පෙබරවාරි 16 සිට පෙබරවාරි 22 දක්වා සතිය ඔබේ ලග්නයට...

පෙබරවාරි 16, 2024

 

මේෂ

ඉදිරි සැලසුමකට වෙහෙසෙයි

අවිවේකී ලෙස සතිය උදා කරමින් පවතින අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු සතියකි. යන එන ගමන් ගැන ද සැලකිලිමත්වන්න. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. එමෙන්ම ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ලියකියවිලි ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. තනතුරු මාරුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන ගැටලුවකට මුහුණපාන සතියකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. දැනුම ලබාගත හැකි මාර්ග කීපයකට යොමුවන බවක් පෙනේ. තාක්ෂණික අංශයෙන් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට තම දක්ෂතා ඉස්මතු කරගත හැකි කාලයකි.

සෞඛ්‍යය

නිතර ශාරීරික දුබලතාවලට ලක්වීමට සිදුවන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වරින්වර හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘෂභ

ප්‍රභූ ඇසුරට කටයුතු උදාකරයි

වගකීමකින් නිදහස අත්කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක ලෙස සතිය ආරම්භකරන බවක් පෙනේ. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. දුර ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි. නිතර සමාජසේවා කටයුතුවල නිරතවන අතර ප්‍රභූ අය සමඟ ඇසුරටද අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියාවේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම තනතුරු වෙනසකටද හිමිකම් ඇති කරයි. අලුත් ව්‍යාපාරයකට අතගැසුවත් එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු ඉතා කල්පනාවෙන් කළ යුතු බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරි කටයුත්තකින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි කාලයකි. එමෙන්ම ශාස්ත්‍රීය කටයුත්තකින් ප්‍රසිද්ධියට පත්වීමට හේතු ඇති කරයි. මඟහැරී තිබූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවන බවක් පෙනේ. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි.

සෞඛ්‍යය

පැවැති අසනීපයක් හේතුªවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. චර්මගත ආබාධයකට ප්‍රතිකර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත් කරයි.

 

මිථුන

දේපළ ගනුදෙනුවක්

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අසල්වාසීන් සමඟ සුහදතාවයට කරුණුූ ඇති කරයි. එමෙන්ම ඇසුරු කරන අය සමඟ වචන හුවමාරුවේදී සැලකිලිමත් වන්න. පැරැණි පෙම් සබඳතාවයක් අලුත්වන ලකුණුූ පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දේපළ ගනුදෙනුවකින් වාසි සැලසෙන බවක් පෙනේ. අවිවාහකයන්ට යහපත් කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අසහනකාරි බව මඟහැරී යයි. එමෙන්ම ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට වාසි සැලසෙන බවක් පෙන්නුම් කරයි. සෞන්දර්යාත්මක රැකියා කටයුතුවලින් වාසි සැලසෙන සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. උසස් අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදු වෙයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරන අතර, තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ සම්මාන සහතික හිමි කරන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

සෞඛ්‍යය

උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන අතර ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත ඇතිවන අපහසුතා කීපයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

 

කටක

ස්වයං රැකියා වාසි

තරමක් දුරට ගතට සිතට සැනසිල්ල උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු වෙනුවෙන් විශේෂ උනන්දුවක් ඇති කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා ආගමික කටයුතුවලින් සහන පතන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. අණ දෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවලින් නොසිතූ ලාභ හිමි කරන අතර අතමිට සරුකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන සතියකි. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සිත්කලකිරීම්, රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති කාලයකි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

මෙතෙක් වෙහෙස මහන්සිය ගෙන දුන් ගැටලු කීපයකින් නිදහස උදාකරයි. ඇසක හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදු වෙයි. වරින්වර ඇතිකරන ක්ලාන්තගතිය හේතුවෙන් හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වීමට සිදුවේ.

 

සිංහ

දේපළ ගැටලුවක් නිරවුල්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. එමෙන්ම අසල්වාසි මතභේදයකට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට නීති පිහිට පැතීමට සිදුවෙයි. ගෘහ ජීවිතයේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අවිවාහකයන්ට සුබදායක කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු ඉතා සැහැල්ලුවෙන් කරගෙන යන සතියකි. ඒ සඳහා විශේෂ පහසුකම් කීපයක්ද හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. සෞන්දර්යාත්මක මෙන්ම රූපලාවණ්‍ය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එහෙත් රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරිවන්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති නොසන්සුන්කාරි බව මඟහැරී යයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතුª උදාකරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වයක් ගැනීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර වෙහෙස ගෙන දෙන කාලයකි. උදරගත ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා ඖෂධ භාවිතයේදී සැලකිලිමත්වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි.

 

කන්‍යා

ඥාති උපකාරයක්

උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්කාරි බවක් ඇති කරයි. යොදාගත් සැලසුමක් සාර්ථක කරන සතියකි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර, අලුත් හිතමිතුරන් ඇසුරට ලැබීමටද ඉඩ ඇති බවක් පෙනේ. විදෙස් ඥාතියකුගෙන්ද උපකාරයක් හිමි කරයි.

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකමක් ඇති කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් සකස්කර ගන්නා බවක් පෙනේ. තනතුරුවල වෙනසක් සිදු විය හැකි කාලයකි. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වාසි කීපයක් සැලසේ.

අධ්‍යාපනය

නොසන්සුන්කාරී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා පැන නැඟීමට ඉඩ ඇත. නව දැනුම ලබා ගැනීමේ මාර්ගවලට යොමුවන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුම් සකස්කර ගැනීමට වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට හෝ දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාර විෂවීමක් හෝ චර්මගත ආබාධයකට ද ඉඩ ඇති කාලයකි.

තුලා

භූමි ලාභ හිමි කරයි

හදිසි ආදායම් කීපයකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස සතිය ආරම්භ කරයි. වෙහෙස ඇති ගමනකට කටයුතු ඇති කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. පැරැණි හිතවත්කම් අලුත්වන කාලයකි. මවට හෝ මවුපස ඥාතියකුට ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. භූමියෙන් ලාභ ගෙන දෙන කාලයකි. මෙතෙක් කරගෙන ආ රැකියාවක තනතුරු ස්ථිරවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

අධ්‍යාපනය

විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලට මුදල් අගහිඟතා මතුවූවත් කෙසේ හෝ ඒවා කර ගැනීමට මාර්ග පෑදේ. තාක්ෂණික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් විවිධ කුසලතා ඉස්මතු විය හැකි අතර, ඒවාට සම්මාන සහතිකද හිමි කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය තරමක් දුරට යහපත්වන බවක් පෙනේ. අසනීප තත්ත්වයකින් සුවය හිමි කරයි. පැවැති සෞඛ්‍ය පරීක්ෂණ සතුටුදායක බවක් පෙන්නුම් කරයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.

වෘශ්චික

ගේ දොර උත්සව අවස්ථාවක්

වගකීම් බහුල කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයකි. පවුලේ අයගේ උදවු උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. නිතර දුර ගමන් යෙදෙන කාලයකි. හදිසි ආදායම් මාර්ගයක් යෙදීමට ඉඩ ඇත. අවිවාහකයන්ට සුබදායක බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර පිරිස් පාලනය සම්බන්ධ කටයුතුවල නියැළෙන බවක් පෙන්වයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. එමෙන්ම සුළු සුළු ව්‍යාපාර කටයුතු කෙරෙහිද නැඹුරුතාවයක් දක්වන සතියකි.

අධ්‍යාපනය

නොසන්සුන්කාරී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් අවහිරතා මතුකරයි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන කාලයකි. අමතර පොත්පත් මිලදී ගැනීමකට වෙහෙසෙන බවක් පෙනේ. දහම් අධ්‍යාපනයට යොමුවන කාලයක් වන අතර තරග විභාගවලටද යොමුවීමට මඟ සැලසේ.

සෞඛ්‍යය

පැවැති අසනීපකාරි බවකින් නිදහස ඇති කරයි. එමෙන්ම කෑම බීම ගැනීමේදි දුර දිග සිතා බලන්න. යටපත් වූ හිසේ වේදනාවක් නැවත මතු විය හැකිය.

ධනු

හදිසි දේපළ ලාභයක්

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමි කරයි. හදිසි දේපළ ලාභයකට හිමිකම් ඇති කරයි. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවන කාලයකි. දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කරන කාලයකි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරිමට සිතන බවක් පෙනේ. එමෙන්ම පවුලේ අයගෙන් ප්‍රශංසා හිමිකරන බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇත. නිතර ගත සිත වෙහෙසවා කරන කටයුතු අධික කරයි. තනතුරු මාරුවක් හෝ උසස් නිලධාරින්ගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. රැකියාවේ වගකීම් බහුල වීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණ හිමිකම් ඇති කරයි. තරගකාරි කටයුතු කීපයකට යොමුවේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය යහපත් අතට හැරෙන කාලයකි. මෙතෙක් භාවිත කළ ඖෂධ වර්ග කීපයක් නවතා දැමීමට හැකිවෙයි. වෙනදාට වඩා ව්‍යායාම් කටයුතුවල නිරතවීම වැදගත් වේ. රුධිරගත සීනි, කොලෙස්ටරෝල් වැනි නිදන්ගත රෝග පිළිබඳ සැලකිලිමත් වන්න.

මකර

දරුවකුගේ උත්සව අවස්ථාවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. පවුලේ අය අතර මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. දරුවකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. ගේ දොර කටයුතුවල වෙනසක් සිදු විය හැකි සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟ හැරී යන කාලයකි. ආයතන ප්‍රධානීන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. දුරදිග බලා ගන්නා තීරණයක් හේතුවෙන් වාසි කීපයක් අත්කරයි.

අධ්‍යාපනය

විවිධ ජයග්‍රහණවලට ඉඩ කඩ ඇති කාලයකි. නිතර පොත්පත් වැඩකටයුතු කෙරෙහි උනන්දුව ඇති කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. විවිධ අධ්‍යාපනික පුහුණු කටයුතුවලට යොමුවීමට ඉඩ ඇති කාලයකි. අලුත් පාසලකට ඇතුළත්වීමේ අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. අතක හටගන්නා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වීමට සිදු විය හැකි සතියකි. ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයකටද ඉඩ ඇති බවක් පෙනේ.

 

කුම්භ

හදිසි වාහන ගනුදෙනු

අවිවේකී වුවත් සැලසුම් කීපයක් වෙනස් කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වන සතියකි. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමකටද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ වගකීම් බහුල කරයි. උත්සාහය, උනන්දුව මත සිදු කරන කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. හදිසි වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. ඉක්මන් කලබලකාරි ගති පැවැතුම් රැකියා කටයුතුවලට බාධාකාරි බවක් ඇති කරයි. රැකියාවේ වැඩකටයුතු අධිකවීමෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි. ස්වයංරැකියා කටයුතුවලින් විශේෂ වාසි කිහිපයක් ඇතිවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තකට වෙහෙසීම් ඇති කරයි. අලුත් අධ්‍යාපන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. තම කුසලතා ඉස්මතු විය හැකි කාලයක් වන අතර, කථික තරගවලින් ජය හිමිවන බවක් ද පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

නිතර වෙහෙසකාරි කටයුතු කීපයක් හේතුවෙන් ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. වරින්වර ඇති කරන හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි.

මීන

රැකියාවේ ස්ථිරවීමක්

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ සොයා බැලීමක් කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ තීරණයක් වෙනස් කිරීමට සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන ආදායම් මාර්ග කීපයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ වැඩිහිටියෙකු පිළිබඳව වෙනදාට වඩා සැලකිල්ලක් යොමු කළ යුතු කාලයකි. වාහන ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බව පෙනේ.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරන සතියකි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමටද අවස්ථාව සැලසේ. අතමිට මුදල් ගැවසෙන ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථිරවීමකටද අවස්ථාව සැලසෙන සතියකි.

අධ්‍යාපනය

සිතේ චංචලකාරි බවකින් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බවක් පෙනේ. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාද කීපයක් හිමිවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

ශරීර වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. පපුව, පෙණහල්ල ආශි‍්‍රත හටගන්නා ආබාධයකින් පීඩා ඇතිකරයි. වෙනදාට වඩා ආහාර මෙන්ම ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න. සෙම් රෝග බහුල කාලයකි. පාදයේ ආබාධයක් හේතුවෙන් දේශීය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.