විවාහ දෝෂ දුරලන අති ප්‍රබල දස දිසා පිරිත

ඔක්තෝබර් 18, 2019

දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත

දිසාසු දස භාගෙසු ඨිතා බුද්ධානු භාවතො වෙරපිඅන්තරායාපි විනස්සන්ති අසෙසතො එවමාදි ගුණොපෙතං පිරිත්තං තං භණාමහෙ පදුමුත්තරෝ පුරත්ථිමායං අග්ගිම්හිචෙච රෙවතො දක්ඛිණො කස්සපො බුද්ධො නෙරුතෙ ච සුමංගලො පච්ඡිමෙ ච සිඛි බුද්ධො වායව්‍යා මෙධංකරො උත්තරො පියදස්සී ච ඊසානෙ දීපංකරො පථව්‍යා කකුසන්ධො ච අකාසෙ සරණංකරො අචිචන්තරායා සබ්බේ තේ සොක රොග භයාපි ච විනස්සංතු සදා තුය්යං සබ්බරියා පථෙසු ච යක්ඛාදී දෙවතාභී ච රාඡ චොරාරි අග්ගිගි අමුනස්සෙහි සබ්බෙහි තිරච්ඡාන ගතෙහි ච ඡාතා උපද්දවා සබ්බේ විනස්සන්තු අසෙසතො සිරස්මි තෙ බුද්ධ සෙට්ඨො සාරිපුත්තො ච දක්ඛිණෙ වාමයංසෙ මොග්ගල්ලානො තෙ පුරතො පිටකත්තයං පචඡිමෙ තව ආනන්දො චතුද්දිසා ඛිණාසවා සමන්තා ලොකපාලා ච ඉන්දදෙවො ච බ්‍රහ්ම ච එතෙසං ආනුභාවෙන සම්බූපද්දවුපද්දවා අනෙකා අන්තරායාපි විනස්සන්තු අසේසතො

ශනි මංගල දෝෂය හෙවත් කුජ - ශනි දෝෂය නිසා ඇතිවන විවාහ බාධා දුරු කිරීමට මෙම පිරිත ඉතා බලගතු වනු ඇත. වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේ දී අද දවසේ ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇත්තේ විවාහ ප්‍රමාදය හා විවාහ වූවන් අතර ඇති වී තිබෙන ප්‍රශ්න හා ගැටලුයි. මේ සඳහා මූලිකව බලපාන්නේ ඔබගේ ජන්ම පත්‍රය ආශි‍්‍රතව තිබෙන අසුබ ග්‍රහ බලයයි. ඒ අනුව ඉහත සඳහන් විවාහ ප්‍රශ්න සඳහා ඡ්‍යොතිෂානුකූලව බුදුදහමේ එන පිරිත් දේශනාවක් අනුසාරයෙන් ඒ සඳහා සහනයක් ලබා දීම මෙම ලිපියේ මූලිකම අරමුණයි. ශනි මංගල දෝෂය හෙවත් කුජ, ශනි දෝෂය නිසා ඇතිවන විවාහ බාධා දුරු කිරීමට මෙම පිරිත ඉතා බලගතු වනු ඇත.

කෙනෙකුගේ විවාහය නිසි කලට නිසි ලෙසට නිසි වයසටම සිදු වෙනවා. විවාහ ජීවිතය අතිශය සාර්ථකයි. සියලු දේ ලැබෙනවා ඔවුන් සතුටින් සමගියෙන් ජීවත් වෙනවා. ඒ වගේම විවාහයෙන් පසුව ටිකෙන් ටික දියුණුව සැලසෙනවා. වාසනාවන්ත දරු සම්පත් ලබනවා. ඒත් තවත් කෙනෙකුට මේ කිසිවක් නෑ. නිසි වයසත් ටිකෙන් ටික ගෙවිලා යනවා. රූපයෙන් අඩුවකුත් නෑ. දේපළ රැකියාව වැනි දේත් සම්පූර්ණයි. නමුත් විවාහ වාසනාව තවම ලැබී නැහැ. නමුත් අර සියල්ල නැති අයත් ඉක්මනින් විවාහ වෙලා. ඒකට හේතුව වෙන්නේ තම තමන් පූර්ව ආත්ම භාව වල කළ කී දේ. යහපත් ලෙස පින් කළ අයට නිසි ලෙසම විවාහය ලැබෙනවා.තව කෙනෙකුට කළ පව් ප්‍රමාණය මත විවාහයේ ලැබීම නොලැබීම හෝ ප්‍රමාදය තීරණය වෙනවා.

ඒකට මෙන්න මේ වගේ විවාහ දෝෂ රාශියක් බලපානවා.

භෞම දෝෂය - ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් 1 2 4 7 8 12 යන ස්ථාන වල කුජ ග්‍රහයා සිටීම.

ඛේමදෘම දෝෂය, විෂ කන්‍යා යෝගය, කඩහන්දි යෝගය , වෛවධ්‍ය දෝෂය, ස්ත්‍රී කේන්ද්‍රයේ පුරුෂ මාර යෝග

පුරුෂ කේන්ද්‍රයේ ස්ත්‍රී මාර යෝග, නාශාංශකදෝෂය

අති ධාවන කාම යෝග

7 අධිපති හෝ සිකුරු 22 වන දෙර්කාණාධිපති වීම, බහු විවාහ දෝෂ

සිකුරු 7 අධිපති පාපකර්තරී වීම.

සිකුරු 7 අධිපති 64 වන නවාංශකාධිපති වීම, වඳ දෝෂ

07 - 08 පරිවර්තන යෝගය

07 අධිපති 8 වැන්නේ සිටීම.

විවාහ කාරක සිකුරු 7 අධිපති 6 8 12 රාශි ගත වීම.

ශනි මංගල යෝගය වන සෙනසුරු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දෘෂ්ටියෙන් සිටීම. , චන්ද්‍ර මංගල යෝගය වන සඳු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දෘෂ්ටියෙන් සිටීම.

වඳ දෝෂ

විවාහය සඳහා ඇතිවන ග්‍රහ බාධාවන් සමනය කළ හැකි අතර කළ යුතු ග්‍රහ ශාන්ති කර්ම මොනවාද යන්න පිළිබඳවද අප සලකා බැලිය යුතු ය. නිවැරදි පෞද්ගලික කේන්දර පරීක්ෂාවක් තුළින් අපට විවාහය සඳහා ඇතිවන බාධා මොනවාද කියා ඉහත සඳහන් ආකාරයට හඳුනා ගත හැකි යි. ඒ අනුව එයට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කළ යුතු අතර මේ සඳහා බෝධිපූජා, පිරිත් සූත්‍ර සජ්ඣායනා, සෙත්කවි ගායනා, නවග්‍රහ පූජා යන්ත්‍ර පැළඳීම්, මන්ත්‍ර භාවිතය, දේව පූජා වගේ ග්‍රහ ශාන්ති කර්ම ඉටු කළ යුතු වෙනවා. එවිට ග්‍රහ අපල දුරු කර ගත හැකි යි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.