ජෝතිශයෙන් ඉදිරිය දෙස බලමු

ඔක්තෝබර් 11, 2019

මලල්ගොඩපිටිය දිල්රුක්ෂි

වයස 32 අනාගතය කෙසේද?

පිළිතුර - ධනු ලග්න වෘශ්චික නවාංශක දෙනට නැකත දැනට දසාව ගුරු, ගුරු ඔබේ ලග්නාධිපතියාද වන අතර 22 වන දෙර්කාණ අධිපතියා ද වේ. මෙම කාලය සුබවාදී යයි කිව නොහැක, විවාහ ස්ථාන අධිපති බුධ ලග්නයේ සිටී. ඔබම සොයාගත් සහකරුවෙකු හා විවාහ වීමේ වාසනාව ඇතත් ඊට බාධා විරෝධතා ඇතිවිය හැකි ය. ලග්නයේ පිහිටි ර, බු, ශ, යෝගයද සුබවාදී නොවේ. දියුණුවට බාධා ගෙන දෙන පිහිටීම ඔබට උපන් ගමෙන් පවා ඈත් කිරීමට නෑදෑයන්ගෙන් ඈත් කිරීමටද සමත්වනු ඇත. ජීවිතය කරදරකාරී බව පෙනේ. දෙවැන්නේ පිහිටි සඳු සිකුරු යෝගයද ඔබට සුවදායක යුගදිවියකට බාධා වන්නට පිළිවන. ප්‍රධාන දුර්වලතාවය නම් ලග්නාධිපති ඔබේ 22 වන දෙර්කාණාධිපති වීමයි. ඉතා ඉවසීමෙන් කටයුතු කළහොත් යුගදිවිය සාර්ථක වනු ඇත. විවාහ වන කාලය කිව හැක්කේ අනික් ජන්ම පත්‍රයද අධ්‍යයන කිරීමෙන් පසුවයි. ඔබට විවාහ යෝග තිබුණ ද සහකරුට එසේ නොමැති නම් විවාහය සිදු නොවේ. සහකරු නැගෙනහිර හෝ බටහිර පළාතෙන් විය හැකි යි.

ඇඹිලිපිටිය ඉසුරු වයස 27 ජීවිත පලාපල

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.