මේ සති‍ෙය් ලග්න පලාපල... (අගෝ. 25 සිට 31 දක්වා)

අගෝස්තු 25, 2023

මේෂ

අමතර මුදල් වැයවීම් වැඩි කරයි

 

වගකීම් බහුල කරමින් උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු සතියකි. වංචා සහගත කටයුතුවලට පැටලීමට හෝ රැවටීමකට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. අමතර මුදල් වැයවීම් වැඩි කරන කාලයකි.

රැකියාව

අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා සතියකි. රැකියාවේ ඉදිරි සැලසුමක් නොසිතූ ලෙස වෙනස් කිරීමට සිදුවෙයි. එමෙන්ම අතරමඟ නවතා තිබූ අමතර ආදායම් ලබන මාර්ග කීපයක් නැවත ආරම්භයට කටයුතු උදාකරයි.

අධ්‍යාපනය

නොසිතූ ලෙස ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. කරගෙන ගිය අධ්‍යාපන කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් නොසිතූ ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි. දණහිස සම්බන්ධ ආබාධයක් ඇති විය හැකි කාලයකි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. එක්තැන් වී කරන ප්‍රතිකාරයක් හේතුªවෙන් අමතර වියදමක් දැරීමට සිදුවෙයි.

 

 

අය 06 වැය 09

ජය අංකය – 09

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා

 

-------------------------

වෘෂභ

පොරොන්දු ගිවිසුමක් සාර්ථකයි

 

සැලසුම් සහගත කටයුතු කීපයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර, මේ සතිය උදාවන්නේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරමිනි.

ගෘහ ජීවිතය

තරමක් දුරට සැනසිල්ල අඩු කරන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ චංචල ගතියකින් කටයුතු කරන බවක් පෙනේ. නිතර ආගමික නායකයන්ගේ ඇසුර පතන කාලයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ වෙනස්කම් කීපයක් සිදුකරයි. ඒ හා සම්බන්ධ කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. රැකියා ස්ථිරවීමකට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

විවිධ පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම අලුත් දේ ඉගෙනීමේ කටයුතුවල නිරතවීමට සිදුවන සතියකි. තරග විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

සෞඛ්‍යය

වරින්වර ශරීර සෞඛ්‍යයට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. මුත්‍රා ආබාධයක් හෝ යටිබඩ ආශි‍්‍රතව ආබාධයකට මුහුණපෑමට සිදුවන සතියකි. දියර ආහාර වර්ග ආහාරයට ගැනීම වැදගත් සතියකි.

 

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

------------------------

මිථුන

ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රසිද්ධියක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර සහයෝගය මෙන්ම එකමුතුකම ඇති කරන සතියකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇති කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරන සතියකි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. අමතර ලාභ හිමි කරන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. තනතුරු මාරුවකට හේතු ඇති කාලයකි.

අධ්‍යාපනය

වරින්වර ගැටලු සහගත කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. එමෙන්ම හදිස්සියේ ගන්නා තීරණයක් හේතුවෙන් මනසට පීඩාකාරි බවක් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුතුවලින් තමා ප්‍රසිද්ධියට පත්වන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වරින්වර මතුවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද ලක්වීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත්වන්න.

 

 

අය 05 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

---------------------

කටක

ප්‍රභූන් සමඟ ඇසුරක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පැවැති ගැටලු කීපයකින් නිදහස අත් කරයි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු සැලසෙන සතියකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක වන සතියකි. මෙතෙක් අවහිරතා ගෙන දුන් කටයුතු කිපයකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. ස්වයං රැකියා කටයුතුවල නියුතු වූවන්ට විශේෂ වාසි කීපයක් සැලසෙන සතියකි. අලුත් රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන සතියකි. මෙතෙක් පීඩාකාරි ලෙස කරගෙන ගිය විෂයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වරින්වර කෑම බීම අරුචිය පවා සිදුවිය හැකි කාලයකි. පපුව ආශි‍්‍රත ආබාධයක් හෝ සෙම් ගතියක් වැඩිවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

----------------------

සිංහ

වාහන ගනුදෙනුවක්

 

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ගැටලුකාරි බවක් ඇති කරන බවක් පෙන්නුම් කරයි. වරින් වර මනසට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන කාලයකි. වාහන ගනුදෙනුවක් පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන් සමඟ ඇතිවන ගැටලුකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත. නිතර අතමිට මුදල් හිමිවන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීමක් මෙන්ම මුදල් වැයවීමක් ද සිදුකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් වැඩි කරන සතියකි. යටපත් වූ පපුවේ සෙම් ගතියක් නැවත මතුවන බවක් පෙන්නුම් කරයි. කලට වේලාවට ආහාර පාන ගැනීමට පවා බාධා ඇති කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

----------------------

කන්‍යා

පොත්පත් හුවමාරුවක්

 

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 3,4,5,6 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

යොදාගත් සැලසුම් කීපයකට බාධාකාරි බවක් ඇති කරන සතියකි. නෑදෑ හිතවතුන් ඇසුරේදී කල්පනාකාරි විය යුතුයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කාලයකි. මවුපස ඥාතියකු පිළිබඳ සිත් තැවුලක් අසන්න ලැබේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනය වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. එමෙන්ම අමතර භාෂාවක් හැදෑරීම වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. පොත්පත් හුවමාරුවකට කටයුතු සැලසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ අමතර වගකීම් බහුල කරයි. නිතර පදිංචි ප්‍රදේශයෙන් පිට කරන රැකියා කටයුතුවලට හේතු ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

 

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. නිතර ඇතිවන ක්ලාන්ත ගතිය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට උත්සහ දරන සතියකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත්වන්න.

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

---------------------

තුලා

 

රැකියාවේ උසස්වීමක්

 

වෙනදාට වඩා ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. වෙනදාට වඩා පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත්වන්න. අතමිට මුදල් ගැවසෙන සතියකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. එමෙන්ම අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. උසස්වීම් බලාපොරොත්තු වන අයට සුබදායකයි.

අධ්‍යාපනය

විශේෂ වැඩසටහනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු කර ගනී. නිතර පොත්පත් කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් සතියකි. වෙනදාට වඩා තමා ගන්නා ඖෂධ වර්ග මෙන්ම කෑම බීම ගැනද සැලකිලිමත් වන බවක් පෙන්නුම් කරයි. දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගන්නා කාලයකි.

 

අය 06 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

 

-----------------------

වෘශ්චික

හුදෙකලාව අගයන කාලයක්

 

අවිවේකී ලෙස සතිය උදාකරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිල්ල අඩු කරන සතියකි. නිතර වයසට වඩා අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියකි.

රැකියාව

අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම පිරිසක් පාලනය කිරීමේ රැකියා මාර්ගවලට ද හේතු යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් රැකියාවේ කටයුතුවල නිරතවන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදක්වන කාලයකි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කරයි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධ වීමට උදාසීන බවක් ඇති කරයි. නිතර හුදකලාව කටයුතු කිරීමට සිතන කාලයකි.

සෞඛ්‍යය

පැවැති ශාරීරික අප්‍රාණික ගති මඟහැරී යයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන බවක් පෙන්නුම් කරයි. කෑම බීම පාලනය කිරීමට උත්සහ දරන බවක් පෙන්වයි. එහෙත් පාදයේ ආබාධයකට ඉඩකඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පරිස්සමින් කරන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

-----------------

ධනු

අතමිට මුදල් ගැවසේ

 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12,1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. එහෙත් පවුලේ බැඳීම්වලට බාධා සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරිකර ගැනීමේ මාර්ග පෑදේ. පවුලේ අය අතර කැපී පෙනෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. ප්‍රමාදතා සිදු කළ රැකියාවේ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමේ කටයුතුවල නිරතවීමට සිදුවන සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ ලබා ගත හැකිය. අධ්‍යාපනය සම්බන්ධ නව සොයා ගැනීම් සිදු කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් සුබදායක සතියකි. පැවැති සුළු සුළු අසනීප ගති මඟහැරී යයි. එහෙත් හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ඉඩකඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

---------------------

මකර

උගත් දෙයින් ප්‍රයෝජන

 

සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 11,12,1,2 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. නිතර සමාජ සේවා කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. තමා සොයා එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. හදිසි ආදායම් මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අර්බුදකාරි බවක් මඟහැරී යයි. තීන්දු තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරග විභාගයක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. වරින්වර ඇති කරන දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

අය 05 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

---------------------

කුම්භ

සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක්

 

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන සතියකි. නිතර පවුලේ කෙනකු පිළිබඳ සොයා බැලීමක් කළ යුතු කාලයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත් කරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ බාධා කීපයක් මතු කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

පොත්පත් වැඩ කටයුතු අධික කරන සතියකි. ගුරුවරුන්ගේ සිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීමක් මෙන්ම මුදල් වැයවීමක්ද සිදුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර දියර වර්ග පානය වැදගත් වන සතියකි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

---------------------

මීන

ණය ගනුදෙනුවක් විසඳේ

 

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 9,10,11,12 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන සතියකි. එමෙන්ම පවුලේ ඉදිරි වැඩසටහනක් වෙනස් කිරීමට සිදුවේ. වෙහෙස ඇති ගමන් කීපයක් යෙදෙන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු සැලසෙන මාර්ග කීපයක් යෙදේ.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි. එමෙන්ම ප්‍රදේශයෙන් පිට යෙදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අතමිට සරු කරන කාලයකි. ස්වයං රැකියා කටයුතුවලට සම්බන්ධ වීමෙන් වාසි කීපයක් උදාකරයි.

අධ්‍යාපනය

උද්‍යෝගය උනන්දුව ඇති කරන කාලයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කිරීමෙන් වාසි කීපයක් අත්කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරන බවක් පෙනේ. පවුලේ අයගෙන් දුරස්ව අධ්‍යාපනික කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

නිතර ඇතිවන නිදිමත ගතිය මෙන්ම අලස ගතිය නිසා ප්‍රතිකාර ලබා ගනී. කෑම බීම පාලනය මේ කාලය තුළදී වැදගත් බවක් පෙන්නුම් කරයි.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.