මේ සති‍ෙය් ලග්න පලාපල... නොවැ. 24 සිට 30 දක්වා

නොවැම්බර් 24, 2023

 

 

මේෂ

ලැබීම් අතින් යහපත් කාලයක්

සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භයට මඟ සැලසේ.

රැකියාව

රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර අතමිට සරුකරන කටයුතු කීපයකටද යොමුවීමට මඟ සැලසේ.

අධ්‍යාපනය

තරග විභාගයක් පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. මෙතෙක් උදාසීනව කරගෙන ගිය පාඩම් වැඩ කටයුතු කීපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්වයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් වුවත් හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. ජලයෙන් පරිස්සම්වීම වැදගත් කාලයකි. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

 

සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භයට මඟ සැලසේ.

රැකියාව

රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර අතමිට සරුකරන කටයුතු කීපයකටද යොමුවීමට මඟ සැලසේ.

අධ්‍යාපනය

තරග විභාගයක් පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. මෙතෙක් උදාසීනව කරගෙන ගිය පාඩම් වැඩ කටයුතු කීපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්වයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් වුවත් හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. ජලයෙන් පරිස්සම්වීම වැදගත් කාලයකි. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

 

අය 07 වැය 04,

ජය අංකය - 04,

ජය වර්ණය - දම්,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

අමතර වාසි

අමතර ලැබීම් අතින් යහපත් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 11, 12, 1, 2 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

දරුවකුගේ ඉදිරි පියවරක් පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි බවක් පෙනේ. නිතර වෙහෙස මහන්සි වී කරන කටයුතු අධික කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් හිමිවන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ බලාපොරොත්තු කීපයක් ඇති කරයි. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරන කාලයකි.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති ශාරීරික අපහසුතා මඟහැරී යයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය ගැන වෙහෙසෙන බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කාලයකි.

 

අය 05 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

මිථුන

අලුත් දේ මිලදී ගනී

 

වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැරැණි හිතවත්කමක් අලුත්වන සතියකි. නිතර ගේ දොර කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

විදෙස්ගත අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුම් ඇති කර ගන්නා කාලයකි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. ස්ථාන වෙනසකට හෝ ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් සම්බන්ධවීමට සිදුවනමුත් වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කළ යුතු සතියකි.

සෞඛ්‍යය

නිතර උදාසීන ගති ඇති කරමින් සතිය උදාකරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. එමෙන්ම මූත්‍රා අමාරුවක් හෝ පපුව ආශි‍්‍රත ආබාධයක් ඇතිවිය හැකි කාලයකි.

 

අය 08 වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

කටක

සිතේ සතුට ඇති කරයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදුකරයි. සිතට පී‍්‍රතිය නොදෙන කරුණු කීපයක් ඇති කරන සතියකි. පැවැති දේපළ ගැටලුවක් විසඳී යන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ. ආයතන ප්‍රධානීන්ගේ දෝෂාරෝපණයට භාජනය වන කරුණු කීපයක් සිදුකරයි. පොත්පත් ලිපි ලේඛන කටයුතු සම්බන්ධ කල්පනාවෙන් පසුවන්න.

අධ්‍යාපනය

නිතර පාඩම් වැඩකටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. සෞන්දර්යාත්මක කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට අමතර වියදමක් දැරීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ඇතිකරන සතියකි. උදරාශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. රුධිරගත සීනි, කොලෙස්ටරෝල් වැනි අසනීපවලින් පීඩා ඇතිකරන සතියකි.

අය 06 වැය 04,

ජය අංකය - 07,

ජය වර්ණය - දම්,

සුබ දවස - සඳුදා

 

සිංහ

ව්‍යාපාර සරුවෙයි

හදිසි සැලසුමකට අත ගසමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. පවුලේ දානමය වැඩසටහනක් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ව්‍යාපාර කටයුතුවලින් ද වාසි සැලසෙන කාලයකි. තනතුරු උසස්වීම් බලාපොරොත්තුවන අයට සුබදායකයි.

අධ්‍යාපනය

පැවැති අවහිර බාධා මඟහැරී යන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් දැරීමට සිදුවේ. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතු මෙන්ම බාහිර කටයුතුවලට ද කැමැත්තක් දක්වන සතියකි.

සෞඛ්‍යය

වරින් වර හට ගන්නා චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ කල්පනාකාරී වන්න.

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

සහෝදර බැඳීම් වැඩි කරයි

අමතර වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වරින් වර නොසිතූ සිත් කලකිරීම්වලට ලක්වීමට සිදුවෙයි. පැරැණි ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර බැඳීම් වැඩි කරන කාලයකි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවළක් සාර්ථක කරන කාලයකි. එමෙන්ම මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ නොසිතූ අවහිරතා මතුකරන කාලයකි. එමෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. පොත්පත් වැඩ කටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩි කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. මූත්‍රා අමාරුවක් හෝ බඩේ පපුවේ දැවිලි ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. බෝවන රෝගවලින් පීඩා ඇති විය හැකි බැවින් ඉතා කල්පනාකාරී වන්න. ආහාර පාන පිළිබඳව ද සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

 

තුලා

උගත් දෙයින් ප්‍රයෝජන

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල කරන කාලයකි. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. සමිති සමාගම්වල නිලතල දැරීමට කටයුතු උදාකරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අමතර වෙහෙසීම් ඇතිකරන කාලයකි. එමෙන්ම අලුත් රැකියා ආරම්භයට යහපත් කාලයක් වන අතර උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. කණ්ඩායම් වැඩ සටහන්වල මුලිකත්වයක් දැරීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පරම්පරාගත රෝගාබාධයක් ඉස්මතුවිය හැකි කාලයක් බැවින් ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. වරින් වර අස්ථි අමාරු, ස්නායු අමාරු සෑදීමට ඉඩ ඇත.

 

අය 07 වැය 05,

ජය අංකය - 04,

ජය වර්ණය - නිල්,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

බාහිර ක්‍රියාකාරකම්වලට වැඩි නැඹුරුවක්

 

ගතට සිතට සැනසිල්ල අඩුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු උදාකරන සතියකි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව වැඩිකරන බවක් පෙනේ. එහෙත් තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ උත්සහය උනන්දුව ඇතිකරන කාලයකි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වරින්වර උදාසීන ගති පැවැතුම් ඇති කරයි. විවිධ තරගකාරී කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. බාහිර ක්‍රියාකාරකම්වලට වැඩි නැඹුරුතාවක් දක්වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් වන බවක් පෙන්නුම් කරයි. සුළු සුළු සෙම් අමාරු උගුර ආශි‍්‍රත ආබාධය මතුවිය හැකි කාලයකි. ජලයෙන් මෙන්ම සීතල ආහාර පාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත් කරයි.

අය 06 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

ධනු

අලුත් සැලසුම් කීපයක්

 

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ සැලසුමකට සම්බන්ධවීමට සිදුවන සතියකි. මව හෝ මවුපස ඥාතියකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. වරින් වර ගේ දොර කටයුතුවලින් ඈත් වී සිටීමට කරුණු ඇති කරයි. දරුවකුගේ කටයුතුවල දියුණුවක් දැකිය හැකි කාලයකි.

රැකියාව

රැකියාවේ වගකීම් මෙන්ම අලුත් සැලසුම් කීපයකට යොමුවීමට සිදුවෙයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු කාලයකි. තනතුරු ස්ථිරවීමකට වෙනුවෙන් ලිපි ලේඛනවල අත්සන් තැබීමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් අතරමග නවතා තිබූ පාඩම් වැඩ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදාකරයි. ගණිත අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ ලබාගත හැකි කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. සෙම් බහුල කාලයකි.

 

අය 07 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

මකර

තනතුරු ස්ථිරවීමක්

 

හදිසි මුදල් වැයවීම් වැඩිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ඔබේ කේන්දරයට අනුව 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර වෙහෙස ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අසල්වැසි මතභේදයකට තුඩුදෙන කරුණු කීපයක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇතිකරන සතියකි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ ගෙනදෙන කාලයකි.

අධ්‍යාපනය

විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්වීමට අවස්ථාව උදාකරයි. මඟහැරී තිබූ පාඩම් වැඩ කීපයක් සම්පූර්ණ කර ගැනීමට කටයුතු උදාකරන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් වැඩිකරන කාලයකි. මෙතෙක් මඟහැරී තිබූ අසනීප තත්ත්වයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. සුළු සුළු කැපීම් සීරීම් නිසා ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය හැකිය.

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

කුම්භ

ශාස්ත්‍රීය ජයග්‍රහණ

 

අමතර වෙහෙසීම් බහුල කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට ගතට සිතට සැනසිල්ල අඩුකරන බවක් පෙන්නුම් කරයි. එහෙත් ගේ දොර කටයුතු මෙන්ම දරුවන්ගේ කටයුතු උනන්දුවෙන් සිදුකරන බවක් පෙන්නුම් කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. පාලන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු ඉවසිල්ලෙන් සිදු කළ යුතු බවක් පෙනේ. රැකියාවේ දියුණුවක් දැකිය හැකි කාලයකි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තකින් විශේෂ ජයග්‍රහණ අත් කරයි. මෙතෙක් අතපසුවෙමින් පැවැති පාඩම් වැඩකටයුතු කීපයක් නැවත ආරම්භයට අවශ්‍ය කටයුතු සැලසේ. නව පාඨමාලා හැදෑරීමට අවස්ථාව සැලසෙන සතියකි.

සෞඛ්‍යය

යටපත් වූ උරහිස සම්බන්ධ ආබාධයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. සෙම් රෝග, උගුර අශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් ජලය සම්බන්ධ කටයුතුවලින් මෙන්ම කෑමෙන් බීමෙන්ද පරිස්සම් වන්න.

 

මීන

අතමිට මුදල් ඉතිරි වේ

 

වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස සතිය උදාකරයි. පවුලේ පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. අතමිට මුදල් ඉතිරි කර ගැනීමට මාර්ග පෑදේ.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට අවස්ථාව උදාකරයි. කණ්ඩායමක් සමඟ එකතු වී කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. විදෙස් රැකියාවකට ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාකරයි.

 

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. අධ්‍යාපනික ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්විය හැකි කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරයි. උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයක් බැවින් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. සුළු සුළු කැපීම් තැලීම් වැනි හදිසි අනතුරු තත්ත්ව ඇති විය හැකි බැවින් පරිස්සමින් කටයුතු කරන්න.

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.