බුද්ධියට බලපාන බුධ ග්‍රහයා

සැප්තැම්බර් 6, 2019

කේන්ද්‍රයේ දසවැන්න බුධට ඉතා යහපත් ස්ථානය වේ. සිහිකල්පනාව සහ වාග් ශක්තිය වැඩි කරයි.තැනට සුදුසු නුවණ ඇතිවේ. කරන ව්‍යාපාරවලින් ජය ලැබේ. කීර්තිය සහ සම්මාන ලැබේ. රජයේ තනතුරු ලැබේ. ඉන්ද්‍රිය දමනය කළ යහපත් කෙනෙකු වේ.

බුද්ධිය ගැන කතා කරන විට ප්‍රථමයෙන් අපගේ මතකයට එන්නේ බුධ ග්‍රහයාය. කෙනෙකුගේ බුද්ධිය මැන බැලීමේදී වැඩිපුරම ආධාර කරන්නේ බුධ ය.

ඔබේ දරුවා ඉගෙනුමට දක්ෂ ද අදක්ෂ ද බුධගේ බල දුබලතාවය අනුව කල් තියා ඒ පිළිබඳව ඔබට නිගමනයකට බැසීමට පුළුවන.

දරුවන් ගොත ගසන්නේද මෙය දුර්වලවූ විටය. ඕනෑම අයකුගේ කේන්දරයක බුධ සුබදායක අන්දමින් පිහිටා ඇත්නම් සුබ පල රැසක් අත්කර දෙනු නොඅනුමානය.

බුද්ධිමත්භාවය, ධාරණ ශක්තිය, නිර්මාණ ශක්තිය, අන්‍යයන්ට කරුණු අවබෝධකරදීමේ ශක්තිය, ලේඛන කලාවේ දක්ෂභාවය පොත්පත් ලිවීමේ හැකියාව, විවිධ භාෂා දැනුම, ගුප්ත ශාස්ත්‍ර හැදෑරීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, සත්‍ය වචන කතා කිරීම ආදි සුබ පල රැසක් ගෙන දෙයි.

බුධ නපුංශක ග්‍රහයෙකි. මෙම නපුංශක භාවය තුළින් හටගත් උභය ගතිය චංචල ගතිය නිසාදෝ බොහෝ අවස්ථාවල බුධ කොතරම් සුබ අයුරින් පිහිටියත් සිත එක අරමුණක තබා ගැනීමේ ශක්තිය තරමක් දුරට හෝ හීන වී යන බවක් දක්නට ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක

නිශාන්ත

විජේසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.