අප්‍රේල් 12 සිට 18 දක්වා සතිය ඔබේ ලග්නයට...

අප්‍රේල් 12, 2024

 

මේෂ

අලුත් දේ මිල දී ගැනීමක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක ලෙස කරගෙන යෑමට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන කටයුතු කීපයක් යෙදේ. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා වගකීම් බහුලයි. අලුත් දේ මිල දී ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

අමතර ලැබීම් ඇති රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතුවලින් විශේෂ ප්‍රශංසාවලට ලක් වන බවක් පෙන්නුම් කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. නව අධ්‍යාපන ආයතනයකට ඇතුළත්වීමට අවස්ථාව සැලසෙන සතියකි. විශේෂ පාඨමාලාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන බවක් පෙනේ.

සෞඛ්‍ය

මෙතෙක් පැවති ශාරීරික අපහසුතා කීපයක් මඟහැරී යයි. උගුර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදු වෙයි.

 

අය 06 වැය 04

ජය අංකය – 08

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා

 

වෘෂභ

අමතර ලැබීම්

මෙතෙක් පැවති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කැපවීම් වැඩි කරයි.

රැකියාව

රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් රැකියා හිමිකම් ඇති බවක්ද පෙන්නුම් කරයි. ස්වයංරැකියා කටයුතුවලින් විශේෂ වාසි සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් සතියකි.

 

අධ්‍යාපනය

විශේෂ අධ්‍යාපන කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. විදෙස්ගත අධ්‍යාපනයකටද සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට ලක් වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් යහපත් සතියකි. පැවති චර්මගත ආබාධයකින් සුවය හිමි කරයි. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ කල්පනාකාරිවන්න.

 

අය 07 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – සුදු

සුබ දවස – බදාදා

 

මිථුන

පී‍්‍රතිමත් ගමනක්

 

ඉදිරි සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාස වන්ත කෙනකුගේ ඇසුරට පත් වේ. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

පැවති වගකීමකින් නිදහස සැලසෙයි. පී‍්‍රතිමත් ගමනකට කටයුතු උදා කරන සතියකි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදු වන බවක් පෙනේ. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. පාඩම් වැඩ කටයුතු කීපයක් අතපසු වී යන කාලයකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

පාදයේ ආබාධයකට ප්‍රතිකාර පතන සතියකි. හුස්ම ගැනීමේ අපහසුතා ද මතුකරන කාලයකි.

 

අය 06 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කටක

විදෙස් ඥාති උපකාරයක්

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර සතියේ සඳු ග්‍රයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. වෙනදාට වඩා ගේදොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමි වන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනසක් සිදු විය හැකි කාලයකි. වෙනදාට වඩා දුර දිග සිතා බලා කටයුතු කළ යුතු කාලයකි.

අධ්‍යාපනය

පීඩාකාරි ලෙස අධ්‍යාපන කටයුතුª කරගෙන යන බවක් පෙන්නුම් කරයි. තරග විභාගයකට සූදානම් වන කාලයකි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලින් විශේෂ වාසි උදාකරයි. අධ්‍යාපනික චාරිකාවකට සහභාගිවීමට කටයුතු සැලෙසන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් වන බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. වෙනදාට වඩා ශීතල ආහාර පාන ගැනීම සෞඛ්‍යයට වැදගත් වේ.

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය – රතු

සුබ දවස – බ්‍රහස්පතින්දා

සිංහ

අලුත් නෑහිතවතුන් හඳුනා ගනී

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරි බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල කරයි. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට වාසි සහගත ලෙස කටයුතු කීපයක් සිදු කරයි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. නිතර කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධ වීමට කටයුතු උදා කරයි. තාක්ෂණික අංශයෙන් විවිධ ජයග්‍රහණ හිමිකරන කාලයකි. තරගකාරී කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂාවකටද සම්බන්ධවීමට සිදුවන සතියකි.

අය 07 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

කන්‍යා

රැකියාවේ සැලසුමක් වෙනස් කරයි

උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නීති සහන පතන කාලයකි. නිවෙසට අලුත් දේ මිල දී ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. එමෙන්ම දුර රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට සිදු වන බවක් පෙනේ. ලිපිලේඛන ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන සතියකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදා කරයි. පොත්පත් කියවීමට වැඩි රුචිකත්වයක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි අජීර්ණ ආබාධයකට ඉඩකඩ ඇති බවක් පෙනේ.

 

අය 06 වැය 06

ජය අංකය – 07

ජය වර්ණ – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

තුලා

දරුවකුගේ ජයක්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදු වෙයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ අසහනකාරි බවක් ඇති කරයි. අඹුසැමි මත ගැටුම් ඇති විය හැකි බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් අසන්න ලැබෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුළු සුළු වෙනස්කම් කීපයක් සිදු වීමට ඉඩ ඇත. උසස් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

අවිවේකී වුවත් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරන සතියකි. හදිසි පාඨමාලාවකට සම්බන්ධ වීමට කටයුතු උදා කරයි. උසස් අධ්‍යාපනයකට හිමිකම් ඇති බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් වන බවක් පෙන්නුම් කරයි. පැවති සෙම් අමාරුවක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ද ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

 

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

දේපළ ලැබීමක්

හදිසි සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු යෙදේ. දේපළ ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ අයගේ සහයෝගයෙන් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියකි.

රැකියාව

රැකියා බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම ස්වයංරැකියා කටයුතුවලින් නොසිතූ වාසි අත්කරන බවක් පෙනේ. පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික සැලසුම් කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. අතපසු වූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙයි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට විවිධ ජයග්‍රහණ හිමි කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

 

අය 07 වැය 03

ජය අංකය – 02

ජය වර්ණය – රතු

සුබ දවස – ඉරිදා

 

ධනු

මනස සන්සුන් වෙයි

හදිසි ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පැවති නොසන්සුන්කාරි ගතිපැවැතුම් මඟහැරී යයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. හිතවත් කෙනකුගේ භෝජන සංග්‍රහයකට ඇරැයුමක් ලැබෙන කාලයකි. වියදම් අධික වන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවති අසහනකාරි බව මඟහැරී යයි. ශාස්ත්‍රීය කටයුතු මෙන්ම කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් බහුල වන සතියකි.

අධ්‍යාපනය

ස්ථිර සැලසුමක් ඇතිව අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. විදෙස් අධ්‍යාපනයට ද සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. නව පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා කරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් වන බවක් පෙන්නුම් කරයි. පැවැති කොන්ද ආශි‍්‍රත ආබාධයකින් සුවය හිමි කරයි. වෙනදාට වඩා ගන්නා ආහාරපාන ගැනද සැලකිලිමත් වන්න.

 

අය 08 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

මකර

අධ්‍යාපන ජයග්‍රහණයක්

අවිවේකී ලෙස සතිය උදා කරන අතර. මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරයි. සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවති අවහිරතා කීපයක් මඟහැරී යයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම තාක්ෂණික අංශයෙන් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට විශේෂ ජයග්‍රහණ හිමිකරන කාලයක් බව පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතු සඳහා දුර පළාතකට යාමට ද කටයුතු සැලසෙන කාලයක් බව පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

පැවැති කොන්ද ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත්කරයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදු වන කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කුම්භ

ගනුදෙනු වාසියක්

වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය උදා කරන අතර කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. එමෙන්ම හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසීමට ඉඩ ඇති සතියකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. අලුත් රැකියා මාර්ග කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් වන්න. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට ද අවස්ථාව සැලසේ. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇත. අධ්‍යාපනය

උසස් අධ්‍යාපන ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. නිතර පොත්පත් ලිපිලේඛන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවක් පෙනේ. අලුත් පොත්පත් මිල දී ගැනීමකට වැඩි මුදලක් වැය කරන සතියකි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස ගෙනදෙන සතියකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් අත්කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් වැළකී සිටීම යහපත් වෙයි.

 

අය 08 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මීන

පවුලේ උත්සව අවස්ථාවක්

 

සිතේ නොසන්සුන්තාවකින් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු උදා කරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ සිත් නොහොඳකමක් ඇති කර ගනී. පැවැති වගකීමකින් නිදහස අත්කරන කාලයකි. රැකියාව

රැකියාවේ පැවැති වගකීමකින් නිදහස සැලසෙන කාලයකි. පැවතුණු බාධාකාරි බව මඟහැරී යයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් හදිසි වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

වෙහෙසකාරි ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. තාක්ෂණික අංශයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන අයට විශේෂ වාසි කීපයක් සැලසේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. හෘදගත ආබාධ, ස්නායු ආබාධ ආදිය ඇතිවිය හැකි කාලයක් බැවින් පරිස්සම් වන්න.

 

 

අය 07 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – ඉරිදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.