මේ සතියේ ලග්න පලාපල

ජුනි 30, 2023

ශාස්ත්‍රීය ගැටලුවක් විසඳා ගනී - මේෂ

පවුලේ කටයුතු සම්බන්ධ පැවැති වගකීම් පැහැර හැරීමක් සිදු කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8,9,10 යන භාවස්ථානවලය.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිල්ල අඩු කරන කාලයකි. පවුලේ වැඩිහිටියකු නිසා සිත්තැවුලක් විඳීමට සිදුවේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙන්නුම් කරයි. නිතර යෙදෙන ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ හදිසි තීරණයක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. යොදාගත් සැලසුමක් කල් නොයවා ඉටුකිරීම යහපත් කරයි. අලුත් රැකියා හිමිකම් පැමිණියත් ඒවාට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. ශාස්ත්‍රීය ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමිකරන අතර, අලුත් කටයුතු කීපයක් ඇරැඹීමට ද කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට සැනසිලිදායක බවක් පෙන්නුම් කරයි. පැවැති අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන කාලයකි. එහෙත් මුඛය ආශි‍්‍රත ඇතිවන සුළු සුළු ආබාධ හේතුවෙන් ප්‍රතිකාර පතයි.

අය 07 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

හිතුවක්කාර ගති පැවතුම් - වෘෂභ

විශේෂ සැලසුමකට අතගසමින් උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

හදිසි විවාහ යෝජනාවකට හිමිකම් ඇති සතියකි. නිතර ගේ දොර අලංකාරය පිළිබඳව මෙන්ම තම රූපාලංකාරය පිළිබඳවද වෙහෙසවන බවක් පෙන්නුම් කරයි. එහෙත් හිතුවක්කාර ගති පැවතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. මෙතෙක් බලාපොරොත්තුව සිටි රැකියාවක් පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

අධ්‍යාපන

අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන කාලයකි. උසස් අධ්‍යාපනය පිළිබඳ විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණුූ පෙනේ. සෞන්දර්යය අංශයේ ජයග්‍රහණ හිමිකම් ඇති කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර හටගන්නා උගුර ආශි‍්‍රත ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඇඟේ පතේ වේදනාව ඇති කරන සතියක් වන අතර, නිතර නිදිමත ගතියක් ද ඇති කරයි.

අය 06 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

තැන්පත් ධනය තරකර ගනී - මිථුන

පියපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 6,7,8 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ඇතිව තිබූ ගැටලුවක් විසඳී යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන කාලයකි.

තැන්පත් ධනය තර කර ගැනීමට හැකිවන බවක් පෙන්වයි. සතිය මැද කාලයේදී පැරණි පෙම් සබඳතාවයක් අලුත්වන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන ගති ඇති කරයි. නිතර වෙහෙසකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ පැවැති උදාසීන ගති මඟහැරී යන කාලයකි. නිතර අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපනයක් සඳහා දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ කල්පනාකාරි වන්න. ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

වාහන ගනුදෙනුවක් - කටක

අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේදොර කටයුතු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියකි. සිතට පී‍්‍රතිය සතුට ගෙන දෙන කාලයකි. අමතර ලාභ ලැබෙන මාර්ග කීපයක් හිමි කරයි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න. අලුත් රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති කරයි. තාක්ෂණික කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. නිතර මනස වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය තරමක් දුරට යහපත් වන බවක් පෙන්වයි. වරින්වර ඇති කරන ශාරීරික වෙහෙස මහන්සිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වුවත් එය එතරම් දුරට අයහපත් බවක් නොපෙන්වයි.

අය 07 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

පොරොන්දු ගිවිසුමක් ප්‍රමාද කරයි -සිංහ

හිතුවක්කාර ලෙස තීරණ ගන්නා සතියක් වන අතර, ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ගැටලු සහගත තත්ත්වයක් ඇති කර ගන්නා කාලයකි. හදිසි තීරණයක් හේතුවෙන් මානසික අවුල් ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාද කරන කාලයකි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ.

රැකියාව

සෞන්දර්යය කලා කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පාලක පක්ෂය සමඟ සුහද ලෙස කටයුතු කිරීමට හැකිවන සතියකි. රැකියා කටයුතුවලින් නොසිතූ ලෙස වරප්‍රසාද හිමිවන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනය හදාරන අයට විවිධ වගකීම් වැඩි කරන කාලයකි. අලුත් අලුත් දේ ඉගෙනීමේ කටයුතුවලට සම්බන්ධවීමට සිදුවේ. විවිධ භාෂා පිළිබඳ වැඩිදුර අධ්‍යාපන අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයකි. ලේ විෂ වීමක් හෝ චර්මගත ආබාධයකින් පීඩාවිඳීමට සිදුවේ. මේ දිනවල විවිධ ආලේපන වර්ග භාවිතයෙන් ඈත්වී සිටීම වැදගත් වේ.

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

ඥාති උපකාරයක් -කන්‍යා

වෙනදාට වඩා සුබදායක ලෙස සතිය ගෙවී යයි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 3,4,5 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් තමාට වාසිදායක බවක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති අවුලකින් නිදහස්වීමට මඟ සැලසේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. දුර වෙසෙන ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

රැකියාව

විශේෂ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. පොත්පත් ලිපිලේඛන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපනික කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. ගුරුභවතුන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට හැකිවන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

පරම්පරා ගත රෝගයක් ඉස්මතු වන බවක් පෙන්නුම් කරයි. රුධිරගත සීනි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. නිතර ව්‍යායාම කටයුතුවල නිරතවීම ශරීර සෞඛ්‍යයට යහපත් වේ.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

තාක්ෂණික අංශයේ රැකියාවලට ඉඩකඩ - තුලා

සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ගමන් බිමන් බහුලවන බවක් පෙන්නුම් කරයි. ගේ දොර අඩුපාඩුකම් කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. නිවසේ බඩුබාහිරාදිය පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවන සතියකි. නිතර දුර දිග බලා කටයුතු කිරීම වැදගත් වේ. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති අතර, තාක්ෂණික අංශයේ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් අමතර වියදම් වැඩි කරන සතියකි. කණ්ඩායම් වැඩවලට සම්බන්ධවීමෙන් ප්‍රසිද්ධියක් ඇති කරයි.

සෞඛ්‍යය

එදිනෙදා කටයුතු පිළිබඳ සැැලකිලිමත් විය යුතු කාලයකි. පාදයේ වළලුකර ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

අය 07 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

විදෙස් අධ්‍යාපන සැලසුමක් - වෘශ්චික

සැනසිලිදායක ලෙස සතිය ගෙවී යන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස අත්කරයි. විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. පරම්පරාගත දේපළ ගැටලුවකින් නිදහස අත් කරයි. එහෙත් නොසිතූ ලෙස තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න.

රැකියාව

උසස් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි. විශේෂයෙන් ගණිත අංශයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. විවිධ සම්මුඛ පරීක්ෂණවලට ද සහභාගිවීමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කාලයකි. කණ්ඩායමක් සමඟ එකතුවී කරන වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා සතියකි.

සෞඛ්‍යය

ආහාර අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන කාලයකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. රුධිරගත කොලෙස්ටරෝල්, සීනි වැනි ආබාධවලින් පරිස්සම් වන්න.

අය 08 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

අමතර ලැබීම් -ධනු

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැරණි හිතවත්කමක් අලුත් කරන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් සකස් කර ගනී. පවුලේ අයගෙන් තමාට ප්‍රශංසා හිමිවන කාලයකි. අමරත ලැබීම්වලට හිමිකම් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරි විය යුතු කාලයක් මෙන්ම වගකීම්ද වැඩිවන බවක් පෙන්නුම් කරයි. කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි. තනතුරු වාසි අත්කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති අතර නිතර පොත්පත් ලිපි ලේඛණ කටයුතුවලටද සම්බන්ධ වීමට සිදුවේ. ගණිත අංශයෙන් ඉදිරියට යා හැකි කාලයකි.

සෞඛ්‍යය

නිතර ඇතිවන ඇඟේපතේ වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින්වර සෞඛ්‍යය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන සතියකි. රුධිරගත සීනි මට්ටම වැඩිවීමෙන් ප්‍රතිකාර ගබා ගැනීමට සිදුවේ.

අය 07 වැය 05

ජය අංකය – 05

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා

 

විභාග ජයග්‍රහණයක් - මකර

ගැටලු කීපයක් විසඳා ගැනීමට කටයුතු සැලසෙමින් සතිය උදා කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. අතමිට සරු කරන මාර්ග යෙදුණත් වැයපස අධිකවීමට ඉඩ ඇත. පවුලේ අය අතර ඇතිවන ගැටලුවක් දුරදිග යයි. ආගමික සහන පතන කාලයකි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති තනතුරු උසස්වීමක් පිළිබඳ පුවතක් අසන්න ලැබේ. රැකියා කටයුතු සම්බන්ධ පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට හිමිකම් ඇති සතියකි. තරග විභාගයකින් උසස් ජයග්‍රහණයක් හිමිකරයි. යන්ත්‍ර සූත්‍ර, කාර්මික අංශයෙන් ඉගෙනීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් අයහපත් කාලයක් නොවනු ඇත. පැවැති අසනීපයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් නියම කළ ඖෂධ ඒ ආකාරයෙන්ම ගැනීමට වග බලා ගන්න.

අය 06 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් - කුම්භ

වෙනදාට වඩා වගකීම් බහුල වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

අලුත් සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. එමෙන්ම තීරණ ගැනීමේදී දුරදිග බලා කටයුතු කරන්න. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වේ.

අධ්‍යාපනය

අලුත් දේ සොයා බැලීමට වෙහෙසෙන කාලයකි. එමෙන්ම පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. විවිධ භාෂා පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට කටයුතු උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් බිඳවැටෙන කාලයකි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. රැකියාවේ වගකීම් බහුලවන කාලයකි.

සෞඛ්‍යය

නිතර ගතට සිතට පීඩාකාරි බවක් ඇති කරන සතියකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. උෂ්ණාධික රෝගාබාධයකින් පීඩාකාරි බවක් ඇති කරන සතියකි.

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වාහන ලාභ-මීන

අමතර ලැබීමකට බාධාකාරි බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන සතියකි. සුළු වරදක් හේතුවෙන් දඬුවමක් විඳීමට සිදුවේ. ආගමික නායකයන් ආශ්‍රයට වැටෙන බවක් පෙන්වයි. වාහනයක් මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවන සතියකි. එමෙන්ම රැකියාවේ කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

මෙතෙක් පැවැති උදාසීන ගතිපැවතුම් මඟහැරී යන කාලයකි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන කාලයකි. උත්සාහයෙන් කටයුතු කරන අතර, විශේෂ ජයග්‍රහණයකට ද හේතු සැලසේ.

සෞඛ්‍යය

නිතර ඇතිවන කොන්දේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. එමෙන්ම මුත්‍රා අමාරුවක් ද මතුවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ගන්නා ආහාර පිළිබඳ පරිස්සම්වන්න. වැඩියෙන් දියර වර්ග, ජලය පාවිච්චිය වැදගත් වේ.

අය 07 වැය 08

ජය අංකය - 07

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - සඳුදා

 

 

ධම්මිකා රාජපක්ෂ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.