දෙසැම්බර් මාසය ඔබේ ලග්නයට...

දෙසැම්බර් 1, 2023

 

මේෂ

විනෝදයෙන් කටයුතු කරයි

 

මේෂ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති කුජ මේ කාලය තුළ 8 සහ 9 වැනි භාවවල ගමන් කරයි. සිකුරු 7 සහ 8 වැන්නේ ද, රවි 8 සහ 9 වැන්නේද, බුධ 9 වැන්නේද ගුරු ලග්නගතව ද, රාහු 12 වැන්නේ ද සෙනසුරු 11 වැන්නේ ද ගෝචරය වෙමින් පවතී.

ගෘහ ජීවිතය

මේ කාලය තුළදී ඔබට ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලා කටයුතු කරන්න. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන කාලයකි. අතමිට සරු වුවත් වැයපස අධික වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ මෙතෙක් පැවැති වරප්‍රසාද කීපයක් මඟහැරී යන කාලයකි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ සිත් කලකිරීම් බහුල කරයි. ආයතන ප්‍රධානීන් සමඟ ගැටලුකාරී බවක් ඇති කර ගනී.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධව පැවැති ගැටලු කීපයක් මඟහැරී යන කාලයකි. පැවැති තරග විභාගයකින් ජය හිමිකරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන කාලයකි. කෑම බීමෙන් පරිස්සම්වීම වැදගත්ය. ආහාර අජීර්ණයක් ඇතිවිය හැකිය.

 

අය 07 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

 

වෘෂභ

වැඩිහිටියන්ගේ ප්‍රසාදය

වෘෂභ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු 6 සහ 7 වැනි භාවවල ගමන් කරයි. රවි සහ කුජ 7 සහ 8 වැන්නේ ද, බුධ 8 වැන්නේද සෙනසුරු 10 වැන්නේද, රාහු 11 වැන්නේ ද, ගුරු 12 වැන්නේ ද මේ කාලය තුළ ගමන් කරයි.

ගෘහ ජීවිතය

එඩිතර ලෙස තීරණ ගන්නා කාලයකි. පවුලේ කෙනකුගේ ගැටලුවක් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු සිදු කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ආගම දහමට ළැදිව කටයුතු කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සුබදායක බවක් පෙන්නුම් කරයි. පැවැති වගකීම් කීපයක් මඟහැරී යන බවක් පෙනේ. උසස් නිලධාරීන්ගේ ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. තනතුරු ස්ථිරවීමකට කරුණු ඇති කරයි.

අධ්‍යාපනය

පැවැති බාධාකාරී බව මඟහැරී යයි. උනන්දුව උද්‍යෝගයෙන් පාඩම් වැඩ කටයුතු සිදුකරන කාලයකි. ගුරු භවතුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් කාලයකි. පැවැති පාදයේ ආබාධයකින් සුවය ලැබීමට හේතු ඇති කරයි. එහෙත් වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

 

අය 06 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - සුදු

සුබ දවස - බදාදා

 

 

මිථුන

බාධා මඟ හැරේ

මිථුන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති මේ සතියේ 7 වැන්නේ ද, සිකුරු 5 හා 6 වැනි භාවවල ද, රවි, කුජ 6 සහ 7 වැන්නේ ද, ශනි 9 වැන්නේ ද රාහු 10 වැන්නේ ද, ගුරු 11 වැන්නේ ද තැන්පත්ව ඇත.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් මුදල් ගනුදෙනුවකට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. අමතර ලැබීම් වැඩි කරයි

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි වැඩිකරයි. එමෙන්ම රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අවිවේකී ලෙස රැකියාවේ කටයුතු සිදුකරන කාලයකි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. මෙතෙක් දුර්වලතා දැක්වූ විෂය කරුණු කීපයක් උනන්දුවෙන් සිදුකරන බවක් පෙනේ. නිතර පොත්පත් කටයුතු කෙරෙහි නියැළෙන කාලයකි. නායකත්ව වැඩ සටහන්වලදී කැපී පෙනෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ලේ විෂවීමක් හෝ හදිසි කැපීම් කෙටීම් වැනි අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් වන්න.

 

අය 07 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කොළ සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කටක

අතමිට සරුවෙයි

 

කටක ලග්න හිමි ඔබගේ ග්‍රහ ගෝචරය අනුව මේ කාලය තුළ සිකුරු 4 සහ 5 වැනි භාවවල ද, රවි සහ කුජ 5 වැන්නේ සහ 6 වැන්නේ ද බුධ 6 වැන්නේද ශනි ග්‍රහයා 8 වැන්නේ ද, රාහු 9 වැන්නේ ද ගුරු 10 වැන්නේ ද තැන්පත්ව ඇත.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතු ඉතා සැපෙන් සතුටින් ඉටුකර ගත හැකි කාලයකි. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වාහන ලාභයකට හිමිකම් ඇති කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ වගකීම් ඇති කරයි. මෙතෙක් උදාසීනව කරගෙන ගිය කටයුතු කීපයක් යළි උද්‍යෝගයකින් සිදුකරයි. අලුත් රැකියා බලාපොරොත්තු ඉටුකරන කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමෙන් විවිධ ජයග්‍රහණ අත්කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.

සෞඛ්‍යය

වරින්වර ඇතිකරන අතේ පයේ හිරිගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගනී. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි බවක් පෙන්නුම් කරයි.

 

අය 07 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස -

බ්‍රහස්පතින්දා

 

සිංහ

රැකියාවේ වරප්‍රසාද

 

සිංහ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති රවි මේ කාලය තුළ 4 සහ 5 වැනි භාවවල ගමන් කරයි. සිකුරු 3 සහ 4 වැන්නේ ද, කුජ 4 සහ 5 වැන්නේද, බුධ 5 වැන්නේද ශනි 7 වැන්නේ ද, රාහු 8 වැන්නේ ද ගුරු 09 වැන්නේ ද ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර සැනසිල්ල තරමක් දුරට අඩුකරන කාලයකි. නිතර සිතේ සැකයෙන් කටයුතු සිදුකරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු සිදුකරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

රැකියාව

වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ හිමිකම් පෙන්නුම් කරයි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක කාලයකි. රැකියාවේ විවිධ වරප්‍රසාද හිමිකරන කාලයකි.

අධ්‍යාපනය

තරග විභාගයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩිකරයි. එමෙන්ම තාක්ෂණික අංශයෙන් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවෙයි. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් මුදල් වැය වීමක් සිදු කරයි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සිය ඇතිකරන කටයුතු කීපයක් යෙදේ. වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. ඖෂධ භාවිතයේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. සුළු සුළු කැපීම් තැලීම් වැනි හදිසි අනතුරු තත්ත්ව ඇති විය හැකි බැවින් පරිස්සමින් කටයුතු කරන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි සුබ දවස - බදාදා

 

කන්‍යා

ප්‍රභූන් හා ඇසුරට

 

කන්‍යා ලග්න හිමි ඔබගේ ලග්නාධිපති බුධ 4 වැන්නේ ගමන් කරන අතර සිකුරු 2 සහ 3 වැනි භාවවල, රවි සහ කුජ 3 සහ 4 වැන්නේ ද, ශනි 6 වැන්නේ ද රාහු 7 වැන්නේ ද, ගුරු 8 වැන්නේ ද ගෝචරය වෙමින් පවතී.

ගෘහ ජීවිතය

අමතර වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදෙන කාලයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පැවැති උදාසීන ගති මඟහැරී යන කාලයකි. ප්‍රභූන් හා ඇසුරට අවස්ථා උදාකරයි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කිරීම වැදගත් වේ. නව ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු පිළිබඳ උනන්දුව අඩු වී යන කාලයකි. එමෙන්ම සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. තරග විභාග ජයග්‍රහණයකට හිමිකම් ඇති බවක් ද පෙනේ.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික පීඩාවලට ලක්කරන කාලයකි. එමෙන්ම හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවේ.

අය 08 වැය 06

ජය අංකය - 05

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

තුලා

පිනට දහමට ළැදි කාලයක්

 

තුලා ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු ලග්නයේ හා 2 වැන්නේ ද රවි කුජ 2 වැන්නේ හා 3 වැන්නේ ද බුධ 3 වැන්නේ ද, ශනි 5 වැන්නේ ද රාහු 6 වැන්නේ ද, ගුරු 7 වැන්නේ ද ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස කටයුතු උදාකරන කාලයකි. නිතර මනසට පීඩාකාරී ලෙස කටයුතු උදාකරයි. තැන්පත් ධනය වැයවෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම ජලය සම්බන්ධ රැකියා මාර්ගවලට වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. දුරබැහැර ප්‍රදේශවල රැකියාවේ කටයුතු කිරීමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විභාග කටයුතුවලින් තමා සිතූ තරම් ජයග්‍රහණ අත් නොකරයි. අතපසු වූ පාඩම් වැඩ කටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවේ.

සෞඛ්‍යය

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. පපුව ආශි‍්‍රත ආබාධයක් පපුවේ දැවිල්ලක් වැනි අසනීපයකින් පීඩා අත්කරන කාලයකි. නිතර සීතල ආහාර පාන වර්ග ගැනීමට උත්සාහ ගන්න.

 

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - සුදු

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික

අලුත් දේ ඉගෙනීමට අවස්ථාව

 

වෘශ්චික ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ලග්නස්ථානයේ හා දෙවැන්නේ ගමන් කරයි. සිකුරු 12 වැන්නේ හා ලග්නයේද, රවි ලග්නයේ සහ 02 වැන්නේ ද, බුධ 2 වැන්නේ ද ශනි 4 වැන්නේ ද, රාහු 5 වැන්නේ ද, ගුරු 6 වැන්නේ ද ගමන් කරයි.

ගෘහ ජීවිතය

දුර බැහැර පළාත්වලට යෑමට කටයුතු උදාකරයි. පදිංචිය පිළිබඳ ගැටලු මතු වීමට ඉඩ ඇති අතර ඒවා විසඳා ගැනීමට දැඩි වෙහෙසක් දැරිය යුතු කාලයක් බව පෙනේ. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු සැලසෙන කටයුතු කීපයක් යෙදෙන කාලයකි.

රැකියාව

රැකියාවේ පැවැති ගැටලු කීපයක් විසඳා ගැනීමට කටයුතු උදාකරයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ සිත් කලකිරීමක් සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩිකරයි. නිතර අලුත් අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. විශේෂ පාඨමාලාවකට අයදුම් කිරීමට කටයුතු සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

බෝවන රෝගයක් හේතුවෙන් පීඩා විඳින්න සිදුවේ. විශේෂයෙන් ඇස්වල ආබාධ මතුවිය හැකි කාලයකි. වෙනදාට වඩා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. උෂ්ණ ආහාර පාන වර්ග ගැනීමේදී ඉතා සැළකිලිමත් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

 

ධනු

ස්වයං රැකියාවලින් වාසි

ධනු ලග්න හිමි ඔබගේ ලග්නාධිපති 5 වැන්නේ ගමන් කරයි. රවි සහ කුජ 12 වැන්නේ හා ලග්නයේ ද බුධ ලග්නයේ ද ශනි 3 වැන්නේ ද රාහු 4 වැන්නේ ද සිකුරු 11 වැන්නේ ද හා 12 වැන්නේ ද ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන කටයුතු කීපයක් යෙදේ. පුණ්‍ය කටයුතුවලට සහභාගිවීමට දුර පළාතකට යාමට සිදුවේ. වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. ගෘහ ජීවිතයේ සුළු සුළු ගැටලු මතුවීමට ඉඩ ඇත.

රැකියාව

නිතර සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ලිපි ලේඛන ගැටලුවකටද මුහුණපෑමට සිදුවේ. රැකියාවේ වගකීම් බහුල වන කාලයකි. අලුත් ස්වයං රැකියා මාර්ගවලින් වැඩි ආදායමක් ඉපැයිය හැකිය.

අධ්‍යාපනය

අමතර ඉගෙනීම් කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරයි. අමතර දැනුම ලබාගත හැකි කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තදබල අපහසුතා ඇති නොකරයි. චර්මගත ආබාධයක් හිසේ සුළු තුවාලයක් ආදියෙන් පීඩා ඇතිකරයි. බෝවන රෝග වලින් පීඩා ඇති විය හැකි බැවින් ඉතා කල්පනාකාරී වන්න. ආහාර පාන පිළිබඳව ද සැලකිලිමත් වන්න.

 

අය 08 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කොළ සුබ දවස - බදාදා

 

 

මකර

තැන්පත් ධනය වැඩි වේ

මකර ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ශනි 2 වැන්නේ ද, රාහු 3 වැන්නේද, ගුරු 4 වැන්නේ ද, සිකුරු 10 සහ 11 වැනි භාවවල ද, රවි කුජ 11 වැන්නේ 12 වැන්නේ ද, බුධ 12 වැන්නේ ද ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අමතර වියදම් බහුල කරන කාලයක් වුවත් තැන්පත් ධනය තරකර ගැනීමට කටයුතු උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. රැකියා ස්ථිරවීම් බලාපොරොත්තු වන අයට යහපත් කාලයකි. පැවැති ගැටලුකාරී බව මඟහැරී යන කාලයකි. උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක්වන කරුණු කීපයක් සැලසේ.

අධ්‍යාපන

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. නාට්‍ය රංගකලා හදාරන අයට සුබදායක බවක් පෙන්නුම් කරයි. විශේෂ සම්මාන ලැබිය හැකි කාලයකි. අතර මඟ නතර කර දමා තිබූ උසස් අධ්‍යාපන කටයුත්තක් නැවත ආරම්භ කිරීමට කටයුතු යෙදේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට විවිධ බාධා පැන නැඟෙන කාලයකි. උගුර ආශි‍්‍රත ආබාධයකින් පීඩාවිඳීමට සිදුවේ. පපුවේ සෙම්ගතිය වැඩිකරන කාලයකි. ජලයෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවේ.

 

අය 07 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - සුදු

සුබ දවස - සිකුරාදා

 

 

කුම්භ

සමාජයෙන් ප්‍රශංසා

කුම්භ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ලග්නස්ථානයේ ගමන් කරයි. රාහු ග්‍රහයා මේ කාලය තුළ දී 02 වැන්නේ ද, ගුරු 3 වැන්නේ ද, සිකුරු 9 හා 10 වැනි භාවවල ද රවි, කුජ 10 සහ 11 වැන්නේ ද, බුධ 11 වැන්නේ ද ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන අතර, තමා ගැන ප්‍රශංසා ඇසීමට හැකිවන කාලයකි. වාහන හුවමාරුවකට හෝ අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ.

රැකියාව

අමතර රැකියා මාර්ග හිමිවුවත් ඒවා එතරම්දුරට සාර්ථක නොකරයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට කටයුතු උදාකරයි. පිරිස් පාලනයක් සම්බන්ධ රැකියාවකට සම්බන්ධවීමට හැකිවන කාලයකි.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. නිතර ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින් වර ගතට පීඩාකාරී බවක් අත් කරයි. සෙම් කෝපවීමෙන් හටගන්නා ආබාධවලින් පීඩා විඳීමට සිදුවේ. ජලයෙන් පරිස්සම්වීම වැදගත් කාලයකි. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

 

අය 08 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මීන

අමතර ලැබීම්

මීන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා 02 වැන්නේ ගමන් කරයි. රාහු ග්‍රහයා ලග්නයේද, සිකුරු 8 වැන්නේ සහ 9 වැන්නේද රවි කුජ 9 සහ 10 වැන්නේද, බුධ 10 වැන්නේද ශනි 12 වැන්නේද ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට සැනසිලිදායක ලෙස මේ කාලය තුළ කටයුතු සිදුකිරීමට හැකිවන බවක් පෙනේ. අමතර ලැබීම් සම්බන්ධ කටයුතු කීපයකට අත ගැසීමට හැකිවන කාලයකි. පොරොන්දු ගිවිසුමක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති රැකියා ස්ථිරවීමක් සිදුවන බවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන්ගේ ගැරහුමට ලක්වීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. විශේෂ තරග විභාගයකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි. උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි පවතින බාධා මඟහැරී යන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට අඩිතාලමක් දැමිය හැකි බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතා මතුකරන කාලයකි. වරින් වර අස්ථි අමාරු, ස්නායු අමාරු සෑදීමට ඉඩ ඇත. හදිසි සෞඛ්‍යය පරීක්ෂණවලට ද භාජනය වීමට සිදුවේ. සැඟවුණු පරම්පරාගත රෝගයක් යළි මතුවන ලකුණු පෙන්නුම් කළ හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිල්ලන් පසුවන්න.

 

අය 07 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි සුබ දවස - බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.