මේ සති‍ෙය් ලග්න පලාපල... (සැප්. 15 සිට 21 දක්වා)

සැප්තැම්බර් 15, 2023

 

මේෂ

ව්‍යාපාර ලාභ හිමිකම්

 

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 5, 6, 7, 8 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක බව වරින් වර අඩු කරන සතියකි. නිතර තනි මතයට කටයුතු සිදු කරන බවක් ද පෙන්නුම් කරයි. ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවෙයි. වෙනදාට වඩා ගේ දොර කටයුතුවලින් දුරස්වීමට සිදුවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනසක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි. නිතර වෙහෙස මහන්සි වී කරන කටයුතු අධික කරයි. අලුත් රැකියා හිමිකම් බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායකයි. ව්‍යාපාර ලාභ හිමිකම්වලට හේතු යෙදෙන සතියකි.

අධ්‍යාපනය

නිතර පාසල් වැඩකටයුතු පිළිබඳ වගකීම් වැඩි කරයි. එමෙන්ම තරග විභාගයක් සම්බන්ධ වෙහෙසීමට සිදුවේ. විදෙස් අධ්‍යාපනයක් සම්බන්ධ බලාපොරොත්තු ඇති කරන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන අතර, අමතර මුදල් වැය වීමක් ද සිදු කරයි.

සෞඛ්‍යය

පරම්පරාගත රෝගාබාධයක් ඉස්මතු විය හැකි කාලයකි. නිතර ක්ලාන්තය, නිදිමත ගතිය ඇති කරන බවක් පෙන්නුම් කරයි. චර්මගත රෝගයක් හේතුවෙන් පිඩා ඇති කරන සතියක් වෙයි.

 

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

---------------------

 

වෘෂභ

ප්‍රධානීන් සමඟ සුහදතා

 

පැවැති අවිවේකී බව මඟහැරී යමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. විදෙස්ගතවීමේ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

හදිසි රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරු කරන රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි. ආයතන ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වූ අයට ප්‍රශංසා හිමි කරන කාලයකි. තමාගේ දක්ෂතා ඇගැයීමට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර පොත්පත් කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර හට ගන්නා හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ශරීරයේ බර අධික වීමෙන් විවිධ සෞඛ්‍යය ගැටලුවලට මුහුණපායි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

--------------------

මිථුන

අතමිට සරුවේ

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසෙන සතියකි. වෙනදාට වඩා දරුවකුගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වනු ඇත. ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. නිතර ප්‍රශංසා ඇති කරන කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව හිමි කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක්කරයි. අතමිට සරු කරන ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ.

අධ්‍යාපනය

කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. එමෙන්ම පොත්පත් ලිපි ලේඛන කටයුතු අධික කරන බවක් ද පෙන්නුම් කරයි. විදෙස් භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරන කාලයකි. දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ඖෂධ භාවිතයේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ආයුර්වේද ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

 

 

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

--------------------

 

කටක

අඹුසැමි සුහදතාවය වැඩේ

 

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දේපළ සම්බන්ධ මතභේදකාරී බවක් ඇති කරයි. නිතර ඥාතීන් සමඟ කටයුතු කිරීමේ දී දුරදිග සිතා බලා කටයුතු කරන්න. අඹුසැමි සුහදතාවයට හේතු සැලසෙන කාලයකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙනා බවක් පෙන්නුම් කරයි.

රැකියාව

මෙතෙක් උදාසීන බවකින් කරගෙන ගිය රැකියා කටයුතු උනන්දුවෙන් මෙන්ම උද්‍යෝගයකින් සිදු කරන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

තරග විභාගයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරන සතියකි. නිතර පවුලේ අයගෙන් දුරස්ථව අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට මඟ සැලසේ. හදිසි පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් ගෙන දෙන සතියකි. එමෙන්ම හදිසි වැටීම් තැලීම් වැනි ආබාධ තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ උනන්දුවකින් කටයුතු කරන්න.

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

---------------------

සිංහ

පවුලේ අය අතර කැපී පෙනෙයි

 

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. නිතර පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන සතියකි.

රැකියාව

රැකියාවේ විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග හිමි කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට හදිසි සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇති උනන්දුව අඩු කරන කාලයකි. එමෙන්ම සැලසුම් කීපයක් ප්‍රමාද වීමට ද ඉඩ ඇත. නිතර වැඩිහිටි අයගේ උපදෙස් අනුව කටයුතු කිරීමට සිදුවෙයි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන අධ්‍යාපනික වැඩසටහනකට සම්බන්ධ වීමට සිදුවෙයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් සතියක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

-------------------

කන්‍යා

හදිසි ලාභ හිමිකම්

 

හිතුමතයට කටයුතු කිරීමට යාමෙන් තමාට ගැටලු කීපයක් මතු කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පියපස ඥාතීන්ගෙන් උපකාර හිමි කරන කාලයකි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුත්තකට සම්බන්ධ වීමට සිදුවෙයි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු උදා කරන කාලයකි. හදිසි ලාභ හිමිකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

රැකියාව

සිරුර වෙහෙස කරන රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. රැකියාවේ සුබ සිද්ධිය වෙනුවෙන් හදිසි තීරණ කීපයක් ගන්නා බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපනික කටයුතු කීපයක් වෙනසකට ලක් කරන සතියකි. ගුරු දෙගුරුන්ගේ උපදෙස් මත පාඩම් වැඩකටයුතු කීපයක් සිදු කිරීමෙන් නොසිතූ ලෙස ප්‍රශංසා මෙන්ම උනන්දුව ද වැඩි කරයි. තාක්ෂණික අංශයෙන් අධ්‍යාපනය ලබන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරන සතියකි. නිතර ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි රෝහල්ගතවීමක් ද සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

 

 

අය 07 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

----------------

 

තුලා

තරගකාරී කටයුතුවලට සම්බන්ධවේ

 

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 11, 12, 1, 2 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

විවිධ බාධා ගැටලු මධ්‍යයේ ඉදිරි සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වේ. පවුලේ වැඩිහිටියකුගේ උපදෙස් පිළිපැදීමට සිදු වන බවක් පෙනේ. ඥාතීන් අතර සුහදතාවයට හේතු සැලසෙන සතියකි.

රැකියාව

අලුත් රැකියා හිමිකම්වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වාසි කීපයක් සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට වගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. ප්‍රායෝගික පරීක්ෂණයකට වෙහෙසීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

මෙතෙක් පීඩාගෙන දෙමින් පැවැති අසනීපයකින් සුවය හිමි කරන කාලයකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්වන කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න.

 

 

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

---------------------

 

වෘශ්චික

රැකියාවේ වගකීම් වැඩි කරයි

 

හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් පාඩු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේදොර කටයුතු සම්බන්ධ යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. එමෙන්ම අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිවන කාලයකි. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර, විවිධ ජයග්‍රහණ ද හිමිවෙන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරන සතියකි. නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් පීඩාවිඳීමට සිදුවේ. වරින් වර රුධිරගත සීනිමට්ටම වෙනස් වන කාලයකි.

 

 

අය 07 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

--------------------

 

ධනු

සහෝදර උපකාරයක්

 

අමතර ලැබීම් වලට හිමිකම් ඇති සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් ඇති කරන කාලයකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි. සහෝදර පක්ෂයේ උපකාර ඇතිව කටයුතු කීපයක් සිදු කර ගැනීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්වයි.

අධ්‍යාපනය

කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර, විවිධ වැඩසටහන්වල මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ අත්විය හැකි සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් සතියක් වන අතර, පැවැති අසනීපකාරී බවකින් නිදහස් වීමට කටයුතු උදා කරයි.වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

------------------

මකර

රැකියා ස්ථානයේ ප්‍රශංසා

 

අතමිට සරු වූවත් වැයපස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම්වලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවෙයි.වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට මාර්ග උදා කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ ප්‍රශංසාවලට ලක්වන කාලයකි. එමෙන්ම කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදේ. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතු බවක් පෙන්වයි. එමෙන්ම ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් ද පෙනේ.

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

----------------

කුම්භ

විශේෂ ජයග්‍රහණ

 

මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟ හැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවලින් විශේෂ වරප්‍රසාද හිමිකරයි. මෙතෙක් තනතුරු උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට, එතරම් සුබදායක කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. ලිපි ලේඛන ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර පොත්පත් කියවීම කෙරෙහි රුචිකත්වයක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. යටපත්වූ හිසේ වේදනාවක් නැවත මතුකරන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ජලය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

---------------------

මීන

ණය ගනුදෙනුවක් හිමි කරයි

 

නිතර සිතේ කනස්සල්ලෙන් කටයුතු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කෙනකුගේ අසනීපකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ගෘහ ජීවිතයේ කටයුතුවලින් දුරස් වීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා වියදම් අධිකවන බවක් පෙන්නුම් කරයි. කල්ගත වූ ණය ගනුදෙනුවක් හිමිවීමට ඉඩ ඇති සතියකි.

රැකියාව

වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. රැකියාවේ වගකීම් කීපයක් තමා වෙත පැවැරීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වන බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් මනසට පීඩාකාරී ලෙස කරගෙන ගිය පාඩම් වැඩකටයුතු කීපයක් සම්බන්ධ පැවැති ගැටලුදායක බව මඟහැරී යයි. උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනේ. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට යහපත් කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් ඇතිවන මූත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. කෑම බීම ගැනීමේදී සැලකිල්ලෙන් පසුවන්න.

 

 

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.