ඥානකාරක බුධ මේෂ රාශියට - හදිසි තීන්දුවලින් වළකින්න

මාර්තු 22, 2024

 

මාර්තු 26 වැනිදා අලුයම 03.09ට ඥානකාරක බුධ අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. මෙය මේෂ රාශිය, මේෂ නවාංශකය, අස්විද 01 පාදය ආශ්‍රිතව සිදු වෙයි.

ගිනිකතුරු යෝගය 02 වැන්නේ යෙදී උදා රාශිය මකරය වී ප්ලූටෝ සතුරුව තැන්පත් වීමද මූඪ වූ කේතු මිත්‍රශීලි චන්ද්‍රයා සමඟ 09 වැන්න වූ භාග්‍යස්ථානගත වීම 01,05,09 ත්‍රිකෝණය අතිශය දුර්වල වී යාමයි. 04 වැන්න විපක්ෂ ද මාන්ද්‍රිග්‍රහයාගෙන් දුර්වලවීයාම, 11 වැන්න අඟහරුගෙන් බාධක අවහිර දුෂ්කරතා මඟින්ද බ්‍රහස්පති බුධ, යුරේනස්, 04 වැන්නේද 08,12,04 සමෝක්ෂ කෝණයද , යම් තරමක ප්‍රබුද්ධත්වයකටද තුඩු දී ඇත.

සිංහ රාශි ජනරජ කේන්දර සටහනෙහි බුධ, යුරේනස්, සහ බ්‍රහස්පති මානව හිතවාදී ලෙස 01,05,09 ධර්ම කෝණගතව ඇත. ආලෝක ග්‍රහ මඬුල්ල තුළින් ශුභවාදී සක්‍රිය බවක්ද දෘශ්‍යමාන කෙරෙනු ඇත. මේ ග්‍රහ මාරු මකර රාශි උදාවෙන් 02 ධනස්ථානයද කර්මස්ථානය වූ 10 වැන්න අධිපති සෙනසුරු කුජ සමඟ සිකුරු මිත්‍රශීලිව ඇත.

ශ්‍රී ලංකා සිංහ ජනරජ කේන්දරය ආශ්‍රිතව 09 වැන්න භාග්‍යස්ථානයයි. බ්‍රහස්පති, බුධ, යුරේනස්, ඉතා ප්‍රබල ගුරු, ශනි යෝග බලැතිව මේෂ රාශිගත වීම ප්‍රබලතම ග්‍රහ සුසංයෝගයයි.

සම්භාවනීය බුද්ධිමතුන්, ත්‍රිවිධ හමුදා නායකයන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන් ආගමික නායකවරුන්, විචාරකයන්, විමර්ශනශීලි දාර්ශනිකයන් 09 වැන්නෙහි යෙදුණ බුධගෙන් ප්‍රකාශිතයි.

මෙහිලා යෙදී ඇති ධර්ම කෝණය ප්‍රබලතම නිවේදනයයි. 2024 අංක විද්‍යානුකූල 08 වැන්නයි. රාහුට අයත් 08 වැන්න තුළදී මීන රාශිගත මූඪ බවක් අදාළ ග්‍රහචාරයෙන් ප්‍රදර්ශනය වෙයි. මූඪ රාහු නැප්චූන් සමඟ රවිද තැන්පත්ව යෙදුණේ 08 වැන්න වූ මෘත්‍යු ස්ථානාගතවයි. පුවත්පත් ප්‍රකාශන මාධ්‍ය ජාලය ද සන්නිවේදන මාධ්‍යයද ජනතා ශුභ සිද්ධියට කඩිනම් විජයග්‍රාහී මාවතකට නැඹුරු වීම ඉතා වැදගත් වෙයි. ප්‍රවීණ ලේඛකයන්, ප්‍රවීණ ගත්කරුවන් ධෛර්යමත් කරවීම යහපත්ය. ළමා පරපුර චර්යාත්මක ගුණාත්මක පසුබිමකට දැනුම අවබෝධය ආශි‍්‍රත කරලීම අත්‍යවශ්‍ය කටයුත්තකි. ජනරජ රාශි සටහනෙහි 11 අයස්ථානය මෙන්ම 02 ධනස්ථානය ආධිපත්‍ය බුධ ග්‍රහයාට තුඩු දෙනු ඇත. මෙවන් ග්‍රහ සංක්‍රමණය රාජ්‍ය ආදායම් මාර්ග පිළිවෙත සමබරව පැවැතිය හැකිය.

දෙස් විදෙස් සංචාරක ව්‍යාපෘතිය වඩාත් ඵලදායි විජයග්‍රාහී මඟකට අවතීර්ණ වෙයි. ග්‍රහණ සහ ග්‍රහ යුද්ධ නිසා ඉදිරි කාලීනව විවිධ අර්බුද උද්ගත වෙයි. හදිසි තීරණ, තීන්දු ඉක්මන් කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පපාලනය කරගත යුතු වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.