මේ සති‍ෙය් ලග්න පලාපල... ( අගෝ. 18 සිට 24 දක්වා)

අගෝස්තු 18, 2023

 

මේෂ

විදෙස් රැකියා සැලසුමක්

 

පැවැති අවිවේකී බව මඟ හැරී යමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කරන සතියකි. ගේ දොර සුවපහසුව වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගනී. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියකි.

රැකියාව

රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයක් හිමි වුවත්, නොසිතූ ගැටලුවකට ද මුහුණපෑමට සිදුවෙයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇතිකරගන්නා කාලයකි. නිතර ගතසිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

විභාග කටයුත්තක් නිසා අමතර වෙහෙසීම් වැඩි කරයි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. වෙනදාට වඩා පොත්පත් පාඩම් වැඩ කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර හටගන්නා කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. උස් ස්ථානවලට සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත්ය. හදිසි වැටීම් තැලීම් වැනි දෙයකින් සුළු සුළු ආබාධ ඇතිවිය හැකිය.

 

 

අය 07 වැය 06

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

 

වෘෂභ

විශේෂ වරප්‍රසාද

 

පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය කටයුතු සමබර ලෙස තබා ගැනීමට වෙහෙසක් දරන සතියකි. වරින් වර ඇති කරන සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත. පැවැති ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ උසස්වීමක් හෝ තනතුරු වෙනසක් පිළිබඳ පුවතක් අසන්න ලැබෙන සතියකි. එමෙන්ම නිතර ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට ද හිමිකම් ඇතිකරයි. විශේෂ වරප්‍රසාද කීපයකට ද හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන කාලයකි. එහෙත් පොත්පත් වැඩකටයුතු කෙරෙහි උනන්දුව අඩුවී යන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම පාලනය කෙරෙහි අවධානය යොමු කිරීමට වැදගත් කාලයකි.

 

 

අය 07 වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මිථුන

පදිංචියෙන් පිට වාසයට

කරුණු යෙදේ

පවුලේ සතුට සැනසීමට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර හොඳ හිත දින ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. නිතර වගකීම් බහුල කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වරින් වර පදිංචියෙන් පිට වාසයට කරුණු උදා කරයි. පවුලේ ළඟම ඥාතියකුගේ දුරස් වීමකට ද කරුණු සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියකි. ව්‍යාපාරික කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. මුදල් ගනුදෙනුවලදී වංචා රැවටිලිවලට හසුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීමෙන් විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. නිතර පොත්පත් වැඩකටයුතු අධික කරන බවක් පෙන්නුම් කරයි. හදිසි වැඩමුළුවකට සහභාගි වීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යම් යම් බාධා අවහිරතා මතුකරන කරන සතියකි. උරහිස සම්බන්ධ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වරින් වර සෞඛ්‍යය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන කාලයකි. කෑම බීම ගැන මෙන්ම ව්‍යායාම කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි.

 

 

අය 07 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කටක

අලුත් හිතමිතුරු ඇසුරක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතිය ආරම්භයේදී සඳු ග්‍රහයාගේ ගමන 2, 3, 4, 5 යන භාවස්ථාවල සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට සරුකරන සතියකි. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. අලුත් හිතමිතුරු ඇසුරකට කටයුතු සැලසේ. නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදා කරයි. පවුලේ කටයුතු සැනසිලිදායක ලෙස කෙරීගෙන යන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලට නොසිතූ බාධා ගැටලු කීපයක් පැන නැගෙන සතියකි. උත්සාහයෙන් කටයුතු කළත් එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්වයි. රැකියාවේ වගකීම් වැඩිකරන කාලයක් වන අතර නිතර ඇවිදිලි ඇති කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික කටයුතු හේතුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා ඇතිකරන සතියකි. සෙම් රෝග පපුව ආශි‍්‍රත පීඩා වැඩිකරන සතියකි. හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවන කාලයක් වන අතර සෞඛ්‍ය පරීක්ෂණ වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් ද සිදු කරයි.

 

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

සිංහ

තනතුරු ස්ථිරවීමක්

 

 

අමතර ලැබීම්වලට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

වෙනදා තරම් සැනසිලිදායක බවක් අත් නොකරයි. නිතර පවුලේ මතභේදකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුවෙයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. දරුවකුගේ රැකියා ලාභ හිමිකමක් පිළිබඳ පුවතක් අසන්න ලැබේ. තනතුරු ස්ථිර වීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපනික කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලු කීපයක් මතු කරන සතියකි. අමතර වැඩ සටහන්වලට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. ළඟම හිතවතකු සමඟ පොත්පත් හුවමාරුවකට කටයුතු සැලසේ. සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. චර්මගත ආබාධයක් හෝ ලේ විෂවීම නිසා හටගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වරින් වර දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

 

අය 06 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – දම්ි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කන්‍යා

ව්‍යාපාර ලාභ

 

වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. නිතර ආගමික වැඩසටහන්වලට සම්බන්ධ වීමට සිදුවන සතියකි. පවුලේ අය අතර සුහදතාවට කරුණු ඇති කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක බවක් ඇති කරන සතියකි.

රැකියාව

රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිකරයි. වෙළෙඳ ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උත්සාහවන්තව කටයුතු කිරීමට වැදගත් වේ. ශාරීරික වෙහෙසීම් ගෙනදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරග විභාගයකින් උසස් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි සතියකි. නිතර සෞන්දර්යාත්මක කටයුතු පිළිබඳ ඇල්මක් දක්වන බවක් පෙන්නුම් කරයි. ගුරු දෙගුරුන්ගේ හොඳහිත ආදරය දිනාගෙන කටයුතු කිරීමට හැකිවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. මෙතෙක් ලබාගත් ඖෂධ මාත්‍රාව වෙනස් කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

විදෙස් ඥාති උපකාරයක්

 

 

ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. අඹුසැමි සිත් නොහොඳකමක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට වඩා ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් පසුවන්න. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇති සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. එමෙන්ම ප්‍රමාද වූ රැකියා ස්ථිර වීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් රැකියාවක් පිළිබඳ අදහසක් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් අලුත් දේ සෙවීමට වෙහෙසෙන සතියකි කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි. අමතර වැඩ සටහන්වලට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික අපහසුතා මතුකරන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රුධිරගත සීනි ප්‍රමාණය කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි. කෑම බීම පාලනය වැදගත් වන බවක් පෙනේ.

 

අය 07 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

 

වෘශ්චික

පවුලේ අය අතර හොඳහිත

 

 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිල්ල අඩුකරන සතියකි. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවේ. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වන බවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ අය අතර හොඳහිත දිනා ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. නිතර අතමිට සරු කරන ආදායම් මාර්ග හිමිකරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ රැකියා ස්ථිර වීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. ශාස්තී‍්‍රය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදුවේ. අලුත් පොත් පත් කියවීමට, මිලදී ගැනීමට කරුණු යෙදේ.

 

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් දුරස්වීම වැදගත්වේ. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය කාලයකි. කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

 

ධනු

පැරැණි හිතවත්කමක් අලුත් වෙයි

 

 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අඹුසැමි සුහදතාවට කරුණු සැලසෙන සතියකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. එහෙත් යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. තනතුරු ලාභයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ස්වයංරැකියා කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි. අතමිට මුදල් ගැවසෙන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා පොත්පත් කෙරෙහි ඇල්මක් දක්වන බවක් පෙනේ. ගණිත අංශයේ කටයුතුවලට ද සම්බන්ධ වීමට සිදු වෙයි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. ජලය සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. නිතර කෑම බීම පිළිබඳ සැලකිලිමත්වන්න. උෂ්ණාධික රෝගී තත්ත්වයක්, මුත්‍රා අමාරුවක් වැනි අසනීප තත්ත්වයකින් පීඩා ඇති කරයි.

 

 

 

අය 07 වැය 08

ජය අංකය – 09

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මකර

ගුප්ත කටයුතුවලින් පිහිට

 

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 8, 9, 10, 11 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

මෙතෙක් සැලසුම් කරගෙන සිටි කටයුතු කීපයක් නැවත වෙනස් කිරීමට සිදු වෙයි. පවුලේ වැඩිහිටියකු නිසා කරදරකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. වරින් වර ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලිපි ලේඛන ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. අමතර ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන සතියකි. වැඩිහිටි ගුරු දෙගුරුන්ගේ උපදෙස් අවවාද මත කටයුතු කරයි. තරග විභාගයකින් විශේෂ ජයග්‍රහණ හිමිකරන සතියකි.

සෞඛ්‍යය

වරින් වර ශරීරයට පීඩා ගෙන දෙන සතියකි. දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. වරින් වර ශාරීරික අප්‍රාණික ගති පැවැතුම් ඇති කරයි.

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

කුම්භ

 

උත්සව අවස්ථාවක්

 

අවිවේකී ලෙස සතිය උදා කරන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන සතියකි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සහභාගි වීමට අවස්ථාව උදා කරයි. ළඟම ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සුළු සුළු රැකියා මාර්ගවලට නියැළී සිටින අයට විශේෂ වාසි සැලසෙන සතියක් වන අතර දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. විදෙස්ගත අධ්‍යාපනික සැලසුමක් කෙරෙහි අවධානය යොමු කරයි.

සෞඛ්‍යය

වරින් වර උෂ්ණාධික රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වෙනදාට වඩා දියර වර්ග මෙන්ම ජලය වැඩිපුර පානය කිරීමට වැදගත්වන බවක් පෙනේ. ඇසක ආබාධයකට ප්‍රතිකාර පතන කාලයකි.

 

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

මීන

අතමිට මුදල් ගැවසේ

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා සතුට සැනසිල්ල උදා කරන සතියකි. දරුවකුගේ කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙන්නුම් කරයි. විශේෂ ගමන් කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. අතමිට මුදල් හිමිකරන මාර්ග කීපයක් සැලසෙනු ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් ඇති කරන සතියකි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූවන්ට විශේෂ වාසි සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කරන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර වෙහෙස ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. පරම්පරාගත රෝගාබාධයක් කෙරෙහි විමසිලිමත්විය යුතු කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන සතියකි.

 

 

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.