මාර්තු 08 සිට මාර්තු 14 දක්වා සතිය ඔබේ ලග්නයට...

මාර්තු 8, 2024

 

මේෂ

දියුණුවට අඩිතාලමක්

උදාවූ මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ පැවැති අසමඟිකම් මගහැරී යන සතියකි. නෑදෑ හිතවතුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයකට සැලසුම් කරයි. පැවැති නොසන්සුන්කාරී බව මගහැරී යන බවක් පෙනේ. දියුණුව පිළිබඳ අඩිතාලමක් ඇති වෙයි.

රැකියාව

වගකීම් බහුලවන අන්දමේ රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා මාර්ගවලට සම්බන්ධ වූ අයට යහපත් කාලයකි. රැකියාවේ දියුණුවක් දැකිය හැකි අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ උසස් අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ජයග්‍රහණ හිමිකරයි. එමෙන්ම තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. සෞන්දර්යාත්මක කටයුතුවල නියැළෙන සතියකි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍යට වරින් වර බාධා මතු කරයි. යටිබඩ, කොන්ද, මූත්‍රාගත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

අය 07 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

අලුත් කටයුතු කීපයකට සැලසුමක්

විශේෂ සැලසුමකට කටයුතු උදාකරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති උදාසීන ගතිපැවැතුම් මගහැරී යයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙන්නුම් කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසේ. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනාගැනීමට කරුණු ඇති කරන සතියකි.

රැකියාව

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. මෙතෙක් අතරමඟ නවතා දමා තිබූ රැකියා කටයුතු කීපයක් නැවත ආරම්භයට කරුණු ඇති කරයි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති බාධාකාරී බව මගහැරී යයි. එමෙන්ම නව දැනුම සොයා යන මාර්ග කීපයක් හිමිකරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු යෙදෙන බවක් පෙනේ.

සෞඛ්‍ය

මෙතෙක් පැවැති ශාරීරික අප්‍රාණික ගති මගහැරී යන කරුණු කීපයක් සිදු කරයි. එහෙත් රුධිරගත සීනි මට්ටම, අධි රුධිර පීඩනය වැනි බෝනොවන රෝග පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

අලුත් දේ ඉගෙනීමට අවස්ථාව

විශේෂ සැලසුමකට අත ගසමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති වැඩකටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට හැකිවෙයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයක්ි.

රැකියාව

වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම බාධාකාරී ලෙස කරගෙන ගිය රැකියාවේ කටයුතු නැවත සාර්ථක ලෙස කර ගැනීමට මඟ සැලසේ. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ඉදිරි අධ්‍යාපනික සැලසුමක් සාර්ථක කරන සතියකි. මෙතෙක් පසුගාමී බවක් ඇති කළ ගණිත අංශයේ කටයුතුවලින් ඉදිරියට යන බවක් පෙන්නුම් කරයි. අලුත් දේ ඉගනීමට අවස්ථාවක් උදාකරයි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස මහන්සිය, මෙන්ම උෂ්ණාධික බව වැඩිවීම නිසා ඇතිවන චර්ම ගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

අය 06 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

කටක

වාහනවලින් වාසි

 

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් ප්‍රමාද කරමින් පැවැති තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි වාහන ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. දුර ප්‍රදේශවල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. නිතර ගුරු භවතුන්ගේ දෝෂාරෝපණයට ලක් වන කාලයකි. තරගකාරී අධ්‍යාපන කටයුතු කීපයකින් ජය හිමිකරයි.

සෞඛ්‍ය

නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙහෙසෙන සතියකි. යටිබඩ ආශි‍්‍රත ආබාධයක් හෝ තුනටියේ ආබාධයකින් පීඩා විඳින සතියකි.

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

සිංහ

අවිවාහකයන්ට සුබදායකයි

හදිසි සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් සතියකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. අසල්වාසි සුහදතාවයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇත. අවිවාහකයන්ට සුබදායක කාලයකි.

රැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති කාලයකි. සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු සිදු කරගෙන යන බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර ලාබ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට කටයුතු උදා කරයි. ගණිත අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන කාලයකි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. පපුවේ සෙම් ගතිය හේතුවෙන් හට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 08 වැය 07

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

කන්‍යා

ගනුදෙනුවක් සාර්ථක වෙයි

ගතට සිතට සැනසිල්ල උදාකරමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. ප්‍රමාදතා සිදු කළ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම විදෙස් ලැබීමකට හිමිකම් ඇති කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලා කටයුතු කරන්න. තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවල නියැලී සිටින අයට කල්පනාකාරී විය යුතු සතියකි. තනතුරු වෙනසක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය

අවිවේකී ලෙස පාඩම් වැඩ කටයුතු කරගෙන යන සතියකි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි. අමතර විෂයක් ඉගනීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මූත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩා අත් කරයි.

අය 06 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

තුලා

අතමිට සරු කරයි

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ගිය කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට අවස්ථාවක් සැලසේ. වෙනදාට වඩා අතමිට සරු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර යන එන තැන ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් සිදු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවලින් මෙන්ම ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උනන්දුවකින් මෙන්ම ප්‍රබෝධමත් බවකින් කරගෙන යන බවක් පෙනේ. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන සතියකි.

සෞඛ්‍ය

යටපත් වූ උරහිස ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. වරින් වර විවිධ සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවෙයි.

අය 08 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

දක්ෂතා මතු කරයි

වගකීම් බහුල කරමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සහෝදර මතභේදයට කරුණු ඇති කරයි. ණය ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන බවක් පෙනේ. නිතර යෙදෙන දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. එමෙන්ම රැකියාවේ වගකීම් කීපයක් තමාවෙත පැවරීමට ඉඩ ඇත. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

විවිධ තරග විභාගවලින් කැපී පෙනෙන දක්ෂතා මතු කරන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම කෙරෙහි උනන්දුවක් දක්වයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවෙයි.

සෞඛ්‍ය

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. එමෙන්ම වර්තමාන ආබාධයකට ද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

ධනු

ස්වයං රැකියාවලින් විශේෂ වාසි

පැවැති බාධා කීපයක් මගහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පවුලේ පැවැති අසමගිතා මගහැරී යයි. එහෙත් බාහිර කටයුතු සම්බන්ධ පැවැති උනන්දුව අඩු වී යන බවක් පෙන්නුම් කරයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයක් බව පෙනේ. අමතර ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නම් කරයි.

රැකියාව

නොසිතූ ලෙස රැකියාවේ ලියකියවිලි ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. එමෙන්ම වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ස්වයං රැකියා කටයුතුවල නියැලී සිටින අයට විශේෂ වාසි කීපයක් සැලසෙන සතියකි.

අධ්‍යාපනය

උත්සාහය උනන්දුව මත කරන කටයුතු කීපයක් සාර්ථක කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණයක් හිමිවන බවක් පෙනේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සියට කරුණු ඇති කරයි. වරින් වර ඇතිකරන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

හදිසි රැකියා ලාභ

මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

දැඩි අවිවේකී බවක් ඇති කරයි. ක්‍රමවත් ලෙස කටයුතු කරගෙන යෑමට උත්සාහ කළත් ඒවාට අවහිරතා මතුකරයි. විවාහ සහකරු සහකාරිය අතර ගැටලුකාරී බවක් මතු කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු කාලයකි.

රැකියාව

හවුල් ව්‍යාපාරයක් නිසා සේවක පක්ෂය සමඟ ගැටලුකාරී බවක් ඇති කරයි. එහෙත් ව්‍යාපාරික කටයුතුවලින් අතමිට සරුකරන බවක් ද පෙනේ. හදිසි රැකියා ලාභවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අලසකම හේතුවෙන් අධ්‍යාපනික කටයුතු කීපයක් කල්දැමීමට සිදුවේ. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සිදුකරන්නට ඒ සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. නව පාඨමාලාවන් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි.

සෞඛ්‍යය

ස්නායුගත ආබාධ, සෙම් රෝග, වාතාබාධ වැනි විවිධ සෞඛ්‍යය ගැටලුවලට මුහුණපෑමට සිදුවෙයි. නිසි ලෙස වෛද්‍ය උපදෙස් පැතීම යහපත් බවක් පෙනේ. තම පිරිසුදුකම පිළිබඳ වෙහෙසෙන කාලයකි. කෑම බීම ගැනීමේදී වඩාත් සලකිලිමත්වන්න. ආසාත්මිකතා ඇතිවීමට ඇති ඉඩ කඩ වැඩිය.

අය 06 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

කුම්භ

විදෙස් ඥාති උපකාරයක්

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ අයගේ සහයෝගය හිමිකරන කාලයකි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. තනතුරු ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදාකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

අමතර දැනුම ලබාගත හැකි මාර්ග කීපයකට යොමුවන කාලයකි. විදෙස් අධ්‍යාපනයක් කෙරෙහි සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙන්නුම් කරයි. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වන සතියකි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

 

මීන

අමතර ලැබීම්

වෙනදාට වඩා නොසන්සුන්කාරී ලෙස කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නිතර ඇවිදිලි ඇති කරන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. විශේෂජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ.

රැකියාව

අමතර ලැබීම් ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගතහැකි රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි.

අධ්‍යාපනය

උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු සිදුකිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි කාලයකි. එහෙත් වරින් වර උදාසීන ගති පැවැතුම් ඇතිවීමට ඉඩ ඇත. බාධා මධ්‍යයේ වුවත් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර ඇති කරන උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදු වෙයි.

 

අය 06 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.