මේ සති‍ෙය් ලග්න පලාපල... (අගෝ. 04 සිට 10 දක්වා)

අගෝස්තු 4, 2023

 

මේෂ

සෞන්දර්යාත්මක කටයුතුවලට උනන්දුවක්

 

නිතර උදාසීන ගති පැවතුම් ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පවුලේ සතුට සැනසුමට බාධාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. නිතර ඇවිදිලි වැඩිකරන සතියකි. පදිංචිය පිළිබඳ ගැටලු කීපයක් මතුකරයි. නිතර නිවෙසට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන කාලයකි.

රැකියාව

රැකියාව සම්බන්ධ මතුවන ගැටලුවක් දුරදිග යා හැකි සතියකි. නිතර තමාට පවුලේ අයගෙන් දුරස්ව රැකියාවේ කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ස්වයංරැකියා කටයුතුවලින් විශේෂ ලාභ හිමිකරයි.

අධ්‍යාපනය

ගතට සිතට ඇතිව තිබූ උදාසීන ගති මඟ හැරී යයි. සෞන්දර්යාත්මක අංශයේ කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වයි. උසස් අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් වෙහෙසීම් වැඩි කරයි.

සෞඛ්‍යය

හදිසියේ ඇතිවන අසනීප ගතියක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ඖෂධ වර්ග කීපයක් වැඩි මාත්‍රාවකින් ගැනීමට සිදුවෙයි. නිතර ජලයෙන් පීඩාවිය හැකි සතියකි. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 07 වැය 08

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

 

වෘෂභ

විදෙස් රැකියා ලාභ

 

අමතර ලැබීම්වලට හිමිකම් ඇතිකරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා එදිනෙදා කටයුතු සම්බන්ධ උනන්දුව උද්‍යෝගය ඇති කරන කාලයකි. පවුලේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීම් වැඩි කරයි. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ පරිස්සම් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ වෙනස්කම් කීපයකට මුහුණපෑමට සිදුවෙයි. තනතුරු මාරුවක් හේතුවෙන් නොසන්සුන්තාවක් ඇති කරයි. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භයට සුබදායක සතියකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි. උස් ස්ථානවලට සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වීම වැදගත් වේ.

 

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

 

මිථුන

දරුවකු පිළිබඳ සතුටක්

 

පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසෙමින් සතිය උදාකරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ මෙතෙක් ඇතිව තිබූ ගැටලුකාරී බවක් මඟහැරී යයි. වෙනදාට වඩා කඩිසරකමින් මෙන්ම උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ. දරුවකු වෙනුවෙන් සතුටට පත්විය හැකි සතියකි. අර පරිස්සමින් කටයුතු සිදු කරන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. නිතර අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. මෙතෙක් උදාසීනව කරගෙන ගිය රැකියාවේ කටයුතු කීපයක් උත්සාහවන්ත ලෙස සිදුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

සැලසුම් සහගත ලෙස ඉදිරි අධ්‍යාපන කටයුතු කීපයක් සිදුකරයි. උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් වගකීම් බහුල කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු සිදු කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් සුබදායක සතියකි. වරින් වර පීඩාගෙන දුන් පාදයේ ආබාධයක් සුව අතට හැරෙන බවක් පෙනේ. නිතර පැණි රස කෑම තමාට අගුණ කරයි. වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම යහපත් සතියකි.

 

අය 08 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

කටක

රැකියාවේ අලුත් බලාපොරොත්තු

 

පියපස ඥාතීන් අතර, සුහදතාවය වර්ධනය කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීමක් තමාවෙත පැවරෙන සතියකි. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. විවාහ ගිවිස ගැනීමක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගනී. දුර ඥාතියකුගේ පැමිණීමක් තුළින් යොදාගත් සැලසුමක් වෙනස් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇතිකරගත හැකි සතියකි. එමෙන්ම විදෙස්ගත රැකියාවකට සැලසුමක් ඇති කර ගනී. තනතුරු මාරුවකට හෝ ස්ථාන මාරුවකට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

තරඟකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. තාක්ෂණ අංශයෙන් ඉගෙනීමේ කටයුතුවල නියුතු වූවන්ට හදිසි පුහුණුවීම්වලට සම්බන්ධවීමට අවස්ථා උදා කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. පාදයේ ඇඟිලිවල හිරිවැටීමක් මෙන්ම වේදනාකාරී බවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. නිතර විවේකීව සිටීම යහපත් කාලයකි. ප්‍රතිකාර නිසි ලෙස කිරීම වැදගත් වේ.

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

සිංහ

දේපළ ගැටලුවක් නිරවුල්

 

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පොරොන්දු ගිවිසුමක් කල්දැමීමට සිදුවන සතියකි. වෙනදාට වඩා තීරණ ගැනීමේ ද දුරදිග සිතා බලන්න. ඉඩකඩම් දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. ඉක්මන් කේන්ති යන ගතිපැවැතුම් ඉස්මතුවීමෙන් පවුලේ මතභේදකාරී බවක් ඇති කරයි.

රැකියාව

විසිතුරු භාණ්ඩ අලෙවිය, විසිතුරු මල් පැළ අලෙවිය වැනි රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා උද්‍යෝගයෙන් රැකියාවේ කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

මෙතෙක් මන්දගාමීව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් උද්‍යෝගයෙන් සිදුකරන බවක් පෙන්වයි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් විවිධ දක්ෂතා පෙන්නුම් කරන කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකටද කටයුතු උදාකරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතුකරයි. උගුර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න.

 

අය 06 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – ළා දම්ි

සුබ දවස – සිකුරාදා

 

කන්‍යා

විශ්වාසය බිඳ වැටීමක්

 

අලුත් කටයුතු කීපයක් ඇරැඹීමට අවස්ථාව උදාකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරනු ලබයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. පවුලේ අය අතර ඇතිව තිබූ මතභේදකාරී බවක් මඟහැරී යයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතුවලින් පරිස්සම් වන්න. අලුත් හිත මිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු යෙදේ.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියක් වුවත් ඒවාට යම් යම් බාධා ගැටලු පැන නැගීමට ඉඩ ඇකි බවක් පෙනේ. ව්‍යාපාර ලාබ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් පැවැති ලිපි ලේඛන ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරයි. හිතවතකු සමඟ පොත්පත් හුවමාරුවකට කටයුතු උදා කරයි. විශේෂ පාඩම් මාලාවක් හැදෑරීමට කටයුතු සැලසේ.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ආබාධයකින් පීඩාවිඳීමට සිදුවේ. නිතර ඇතිවන ආහාර අරුචිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. ශාරීරික අප්‍රාණික ගති ඇති කරන සතියකි.

 

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

තුලා

උගත් දෙයින් ප්‍රයෝජන

සැනසිල්ල අඩුකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරන අතර මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 5, 6, 7, 8 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

දරුවන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියක් වන අතර දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට ද සිදුවේ. නිතර ගේ දොර අඩුපාඩුකම් කීපයක් යෙදෙන කාලයකි. පවුල අලුත් ඥාතියකු සම්බන්ධවීමෙන් ගැටලු කීපයක් මතුකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සිතට චංචල බවක් ඇති කරයි. නිතර ජලය සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු සැලසෙන සතියකි. එමෙන්ම උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකියි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උගතුන්ගේ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. තරග විභාගයකින් නොසිතූ ලෙස ජයග්‍රහණයක් අත් කරයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පවුලේ අයගෙන් දුරස්ව සිටීමට හේතු යෙදේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. යටපත් වූ අසනීපයක් නැවත මතුකරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. මුඛය ආශි‍්‍රත ඇතිවන තුවාල ආදී දැවිලි සහගත තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී.

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික

රැකියා ස්ථිරවීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතිය ආරම්භයේ දී ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි.

ගෘහජීවිතය

ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවන සතියකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හේතු ඇති කරයි. හිතුවක්කාර තීරණ ගන්නා කාලයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. එමෙන්ම මෙතෙක් පාඩු ලබමින් පැවැති ව්‍යාපාර කටයුත්තක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදාකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙස මහන්සිවීමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

සතිය ආරම්භයේදී උදාසීන ගතිපැවැතුම් ඇති කළ අධ්‍යාපන කටයුතු සතිය මැද කාලය වන විට දී උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන්ද කරගෙන යන බවක් පෙන්නුම් කරයි. නායකත්ව හා පුහුණු පාඨමාලාවකට සහභාගිවීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

වෙහෙස ඇති කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නිතර ඇතිවන අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සෙම් රෝග බහුල කාලයකි. ජලයෙන් පරිස්සම් වීම වැදගත්වේ.

 

අය 08 වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

 

ධනු

පවුලේ බැඳීම් වැඩිකරයි

නිතර බැඳීම් වැඩිකරන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේ දී සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති වගකීම් කීපයකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා පවුලේ අය අතර බැඳීම් වැඩිකරයි. අමතර මුදල් වැයවීම් වැඩිකරන සතියක් වන අතර, වාහනයක අලුත්වැඩියාවක් වෙනුවෙන්ද වෙහෙසීමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලු රැසකට මුහුණපෑමට සිදුවෙයි. සිත්තැවුල් මෙන්ම බාහිර කටයුතු ද අධිකවන සතියකි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන සතියකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. සෞන්දර්යාත්මක වැඩසටහනකට සම්බන්ධ වීමට කටයුතු සැලසේ. අමතර භාෂාවක් ඉගෙනීම කෙරෙහි වෙහෙසීම් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර ශරීර වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබාගන්නා සතියකි. ඖෂධ පාවිච්චියේ දී සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා

 

මකර

අමතර වියදම් බහුල කරයි

අමතර වියදම් බහුල කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගෘහජීවිතයේ කටයුතු පිළිබඳ වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරන සතියකි. එමෙන්ම ඇවිදිලි වැඩිකරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් බිඳ වැටෙන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික කටයුතු සම්බන්ධ වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. නිතර තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

සෙම් රෝග, වාතාබාධ වැනි අසනීප ගති හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වීමට සිදුවන සතියකි.

 

 

අය 07 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

කුම්භ

අතමිට සරුකරන මාර්ග

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ සතුට සැනසුම වෙනුවෙන් අලුත් පියවර කීපයක් ගැනීමට සිදුවෙයි. ගේ දොර කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩිකරයි. විවාහ ගිවිසුමකට බාධාකාරී ලෙස කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

තනතුරු බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉෂ්ට වන සතියකි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරන බවක් පෙනේ. වරින් වර අතමිට සරුකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අමතර අධ්‍යාපනික කටයුතු කීපයක් හේතුවෙන් වෙහෙසීම් වැඩිකරයි. එමෙන්ම විශේෂ වැඩසටහනක් වෙනුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇතිකරයි. ප්‍රාථමික අධ්‍යාපනික කටයුතුවල නියුතුවූවන්ට සුබදායකයි.

සෞඛ්‍යය

ශාරීරි සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර සෙම් පීඩා තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි අනතුරු වැටීම් තැලීම් වැනි පීඩාකාරී බවකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

 

අය 08 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

 

මීන

ව්‍යාපාර ලාභ හිමිකම්

අවිවේකී ලෙස උදාකරන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවස්ථානවලයි.

ගෘහජීවිතය

පවුලේ ගැටලුකාරී බවක් දුරදිග යන සතියකි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. ගනුදෙනුවලට සම්බන්ධවීමේ දී දුරදිග සිතා බැලිය යුතුය.

රැකියාව

තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. අමතර ලැබීම් ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති සතියක් වන අතර, ඒ පිළිබඳ උනන්දුවක් දැක්වීම වැදගත් වේ.

අධ්‍යාපනය

ගතට සිතට චංචල බවක් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. උසස් අධ්‍යාපනික කටයුතු හේතුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. නිතර පොත්පත්වල නියැළී කටයුතු කරන සතියකි. හදිසි ජයග්‍රහණවලට හිමිකම් ඇතිකරයි.

සෞඛ්‍යය

මෙතෙක් යටපත්ව තිබූ කකුලේ වේදනාවක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය ගැන මෙන්ම ඖෂධ පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. වරින් වර සෞඛ්‍යය පරීක්ෂණවලට භාවිතවීමට සිදුවන සතියකි.

 

අය 08 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.