලග්නකරුවෙකි. හත වෘශ්චිකයේ චන්ද්‍රයා නීචව ශුක්‍ර සමග යෝගව ඇත. මේ දෙදෙනාම කිසිදු ශුභ ග්රහයෙකුගේ හෝ අශුභ ග්රහයෙකුගේ පෙනීමක් නොවෙති. මීන නවාංශකය විය. විවාහවීමට පෙර නොමනා සබඳතා ගොඩ නගා ගෙන තිබිණ. රවි බුධ ශනි හය වැන්නේ සිටීම එයට හොඳ සාධකයකි.
24 වියේ දී විවාහ විය විවාහයෙන් පසු වෙනත් සබඳතා ගොඩනඟා ගන්නීය. ගුරු දශාවේ ශනි අන්තරය තුළ බිඳ වැටින. මුළු ජීවිතයම නීතිමය රැහැනටද කොටු විය. ජීවිතයේ පෙනිපෙනී පරාජය නිමිතිකරගන්නට කාලය එළඹින. 22 වැනි දෙවැනි දෙර්කාණාධිපති වූ ගුරුගෙ කාලයටත් ශනිගේ අන්තරයත් තුළ සිදුවීමට හේතුවිය.
නමුත් මෙවැනි සරාගී යෝග ඇති දෙපක්ෂයටම අශුභ යෝගවල බලය පාලනය කර ගැනීමට ඡ්‍යොතිෂයේ හැකියාව තිබේ.
එය නිසි ආකාරයට ගුප්ත විද්‍යාත්මකව යොදා ගැනීමෙන් මනස පාලනය කරගෙන කායික හැසිරීම් රටාව ක්‍රමවත්ව ගෙන යාමට හැකිවන යම් යම් ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේදයන් ඇති බැව් මෙලෙස සනිටුහන් කර සිටිමු.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ
වාස්තුවිද්‍යා විශාරද
දේශබන්ධු,
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
තුලාව යනු තරාදියයි. තරාදියක් අතින්ගත් පුරුෂයෙකුගේ රූපයකින් තුලා රාශිය නොහොත් තුලා ලග්නය සංකේතවත් කරයි. මේ නිසා තුලා රාශියෙන් සාධාරණත්වය, යුක්තිය,...
2024-03-14 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු මාසයේ ගමන් කරන්නේ මීන රාශියේ වන බවත් මාර්තු මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි...
2024-03-14 18:30:00
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි දිගු තීරයක දිගැටි හැඩයෙන් යුතු නිවාසයකි. යම් කාලයක් තිස්සේ මැනවින් නඩත්තු නොකිරීමෙන් පිටතින්...
2024-03-14 18:30:00
සමාජයේ නොයෙක් අවස්ථාවන්හි පුද්ගලයන් සියදිවි හානි කරගත් අවස්ථාවන් අපට අහන්න දකින්න ලැබෙන අතර, එසේ ඔවුන්ට සියදිවි හානිකර ගැනීම සඳහා විවිධ ආකාරයේ ගැටලු...
2024-03-07 18:30:00
සමාජයේ නොයෙක් අවස්ථාවන්හි පුද්ගලයන් සියදිවි හානි කරගත් අවස්ථාවන් අපට අහන්න දකින්න ලැබෙන අතර, එසේ ඔවුන්ට සියදිවි හානිකර ගැනීම සඳහා විවිධ ආකාරයේ ගැටලු...
2024-03-07 18:30:00
ලොවට ජනිත වන සියලුම දෙනා බහ තෝරන වියේ සිටම සතියකින් කුණුගොඩට විසි කරන සෙල්ලම් බඩුවේ සිටම මිය යන තෙක්ම භෞතික සම්පත් එකතු කර ගැනීමට මහත් උත්සාහයක් දරති...
2024-03-07 18:30:00
කැති නැකතින් උපත ලද්දේ නම් ඔහුට ඕනෑම දුක් කරදරයක් විඳ දරා ගැනීමේ හැකියාව උපතින්ම පිහිටා තිබේ. ධෛර්ය සම්පන්නයි. අන් අය අභිබවා යෑමට සමත් වේ. තමා ගැන...
2024-03-07 18:30:00
ශකවර්ෂ 1945ක් වූ කුම්භ රවි 25 භාග නවම් අව තෙළෙස්වක තිථිය ලත් කිවි දින සිට මීන, රවි 01 භාග මැදින් පුර විසේනිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ...
2024-03-07 18:30:00
විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා ලග්නය රාශි චක්‍රයේ හයවැනි රාශිය හැටියට සැලකෙයි. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශි...
2024-03-07 18:30:00
අපේ ජීවිතයේ අහඹු සිදුවීම් ඕනෑ තරම්. පාරේ යද්දි වාහනවල අපූරු අංක දකිනවා, නාම පුවරුවල වෙනස් විදියේ අංක පෙනෙනවා, ඔරලෝසු කණුවෙ හෝ ජංගම දුරකථනයේ 11:...
2024-02-29 18:30:00
ඔබේ දරුවා දැනටමත් අධ්‍යාපන කටයුතුවලදී දක්වන උනන්දුව අඩු ද පොත අතට ගත් විටදී නිදිකිරාවැටේ ද මුලදී ඉගෙනීම් කටයුතුවලට ඉතාම දක්ෂව සිට දැන් දැන් එන්න...
2024-02-29 18:30:00
ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 18 භාග නවම් අව සැටවක තිථියලත් කිවිදින සිට එම රවි 24 භාග නවම් අව දොළොස්වක තිථියලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-02-29 18:30:00
ඉභිනනාසු සිද්ධාන්තයන්ට අනුව මෙතෙක් කරුණු සාකච්ඡා කර ඉදිරිපත් කරනු ලැබුවේ මීණාදී දක්ෂිණායන උප්පත්ති ජන්ම ග්‍රහ සටහනක් ඇසුරෙන් මනුෂ්‍යයාගේ දිවි ගමනේ...
2024-02-29 18:30:00
මාර්තු මාසයේ සූර්යයා හෙවත් රවි ග්‍රහයා ගමන් කරන්නේ මීන රාශියේ වන බැවින් මෙම මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි ග්‍රහයාගේ බලපෑමට මෙන්ම ගුරු ග්...
2024-02-29 18:30:00
පසුගිය සතියේ හදිසි ධන ලාභයක හිමිකම ඔබගේ අත්ලේ සටහන් වන ආකාරය ගැන සාකච්ජා කළ අතර, අද ආර්ථිකමය වශයෙන් සිදුවන ධන හානි අත්ලේ සටහන් වන ආකාරය පිළිබඳ...
2024-02-22 18:30:00
අස්විද නැකතින් උපන්නේනම් ලලිතකලා සෞන්දර්යාත්මක ජීවන රටාවකට යොමු වූවෙකු වේ. නිර්මාණශීලීය. ඒ හරහා මුදල් උපයා ගනී. දක්ෂ මෙන්ම ප්‍රකට කලාකරුවෙක් වීමේ...
2024-02-22 18:30:00