‘නාඩි ජ්‍යොතිෂයට’ අනුව 2024 සිංහල අලුත් අවුරුදු ලග්න පලාපල

අප්‍රේල් 5, 2024

සුර්ය සංක්‍රාන්තිය සිදුවන වෙලාවට වෘශ්චික ලග්නය උදාව පවති. ලග්නයෙන් 4 වැන්නේ ශනි,කුජ ද, 5 වැන්නේ සිකුරු,රාහු,බුධ,නෙප්චූන් ද, 6 වැන්නේ රවි,ගුරු,යුරේනස් ද, 8 වැන්නේ සඳු ද, 11 වැන්නේ කේතු ද සිටියි. මේ ග්‍රහ පිහිටීම් ලග්නවලට කෙසේ බලපායිද යන්න විමසා බලමු.

මේෂ ලග්නය

ගෘහ ජිවිතය :

සුබ වර්ෂයක්. ලග්නයේ ගුරු ගෝචරවන කාලයේදි රවි ලග්නයට පැමිණිම ගෘහ ජිවිතයේ විවිධ වර්ධනයන් පෙන්වයි. මංගල යෝග උදාවෙන කාලයකි ආත්ම අභිමානයට සම්මානයට පාත්‍ර වේ. පින්වන්ත දරු උපත් සිදුවේ. දරුවන්ගේ දියුණුව ඇතිවන වර්ෂයකි.

අධ්‍යාපනය :

අධ්‍යාපනයට ඉතා හොඳ වර්ෂයකි. උසස් අධ්‍යපන හා විදේශ අධ්‍යාපන බලාපොරොත්තු ඉෂ්ට වේ. විභාගවලින් උසස් ප්‍රතිපල ලබාගත හැකිය.

රැකියාව :

10,11 - වැන්නාධිපති ශනි 11 - වැන්නේ ගමන් කිරිමත්, ගුරු ග්‍රහයා මැයි 1 දා සිට 2 - වැන්නේ ගමන් කිරිමත් නිසා රැකියා ව්‍යාපාරවලට ඉතා හොඳ වර්ෂයකි. උසස්වීමක් බලාපොරොත්තු වන්නේ නම් එය සපල වී ආදායම වැඩිදියුණු වේ.

සෞඛ්‍යය :

පපුව හා පාදවල සෞඛ්‍ය ගැටලු ඇතිවේ.

පිළියම් :

ඖෂධ ගිලන්පස සමඟ බෝධි පුජා තබන්න.

වෘෂභ ලග්නය

ගෘහ ජිවිතය :

අවුරුදු උදාවේ ග්‍රහ පිහිටිමත් මැයි 1දා ගුරු මාරුවත් ඉතා සුබයි. තමන්ගේ පෞද්ගලික ජිවිතයට බොහෝ දේ එකතු කරගත හැකිය. මංගල යෝග උදාවේ. පින්වන්ත දරු සම්පත් ලැබේ.ආගමික නායකයන්ගේ පැසසුමට ලක්විය හැකිය.ප්‍රිය සම්භාෂණවලට නිතර ඇරයුම් ලැබේ.ප්‍රිතිමත් ලෙස කාලය ගත කළ හැකිය.

අධ්‍යාපනය :

මැයි 1 දායින් පසු උසස් අධ්‍යාපනයට සුබයි. විභාග ඉහළින් සමත් වේ.

රැකියාව :

9,10 - වැන්නාධිපති ශනි 10 - වැන්නේ ගමන් කිරිම රැකියා ව්‍යාපාරවලට ඉතා සුබයි.උසස්වීම් ආදායම් වැඩිවීම් පෙන්වයි.

සෞඛ්‍යය :

දණහිස් අමාරු, කෙන්ඩා පෙරළීම්, සෙම් රෝග සෑදිමට අවස්ථාවක් ඇත .

පිළිවෙත් :

තම තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

මිථුන ලග්නය

ගෘහ ජිවිතය :

තම පවුලට යුතුකම් ඉෂ්ට කරන වර්ෂයකි. ඒ සඳහා තම තැන්පතු ධනය තරමක් වියදම් වන කාලයක් වුව එය ඉදිරි ආයෝජනයක්. නිතර විදේශ ගමන් යාහැකිය.මිශ්‍රපල උදා කරන වර්ෂයකි.

අධ්‍යාපනය :

උත්සාහයේ තරමට ප්‍රතිපල ලබාගත හැකිය. විදේශ අධ්‍යාපන බලාපොරොත්තු ඉෂ්ට වේ.

රැකියාව :

රැකියා ව්‍යාපාර වෙනස්කම්වලට භාජනය වේ. සංචාරය කරමින් කරන රැකියා ව්‍යාපාරවලට ඉතා සුබයි. ධන මාර්ග පෑදෙන වගකිම් වැඩි වන කාලයකි.

සෞඛ්‍යය :

ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි විමක් පෙන්වයි. බෙල්ලෙන් උඩ කොටසේ ඉන්ද්‍රියවල සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවේ.

පිළිවෙත් :

අධ්‍යපනය ලබන සංඝයා වහන්සේලාට අධ්‍යාපන උපකරණ පුජා කරන්න. බ්‍රහස්පතින්දා කහ මල් යොදාගෙන බෝධි පුජා තියන්න. තමගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

කටක ලග්නය

ගෘහ ජිවිතය :

මංගල යෝග උදා වන කාලයක්. පිංවන්ත දරු උපත්වලට වාසනාව ඇත. අඹුසැමියන් අතර සුළු ගැටලු ඇති වුවත් අවබෝධයෙන් වැඩ කිරිම තුළින් ඒවා සමනය කරගත හැකිය.

අධ්‍යාපනය :

අධ්‍යාපනයට ඉතා සුබ වර්ෂයක්. විභාග ඉහළින් සමත්විය හැකිය. උසස් අධ්‍යාපනට සුදුසුම වර්ෂයක්. බලාපොරොත්තු සපල වේ.

රැකියාව :

ඒරාෂ්ටක අපලයක් තිබුණත් එය මැඬගෙන රැකියා ව්‍යාපාරවල දිවුණුවක් ඇතිවේ. ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් බලාපොරොත්තු විය හැකියි.

සෞඛ්‍යය :

මුත්‍රාශය ගර්භාශය හා ඊට ආර්ශ්‍රිත ඉන්ද්‍රියයන්වල සෞඛ්‍ය ගැටලු ඇතිවේ. හදිසි අනතුරු හා ශෛල්‍යකර්මවලට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වෙන්න.

පිළිවෙත් :

නිල් මල් හා වැටකේ මල් සමඟ සෙනසුරාදා දිනවල බෝධි පුජා තියන්න. ඖෂධ ගිලන්පස පුජා කරන්න. තමගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

සිංහ ලග්නය

ගෘහ ජිවිතය :

ජුනි මාසය දක්වා අඹුසැමියන් අතර සුළු මත භේද ඇති වේ. ඉන්පසු සමගියෙන් ජිවත්විය හැකිය. ජුනි මාසයෙන් පසු විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉෂ්ට වේ.

අධ්‍යාපනය :

අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ඇතිවේ.උසස් අධ්‍යාපන වරම් ඇත. විදේශ අධ්‍යාපනය බලාපොරොත්තු අයට සුළු බාධා පෙන්නුම් කළත් ඒවා මැඬගෙන තම අරමුණ කරා යා හැකිය.

රැකියාව :

රැකියා ව්‍යාපාරවලට ඉතා සුබයි. උසස්වීම් ආදායම් වැඩිවීම් පෙන්වයි තමන් කියන කරන වැඩ සාර්ථකවේ.

සෞඛ්‍යය :

උදරය කොන්ද ප්‍රදේශයේ වේදනා ඇතිවේ. හිසේ කැක්කුම්වලට ඉඩ ඇත.

පිළියම් :

සෙනසුරාදා දිනවල වැටකේ මල්, නිල් මල්, ඖෂධ ගිලන්පස සමඟ බෝධි පුජා තියන්න.තමාගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

කන්‍යා ලග්නය

ගෘහ ජිවිතය :

තමාට තම ගෘහයට යම් දේවල් එකතු කරගන්න වර්ධනය කරගන්න හැකි වර්ෂයක්. හවුලේ කරන වැඩත් අඹුසැමියන් අතරත් සුළු මත ගැටුම් ඇති වුවත් ඒවා සමනය කරගන්න පුළුවන්. සතුරන් පරාජයට ලක්වන කාලයකි. සමාජයේ ප්‍රකටවේ.

අධ්‍යාපනය :

අධ්‍යාපනයට ඉතා හොඳ කාලයක් උදාවේ.උසස් අධ්‍යාපන වරම් ලැබේ. කඩඉම් විභාගවලින් උසස් ප්‍රතිපල ලබාගත හැකිය. විදේශ අධ්‍යාපන අවස්ථා ශිෂ්‍යත්ව ලැබේ.

රැකියාව :

හවුල් ව්‍යාපාරවල සුළු ප්‍රශ්න ගැටලු ඇති වුවත් ඒවා මැඬගෙන ව්‍යාපාරවල සුබ තත්ත්වයක් ඇති කර ගැනීමට පුළුවන්.

සෞඛ්‍යය :

පිට කොන්ද ආශ්‍රිත ගැටලු ඇති වේ. සීනි මට්ටම ඉහළ යා හැකියි. නිතර උණ සෑදිමට ඉඩ ඇත. හිස් මුදුන වියළි ස්වභාවයක් ගනී.

පිළියම් :

ඖෂධ ගිලන්පස සමඟ බෝධි පුජා තියන්න. තම තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

තුලා ලග්නය

ගෘහ ජිවිතය :

සතුරු බල බිඳෙන වර්ෂයක්. ස්ථිර තැන්පතු වර්ධනය වේ. ආගමික විදේශ සංචාරවලට හොඳයි. වික්‍රමවත්ව තම කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යා හැකිය.

අධ්‍යාපනය :

අධ්‍යාපනයට ජුනි මාසය වනතුරු සුළු බාධා ඇතිවේ. ඉන් පසු උසස් අධ්‍යාපනයට අවස්ථා ඇත.

රැකියාව :

ව්‍යාපාර වරින්වර ලාභ අලාභ ලබයි.රැකියා ව්‍යාපාරවල තිරනාත්මක තින්දු තීරණ ගැනීමේදී දෙවරක් හිතන්න. කෙසේ වෙතත් තැන්පතු වර්ධනය කරගත හැකිය.

සෞඛ්‍යය :

උදරගත ගැටලු, උණ රෝගය නිතර සෑදිමට පුළුවන. වෛරස්වලින් සෑදෙන අසනිපවලට ලක් වේ.

පිළියම් :

බ්‍රහස්පතින්දා දිනවල කහ මල්, ඖෂධ ගිලන්පස සමඟ බෝධි පුජා තියන්න. තම තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

වෘශ්චික ලග්නය

ගෘහ ජිවිතය :

ප්‍රබල මංගල යෝග කාලයක් උදාවේ. හවුලේ කරන වැඩවලට සුබයි. ප්‍රිය සම්භාෂණවලට සහභාගී වීමට අවස්ථාවල් උදාවේ. අඹුසැමියන් අතර සුහදත්වය වැඩි දියුණුවේ.

අධ්‍යාපනය :

අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගත හැකිය. විභාගවලින් ඉහළ ප්‍රතිපල ලබාගත හැකිය. තම හැකියාවන් සමාජය හඳුනා ගනී.

රැකියාව :

හවුල් ව්‍යාපාරවලට ඉතා සුබයි. හවුල් කරුවන් අතර විශ්වාසය තහහුරු වේ. රැකියා ව්‍යාපාරවල දියුණුවත් ආදායමේ වර්ධනයත් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය :

පපුව හා උරහිස් සම්බන්ධ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවේ. අධිරුධිර පීඩනය පරික්ෂා කරගන්න.

පිළියම් :

සෙනසුරාදා දිනවල ඖෂධ ගිලන්පස හා අබ තෙල් පහන්, නිල් මල් සමඟ බෝධි පුජා තියන්න. තම තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

ධනු ලග්නය

ගෘහ ජිවිතය :

සමාජයේ ප්‍රකටභාවයට පත්වේ. තම යුතුකම් වගකිම් නොපිරිහෙලා ඉටු කරයි. පදිංචියේ වෙනස්කම් සිදුවේ. නිවාස දේපළ සම්බන්ධ නෛතික ප්‍රශ්න ඇති විය හැකිය.

අධ්‍යාපනය :

සුළු බාධා ඇති වුවත් අධ්‍යාපන ජයග්‍රහණ ලබාගත හැකිය. විදේශ අධ්‍යාපනයකට අවස්ථාව උදාවේ.

රැකියාව :

රැකියා ව්‍යාපාරවල සුළු ගැටලු ප්‍රශ්න ඇති වුවත් රැකියා උසස්විම් හා ව්‍යාපාරවල ලාභ ලබාගත හැකිය. තැන්පත් ධනය වර්ධනය වේ.

සෞඛ්‍යය :

උරහිස් අමාරු හා බෙල්ලෙන් උඩ ඉන්ද්‍රියයන්වල ආසාදන තත්ත්වයන් ඇතිවේ. ශරීරයේ සීනි මට්ටම ඉහළ යයි.

පිළියම් :

බ්‍රහස්පතින්දා දිනවල කහ මල් හා ඖෂධ ගිලන්පස සමඟ බෝධි පුජා තියන්න. තම තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

මකර ලග්නය

ගෘහ ජිවිතය :

හොඳ වර්ෂයක්. අඹුසැමියන් අතර සමගිය පවත්වාගෙන යා හැකියි. තම පවුලට යුතුකම් වගකිම් නොපිරිහෙලා ඉටු කරන සෑම පැත්තෙන්ම යහපත් වර්ෂයක්.

අධ්‍යාපනය :

අධ්‍යාපනයට ඉතා හොඳයි. විභාගවලින් උසස් ලෙස සමත් වේ. විශ්වවිද්‍යාල වරම් හිමිවන වර්ෂයක්.

රැකියාව :

රැකියා ව්‍යාපාරවලට හොඳයි. ධනය ලැබීමටත් තැන්පතු වර්ධනයටත් හොඳ වර්ෂයක්. බලය වගකිම් වැඩි වන කාලයක්.

සෞඛ්‍යය :

උගුර, කන, නාසය සම්බන්ධ ගැටලු ඇතිවේ.ජුලි මාසය දක්වා ශරීරයේ පිත වැඩිවේ.

පිළියම් :

සෙනසුරාදා දිනවල නිල් මල්, අබ තෙල් පහන් ඖෂධ ගිලන්පස සමඟ බෝධි පුජා තියන්න. තම තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

කුම්භ ලග්නය

ගෘහ ජිවිතය :

අඹුසැමියන් අතර සුළු මත ගැටුම් ඇති වුවත් ඒවා සමනය කරගත හැකිය. තම යුතුකම් වගකිම් නොපිරිහෙළා ඉටු කරයි. යාන වාහන ගේදොර ඉඩකඩම් ලාභ ඇත.

අධ්‍යාපනය :

ලග්න ඒරාෂ්ටක අපලය තිබුණත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කිරිමෙන් උසස් ප්‍රථිපල ලබාගත හැකිය.

රැකියාව :

රැකියා ව්‍යාපාරවල උත්සාහයේ තරමට ප්‍රතිපල ලබාගත හැකිය. ලග්න ඒරාෂ්ටක අපල කාලයක් නිසා මොන සුබ දේ කළත් දෙවරක් හිතා තිරණ ගන්න.

සෞඛ්‍යය :

හිසකෙස් ගැලවිම, ඔළුවේ කැක්කුම්, පීනස් ගතිය නිතර ඇතිවේ. පපුවේ සෙම ගතිය ඇතිවේ. ඒරාෂ්ටක අපල කාලයක් නිසා හදිසි අනතුරු ශෛල්‍ය කර්මවලට ඉඩ ඇති බැවින් පරෙස්සම් වන්න.

පිළියම් :

සෙනසුරාදා දින 21 ක් නිල් මල්, අබතෙල් පහන්, ඖෂධ ගිලන්පස සමඟ බෝධි පුජා තියන්න. තම තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

මීන ලග්නය

ගෘහ ජිවිතය :

සමාජයේ ප්‍රකටවේ. ඔබේ හැකියාවන් සමාජය හඳුනා ගනියි. ගමන් බිමන් බහුල කාලයක්. අඹුසැමියන් අතර සුළු මතවාද ඇතිවේ. ජිවිතයේ වැදගත් තීරණ තනියෙන් නොගෙන සාමුහිකව ගන්න.

අධ්‍යාපනය :

උසස් අධ්‍යාපනයට සුබයි. උසස් ප්‍රතිපල ලබාගත හැකිය. විශ්වවිද්‍යාල වරම් ලැබිමට වාසනාව ඇත.

රැකියාව :

හවුල් ව්‍යාපාරවලට තරමක් අසුබයි.තීන්දු තීරණ බුද්ධිමත්ව ගන්න. තනි පුද්ගල ව්‍යාපාර හා රැකියා කරන අයට හොඳයි.

සෞඛ්‍යය :

ඔළුවේ කැක්කුම්, පීනස හා පාදවල අසනිප ඇතිවේ. ජලයෙන් අගුණයි.

පිළියම් :

සෙනසුරාදා දිනවල වැටකේ මල්, නිල් මල්, එළඟි තෙල් පහන්, ඖෂධ ගිලන්පස සමඟ බෝධි පුජා තියන්න. තම තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

රාජ්‍ය අවුරුදු නැකැත් කමිටු සාමාජික, ඡ්‍යොතිෂ්‍ය සභා මනෝවිද්‍යා උපදේශක

ඡ්‍යොතිෂවේදී කැලණිය වරාගොඩ

චමීර බියන්විල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.