පෙබරවාරි 02 සිට පෙබරවාරි 08 දක්වා සතිය ඔබේ ලග්නයට...

පෙබරවාරි 2, 2024

 

මේෂ

උදාසීන ගති මඟ හැරේ

 

විශේෂ ගමනකට සැලසුමක් ඇති කර ගනිමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු වෙනදාට වඩා උත්සාහවන්තව සිදු කරන බවක් පෙනේ. පැවැති උදාසීන ගති මග හැරී යන බවක් පෙනේ. නිතර හමුවන කෙනකුගෙන් කරදර සහිත කාලයකි. අලුත් නිවාස ඉදිකිරීමක් හෝ ව්‍යාපාර කටයුත්තක් ඇරැඹීමට යහපත් කාලයකි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ.

රැකියාව

රැකියාවේ සැලසුමක් වෙනස් කිරීමට සිදු වන බවක් පෙනේ. එමෙන්ම නිතර වෙහෙස ගෙන දෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තමාට පෙර තිබූ ගෞරවය සැලකිල්ල අඩුව යන බවක් පෙනේ. උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු තරගකාරි ලෙස කරගෙන යන කාලයකි. නිතර නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වන බවක් පෙනේ. තාක්ෂණික මෙන්ම ගණිත අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරන සතියකි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරන බවක් පෙනේ. වරින්වර ඇති කරන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ලේ විෂවීමක් හෝ ශරීරයේ පලු දැමීමක් වැනි අසනීප තත්ත්වයකට ගොදුරු විය හැකිය.

වෘෂභ

ව්‍යාපාර ලාභ හිමි කරයි

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. අමතර වියදම් බහුල කරන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න. අසල්වැසි සුහදතාවයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ප්‍රමාද වූ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයකි. එමෙන්ම රැකියාවේ තනතුරු වෙනසක් සිදු වීමට ඉඩ ඇත. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක ලෙස කටයුතු සිදු කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් කරයි.

අධ්‍යාපනය

මෙතෙක් මන්දගාමී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උද්‍යෝගයකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විවිධ තරග විභාගවලට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙනේ. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ඉඩකඩ ඇති බැවින් එදිනෙදා කටයුතු සම්බන්ධව කල්පනාකාරීවීම වැදගත් වේ. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි බවක් පෙනේ. හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ.

 

මිථුන

පරම්පරාගත දේපළක් උරුමයි

අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වරින්වර පවුලේ කටයුතු වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයක් වන අතර, ඒ පිළිබඳ වෙහෙසීම් ද වැඩි කරයි. වෙනදාට වඩා දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරන සතියකි. එමෙන්ම දුර පළාතකට රැකියාවේ කටයුතු සඳහා යාමටද අවස්ථාව සැලසෙන බවක් පෙනේ. අවිවේකී බවක් ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙහෙසකාරි ලෙස රැකියා කටයුතු ගෙවී යන සතියකි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපනික සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් වැඩ කටයුතු කරගෙන යන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතුවලින් තෑගි භෝග පවා හිමි කරන කාලයකි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ගතට සිතට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදු කරයි. යටපත් වූ අසනීපයක් නැවත මතුවීමට ඉඩ ඇත. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන සතියකි. රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට පවා සිදු විය හැකිය.

 

කටක

රූපාලංකාරයට වෙහෙසේ

වෙනදාට වඩා ප්‍රබෝධමත් ලෙස සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වාහන ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. බොහෝවිට තම රූපාලංකාරය වෙනුවෙන්ද වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු වෙනුවෙන් බොහෝ උත්සාහවන්තව විය යුතු බවක් පෙනේ. සම්මුඛ පරීක්ෂණවලින් ජයගත හැකි කාලයකි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන අතර, ඒ සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට විවිධ බාධා මතුකරන බවක් පෙනේ. නිතර හිතවතුන්ගෙන් උපකාර පතන බවක් පෙනේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකටද කටයුතු උදාකරන සතියකි. වෘත්තීය පාඨමාලා හැදෑරීමට අවස්ථාව සැලසෙන අතර ඒ සම්බන්ධ කටයුතු සඳහා දුර පළාතකට යාමටද අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය තරමක් දුරට යහපත් කරන බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය ලෙස පවත්වාගෙන යෑමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

සිංහ

රැකියාවෙන් සතුටක්

පැවැති වෙහෙසකාරි බව මගහැරී යමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ මත ගැටුම් වැඩිවෙයි. විවිධ අනතුරු ද සිදුවිය හැකි කාලයකි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. යහපත් මිත්‍ර සබඳතා ඇති කරන කාලයකි. නීති ගැටලුවක් හේතුවෙන් මානසික අසහනය වැඩි කරයි. නෑදෑ හිතමිතුරන්ගෙන් උපකාර ලැබිය හැකි සතියකි. දරුවකුගේ විදෙස් සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

රැකියාව

රැකියා කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි කාලයකි. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක සතියකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. තනතුරු ලාභ හිමිකම් ඇති කාලයක් බව පෙනේ.

අධ්‍යාපනය

වරින්වර උදාසීන ගති ඇති කරමින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය ගැනීමට හැකි වන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන අතේ පයේ හිරිගතිය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ. නිතර ඇතිවන ක්ලාන්ත ගතිය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. ශරීර වෙහෙස ගෙන දෙන සතියකි.

 

කන්‍යා

විශ්වාසවන්ත බැඳීමක්

 

පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙකු එක්විය හැකි බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. අමතර ලැබීම් අතින් යහපත් කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. දරුවන්ට දැනුම ලබාදීමේ කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන කාලයකි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට විශේෂ ලාභ හිමිකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට බාධාගෙන දෙන කාලයකි. ගත සිත වෙහෙසා කරන කටයුතු අධික බවක් පෙන්නුම් කරයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. ශාරීරික වෙහෙස ගතිය, කෑම අරුචිය වැනි සුළු අසනීප ගති මතුවිය හැකි කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන සතියකි.

 

තුලා

සිත් අමනාපයක් මඟ හැරේ

 

සහෝදර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන සතියකි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට කටයුතු උදා කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. වරින්වර ආගමික නායකයන්ගේ ඇසුර පතන බවක්ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳ වැටෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන සතියකි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක්ද යෙදෙන සතියකි.

අධ්‍යාපනය

පැවැති අවහිරතා මඟහරවා ගනිමින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. තරගකාරි කටයුතු කීපයකට සහභාගිවන සතියකි. හදිසි පොත්පත් අස්ථාන ගතවීමක් පිළිබඳ ගැටලුවකටද මුහුණපාන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. හදිසි අසනීපයකට ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන සතියකි.

 

වෘශ්චික

යෝජනා ස්ථිරවීමක්

 

අමතර වියදම් බහුල කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇති සතියකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලිය යුතු බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කරන්න. අවිවාහකයන්ට යහපත් කාලයකි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරයි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. වෙනදාට අතමිට සරු කරන ආදායම් මාර්ග කීපයක් යෙදේ. තනතුරු ලාභ හිමිකම් බලාපොරොත්තු විය හැකි සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමෙන් වාසි අත්කරයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරග විභාග ජයග්‍රහණයක් නිසා සතුටට පත්වීමට හේතු ඇති කරයි. නිතර අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවලට යහපත් සතියකි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය ගැනීමට අවස්ථාව උදාකරයි. නිතර පොත්පත් වැඩකටයුතුවලට වෙහෙසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට සුබදායක සතියකි. පැවැති උගුර ආශි‍්‍රත ආබාධයක් සුව අතට හැරෙන බවක් පෙනේ. සීතල ආහාරපාන පාවිච්චියෙන් වැළැකී සිටීම යහපත් කරයි.

 

ධනු

ප්‍රභූ අය හා ඇසුරක්

 

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වරින්වර යොදාගත් තීරණ කීපයක් වෙනස් කිරීමට සිදුවේ. නිතර ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර කටයුතුවලද වෙනස්කම් කීපයක් සිදු කරයි. පවුලේ කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන බවක් පෙනේ. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන අතර ප්‍රණීත ආහාර පාන භුක්ති විඳීමට ද අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියාවේ අවිවේකී බව හේතුවෙන් වගකීම් කීපයක් පැහැර හැරීමක් සිදු කරයි. සේවා ස්ථානයේ සමීපතමයකු සමඟ සිත් අමනාපයක් ඇතිවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලින් ප්‍රශංසා හිමිවන බවක් පෙනේ. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගයකට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

දැඩි තීරණයක් නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් පාඩම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් ඇවිදිලි වැඩි කරන අතර, වෙහෙස මහන්සිවීමටද සිදු වෙයි.

සෞඛ්‍යය

මෙතෙක් පීඩා ගෙන දුන් ශාරීරික ගැටලු කීපයකින් සුවය හිමි කරයි. එහෙත් සෙම් ආශි‍්‍රත ආබාධ, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි කාලයකි.

 

මකර

ආගමික භක්තිය වැඩි කරයි

 

අවිවේකී ලෙස දවස උදා කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම්වලට බාධාකාරි ලෙස කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට කටයුතු යෙදෙන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. හදිසියේ යෙදෙන වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ.

රැකියාව

රැකියාවේ තනතුරු මාරුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කර ගන්නා සතියකි. රෙදිපිළි කර්මාන්තයෙන් නියැළී සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයක් සාර්ථක කරයි. නිතර සෞන්දර්යාත්මක පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. එමෙන්ම නාට්‍ය කලාව රංගනය ආදී කලා ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතු වලින් ප්‍රසිද්ධියට පත් වීමටද අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

වරින්වර වෙහෙසකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින සතියකි. වෙනදාට වඩා ආහාර පාන ගැනීම පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්වන කාලයකි.

 

කුම්භ

අලුත් ඥාති හිතවත්කම්

 

පැවැති අසහනකාරී බව මගහැරී යමින් ඇරඹෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් මඟ හැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අලුත් අලුත් දේ මිලදී ගැනීමට මඟ සැලසෙන සතියකි. අලුත් ඥාති හිතවත්කම්වලට හේතු ඇති කරයි. මවගේ අසනීපයක් සුව අතට හැරෙන සතියකි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමට කරුණු කීපයක් සිදු කරයි. දේපළ ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි. හදිසි උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් සම්බන්ධ කටයුතු කීපයක් සාර්ථක කරයි. පාලන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන සතියකි. වගකීම් බහුල රැකියා කටයුතුවල නියැළෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. උසස් ජයග්‍රහණයක් පිළිබඳ පුවතක් අසන්න ලැබෙන සතියකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරගන්නා සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. අතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු සතියකි.

 

මීන

ස්වයං රැකියාවලින් වාසි

 

පැවැති අසහනකාරි බව මගහැරී යමින් සතිය ආරම්භ කරන්න මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. අමතර ලැබීම් හිමි කරන මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගෙන කටයුතු කරයි. දානමය කටයුත්තක් වෙනුවෙන් සූදානමක් ඇති කර ගන්නා සතියකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් සැලසුම් කීපයක් ඇති කර ගන්නා බවක් පෙනේ. එමෙන්ම තනතුරුවල වෙනසක් සිදු විය හැකි කාලයකි. ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි හිමි කරන බවක් පෙනේ. රැකියාවේ පැවැති වෙහෙසකාරි බව මගහැරී යන සතියකි.

අධ්‍යාපනය

විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අමතර විෂයක් ඉගෙනීමට වෙහෙසක් දරයි. නිතර පොත්පත් මිලදී ගැනීම්වලට අමතර මුදල් වැය කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

පැවැති අසනීපකාරි බව හේතුවෙන් එදිනෙදා සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වේ. කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවක් පෙනේ. ආහාරපාන ගැනීමේදී මෙන්ම එදිනෙදා කටයුතු සම්බන්ධ පරිස්සම් වන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.