මේ සති‍ෙය් ලග්න පලාපල... (නොවැ. 10 සිට 16 දක්වා)

නොවැම්බර් 10, 2023

මේෂ

සැලසුම් සාර්ථකයි

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් නොසන්සුන්කාරී බවක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ හදිසි ලැබීම් හිමිවන මාර්ග කීපයක් ඇති කරයි. ආයතන ප්‍රධානීන් සමඟ සුහදතාවය හා පැසසුම් මැද රැකියාවේ කටයුතු කරගෙන යෑමට හැකි වෙයි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. එමෙන්ම කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින්වර බාධා මතු කරයි. චර්ම ගත ආබාධයක් හෝ මුඛයේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර පතන කාලයක් වන අතර, කෑම බීම ගැනීම පවා සීමා කිරීමට සිදු වෙයි.

අය 07 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

වෘෂභ

රැකියා බලාපොරොත්තු ඉටුවේ

අමතර ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවක් පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගනී. දුර ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාව සැලසේ. ප්‍රභූ ඇසුරට කටයුතු යෙදෙන සතියකි.

රැකියාව

රැකියා කටයුතු සම්බන්ධ පැවැති වගකීම් මෙන්ම අසහනකාරී බව මඟහැරී යන බවක් පෙන්වයි. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි.

අධ්‍යාපනය

දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදු වෙයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකටද කටයුතු උදා කරයි. නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වන කාලයකි.

සෞඛ්‍යය

උරහිසේ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත විවිධ අවහිරතා මතු කරයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

මිථුන

උත්සව අවස්ථාවකට සැලසුමක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දේපළ ගැටලුවක් නිරවුල් කරගැනීමට කටයුතු සැලසෙන කාලයකි. මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවෙළක් වෙනස් කිරීමට හේතු යෙදෙන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතුª සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අමතර ආදායම් යෙදෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. දුර රැකියාවන්ට සහභාගිවීමට කටයුතු යෙදෙන සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකකරයි. දරුවකුගේ ඉදිරි කටයුතු කීපයක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් ඇති කරන කාලයකි. ආහාරපාන ගැනීමේදී දුර දිග සිතා බලන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

අය 05 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

කටක

ගනුදෙනුවලින් වාසි

පැවැති අවිවේකී බව මඟහැරී යමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර, ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයකි. නිතර මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ගනුදෙනුවකින් වාසි සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. විශේෂයෙන් කණ්ඩායමක් මෙහෙයවා කරන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

හිතුමතයට කටයුතු කරයි. පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු කර ගැනීමෙන් ගැටලු කීපයක් මතු කරයි. තරගකාරි කටයුතුවලින් සිතූ තරම් ජයග්‍රහණ අත් නොකරයි.

සෞඛ්‍යය

උරහිස සම්බන්ධ වේදනාවක් හේතුවෙන් පීඩා ගෙන දෙන සතියකි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 07 වැය 04

ජය අංකය – 03

ජයවර්ණ – කහ

සුබ දවස – සඳුදා

සිංහ

සහෝදර බැඳීම් වැඩේ

පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ සැලසුමකට අත ගැසීමට සිදුවන කාලයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. සහෝදර බැඳීම්වලට හේතු යෙදෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. ඇවිදිලි ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. උසස්වීම් ජයග්‍රහණ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධව පැවැති උදාසීන ගති මෙන්ම බාධා කීපයක් ද මඟ හැරී යන සතියකි. තරග විභාගවලින් විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරි සතියකි.

අය 07 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

කන්‍යා

දරුවන්ගේ දියුණුවට පියවර

පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල කරන කාලයකි. අමතර වියදම් වැඩි කරයි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වන බවක් පෙනේ. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන කාලයකි. දරුවන්ගේ දියුණුවට පියවර කීපයක් ගන්නා බවක් පෙනේ.

අධ්‍යාපනය

පාඩම් වැඩ කටයුතු කීපයක් අතපසු කර ගන්නා කාලයකි. ප්‍රාථමික අධ්‍යාපනය කටයුතුවල නියැලී සිටින අයට වගකීම් බහුල කරයි. ගුරුවරුන්ගෙන් මෙන්ම වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයට ලක්වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවෙයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ අත්කරන කාලයකි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

සෞඛ්‍යය

වරින්වර ගත සිත වෙහෙසා කරන කටයුතු අධිකවන බවක් පෙනේ. වෙනදාට වඩා එදිනෙදා කෑම බීම පාලනය කිරීම වැදගත් වේ.

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

තුලා

ගේ දොර කටයුතුවල වෙනසක්

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 12,1,2,3 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් කාලයකි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකිරීමට කටයුතු උදා කරයි. සහෝදර මතභේදයක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අමතකවීම් අතපසුවීම් හේතුවෙන් පාසල් වැඩ කටයුතුවලට බාධාකාරි බවක් අත්කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවන කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇතිකරන උෂ්ණාධික රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා දියර වර්ග මෙන්ම ජලය පානය කිරීම වැදගත් වේ.

අය 07 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

වෘශ්චික

තරගවලින් ජය

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර සැනසිල්ල අඩු කරන සතියකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙන අතර විශේෂ ගමන් කීපයකට සහභාගි වීමට කටයුතු උදාකරයි. නැතිවූ දෙයක් නැවත හිමිකරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන සතියකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකින් ජයග්‍රහණ හිමිකරයයි. ගුරුවරු, වැඩිහිටි අයගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් ජයග්‍රහණ අත් කර ගත හැකි කාලයකි.

සෞඛ්‍යය

පැවැති අසනීපකාරි බව මඟහැරී යන කාලයකි. මෙතෙක් ලබාගත් ඖෂධවල වෙනසක් කිරීමට අවස්ථාව සැලසේ. ශරීර සැප පහසුව සඳහා කටයුතු සැලසෙන සතියකි.

ධනු

දුර ගමන් යෙදේ

මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සතුට සැනසිල්ල උදාකරන සතියකි. නිතරම වැඩිහිටි උපදෙස් මත කටයුතු සිදු කරයි. ගනුදෙනු වාසියක් සිදු විය හැකි බවක් පෙනේ. දුරගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදා තරම් අවිවේකී බවක් අත් නොකරයි. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායකයි. ස්වයං රැකියා කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උද්‍යෝගයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනේ. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදු වෙයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. කෑම බීම පාලනය කිරීම වැදගත් කාලයකි. පැවැති අසනීප සුවඅතට පත්කරන සතියකි.

අය 06 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – තැඹිලි

ජය අංකය – 02

මකර

තනතුරු ලාභ හිමි කරයි

ගතට සිතට පීඩාකාරි බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු අධික කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. දරුවකු පිළිබඳ සැලකිල්ිමත් විය යුතු බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මනසට පීඩාකාරි බවක් ඇති කරයි. නිතර වෙහෙසීම් වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණ පිළිබඳ සතුටට පත්වීමේ අවස්ථාව උදාකරයි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට පත්වන කාලයකි. අතපසු වූ පාඩම් වැඩ කීපයක් සම්පූර්ණ කර ගැනීමට කටයුතු සැලසේ.

සෞඛ්‍යය

මනසට පීඩාකාරි සතියකි. නිතර හට ගන්නා ඇඟේ පතේ වේදනාවකට ප්‍රතිකාර ලබාගන්නා සතියකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

කුම්භ

ලැබීම් අතින් යහපත්

අවිවේකී ලෙස සතිය උදාවුවත් කරගෙන යන කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව සැලසෙන අතර මේ සතියේ සඳුගේ ගමන 8,9,10,11 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයකි. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මග සැලසේ. පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කාලයකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් බවක් පෙන්නුම් කරයි . සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

මීන

අලුත් රැකියා හිමිකම්

මනසට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වැය පස අධික කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. එමෙන්ම දරුවකුගේ ඉදිරි දියුණුවක් වෙනුවෙන් සැලසුම් කීපයක් ඇතිකර ගන්නා කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මගහැරී යන බවක් පෙන්නුම් කරයි. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. හදිසි කැපීම් කෙටීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන සතියකි.

අය 07 වැය 06

ජය අංකය – 05

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.